(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් ඊයේ (03) රැගෙන විත් විකුණා ගැනීමට නොහැකි වූ එළවළු ටොන් 50කට අධික ප්‍රමාණයක් වල් අලින්ගේ ආහාරය සඳහා දඹුල්ල දිගම්පතහ රජයේ රක්‍ෂිතයට ගෙන ගොස් දමා ඇත.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ ඊයේ (3) අලුයම් කාලයේ සිටම නගර සභාවේ සේවකයන් යොදවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි නොවී ගොඩගසා තිබූ එළවළු විශාල ප්‍රමාණයක් මෙසේ වල් අලින්ගේ කෑමට ගෙන ගොස් දැමූ බවය.
මෙසේ ඉවත දැමූ එළවළු බොහොමයක් පරිභෝජනයට ගත හැකි තත්ත්වයේ පැවති බවද ඔහු සඳහන් කළේය.
අලෙවි නොවීම නිසා මෙසේ ඉවත දැමූ එළවළු තොගයට තක්කාලි, වම්බටු, අමු මිරිස්, මාළු මිරිස්, වට්ටක්කා, කැකිරි, පිපික්‍ද්ක්‍දා, නෝකෝල් ආදිය ඇතුළත් විණ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබෙන අතර ගැනුම්කරුවන් හිඟවීමත් එළවළුවලට මිලක් නොමැතිවීමත් නිසා මෙසේ එළවළු ඉවත දැමීමට සිදුවී ඇත.
කෙසේවෙතත් බොහෝ ව්‍යාපාරිකයන් කියාසිටියේ පසුගිය දිනවල පැවති වර්ෂාපතනය නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවය.
ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කියා සිටියේ තම අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීම නිසා ඒවා අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවය. දවස පුරාම ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටියත් එළවළු අලෙවි නොවන නිසා ඒවා කුණු බක්කියට දමා හිස් අතින් නිවෙස්වලට යෑමට සිදුවී ඇති බවද ඔවුහු පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරෑවුල මහතා පැවසුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා මධ්‍යස්ථානය මෙන්ම නිලධාරීන්ද සිටියද එළවළු වගාකිරීමේ ක්‍රමවේදයක් නොමැතිවීම මේ තත්ත්වයට හේතු වී ඇති බවය. කෘෂිකර්ම උපදේශක කාර්යාලයක් පැවතියද එය තිබෙන්නේ නමට පමණක් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙම එළවළු සහ පලතුරු දඹුල්ල දිගම්පතහ රජයේ රක්‍ෂිතයට ගෙනැවිත් දමන ස්ථානයට ගොස් නිරීක්‍ෂණය කිරීමෙන් පසු කියා සිටියේ ඊයේ පමණක් එළවළු ටොන් 50ක් පමණ ඉවත් කළ බවය. ගොවීන්ට මේ දිනවල බරපතළ ප්‍රශ්න රැසකට මුහුණපාන්නට සිදුව තිබෙන බවත් ඉතා අඩු මුදලට අළෙවි කරනවාට වඩා සිය අස්වැන්න වන අලින්ට ලබාදීමට ඔවුන්ට සිදු වී තිබෙන බවත් ඔහු කීය.
මේ ස්ථානයට පැමිණි දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය දයන්ත වීරසේකර මහතා පැවැසුවේ වල් අලින්ගේ ආහාර රටාව වෙනස්වීම හේතුවෙන් මිනිසුන්ට වැළඳෙන අධිරුධිර පීඩනය සහ දියවැඩියාව ආදී රෝග වැළඳීමෙන් වල් අලින්ද විනාශ වීමේ තර්ජනයකට ලක් වන බවය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන එළවලු වලට වැඩිය තියෙන්නේ ප්ලාස්ටික් අනේ මෙහෙමත් දන් දීමක් ..!
අලින්ට පොලිතින් මලු පිටින්ම කන්න දානවා.......... අලි මැරෙන්නේ දියවැඩියාව හින්දා නෙමෙයි..වෙන හොයා ගන්න බැරි ලෙඩ වලින්..
මේ ප්ලාස්ටික් මලු එක්ක සතුන්ට දමාපු එක හරි වැරදියි. වනසත්ව අධිකාරීන් මොකද මේකට මොකුත් කරන්නේ නැත්තේ?
මේ අලි මේවා කාලා ගොවියෝ වවන එළවලු කන්න පුරුදු වෙනවා, අනික මේ මලු හා පොලිතීන් සමඟ එලවලු කාලා අලි මැරෙනවා, නිලධාරි නිදිද මේවා බලන්නේ නැද්ද?
මම හිතන්නේ මෙලෙස සිදුවන්නේ එකම තැනකට එලවලු වෙළඳාම කේන්ද්‍ර ගතවීම කියල. ගොවීන්ට තවත් මෙවැනි ස්ථාන කීපයක් දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඇතිකර දුම්රිය මගින් එලවලු අනෙක් ප්‍රදේශ වලට ගෙනයාමට ක්‍රමයක් ඇතිකළොත් ගොවීන්ටත් පාරිභෝගිකයාටත් සෙතක් සැලසේවි. එවිට නාස්තියත් නැතිවේවි.
මිනිස්සු කන්න නැතුව ඉන්නවා .......... මෙතන එලවලු ටොන් 50 විසි කරනවා.
මේ අලි ඇතුන් ගේ බඩට ප්ලාස්ටික් යෑම නිසා ඉක්මනින් මිය යනු ඇත
අනේ මන්දා කරන වැඩක් හරියට කරන්නේ නැතිකමයි මෙතන ප්‍රධානම ගැටලුව. ඔය ප්ලාසිටික් මලු අයින් කරලා දැම්මනම් නේද හොඳ.
දඹුල්ලේ ඉන්න බහුතරයක් අලි කන්නේ මේ පොලිතින් එක්ක තියෙන එළවලු. හරිම දුක හිතෙනවා. මිනිස්සු මේ තරම් පහත් තත්වයකට වැටිලා තිබීම ගැන.
මේක ජාතික අපරාදයක් පොලිතින් කාල අලි මැරෙනවා නේද ?
1970 - 80 දශකයේ රජය සතු ශීතකරණ ගබඩා රටේ විවිධ පළාත්වල තිබුණා . එම ගබඩා ප්‍රතිසංස්කරණය කලානම් මෙම ප්‍රශ්නයට සුළුවෙන් හෝ උපකාරයක් වියහැකිය.
පහුගිය රජය කාලේ අපට නිතර අහන්න ලැබුණේ "ජනාධිපති මන්දිරේ" දිගට හරහට දීපු "දන්සැල්" ගැන පමණයි ! දැන් ඒ දන්සැල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දක්වා දීර්ඝවීම ගැන ඒ පළාතේ ජීවත්වන අලින් එළවලු වගාකරන ගොවීන්ට හොඬවල් ඔසවා පින්දෙනවා නොඅනුමානයි ! එමෙන්ම අපි කන බොන විදියටම එම කෑම වර්ග අසුරනයන්ගෙන් ඉවත්කර බෙදා දුන්නොත් අලින්ට වැළදෙන අජීර්ණ, අධිරුධිර පීඩනය සහ දියවැඩියාව ආදී රෝග වැළඳීමෙන් වගේ රෝග වලින් ඔවුන් මිදෙනවා ඇත !