(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය.
මෙපමණ කලක් චරිත ඝාතනය කළ බවත් දැන් චරිත ඝාතනයෙන් එහා ගිය වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඇත්දැයි සැකයක් මතුවෙන බවත් ඔහු කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගෙ රැස්වීමක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද (3) පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි වර්තමාන ආණ්ඩුව ගෙදර යවලා රජ පුටුවේ ඉද ගන්නම තමා උත්සාහය... නැවත රාජපක්ෂ ආණ්ඩුවක් අාවොත් රට කරන එක කෙසේ වෙතත් කොනක ඉඳන් පළි ගන්න එක නම් කරනවා අනිවාර්යයෙන්..
මෙයාට තියෙන්නේ නායකත්ව භීතිකාව...
එහෙමද ආස, පිටපත ටිකක් බෝරිං වැඩි නැද්ද මන්දා "ජී එල් ඔබ කියන්න මට නායකත්වය බාර ගන්න කියලා.. ඊට පස්සේ මම කියන්නම් නායකත්වය බාර ගන්න සුදානම් කියලා " එහෙම නැතිව වටේ ඉන්න කට්ටිය දමලා මැද මුලන වලව්ව වටකරලා උද්ඝෝෂණයක් හරි, උපවාසයක් හරි කරලා මහින්ද මහත්තයා පොහොට්ටුවේ නායකකම බාරගත්තේ නැත්තම් අපි වැඩේ අත හරින්නේ නැහැ කියලා මීඩියා කට්ටිය වටකරගෙන සද්දේ දාන විදියට පිටපත ලිව්වා නම් වැඩේ මල් හතයි ආ...
මුලින් මුට්ටිය දාලා බලලා දැන් ඔළුවම දාන්නයි යන්නේ... ඒ වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත හරින්න සූදානම් නැහැ නේද? මෙච්චර කාලයක් පොහොට්ටු නායකත්වයට ප්‍රබල කෙනෙක් පත් නොකර අර පඬිතුමා දාගෙන හොයල බැලුවේ කොහාටද වැල ඇදෙන්නේ කියලනේ... ඒ වුණාට ඒ පැත්තට මැස්ස ගහලා හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව පොල්ලෙලි දාල ජනාධිපති වරණය තියා මහ මැතිවරණයක් දිනන එක නම් ලෙහෙසි වෙන්නේ නැහැ. එ්කනේ දැන් දෙමළ, මුස්ලිම් ප්‍රජාව එක්කත් සුහදතා හමු පවත්වන්නේ. උතුරු නැගෙනහිර එහෙම කරන අතරේ දකුණේ පන්සල්වල තවමත් සිංහල බෞද්ධ අඬ බෙරේ ගහගෙන යනවා. ඔය සේප්පඩ විජ්ජාව "මැරුණත් මහින්ද" කියන කට්ටිය ඇරුණාම රටේ බොහොම දෙනෙකුට තේරිලයි තියෙන්නේ...
වයස දැන් 73ක් නේද? අප්පට සිරි.. අන්තිම කාලේ ළං වුනාම කට්ටිය මෙහෙම තමයි. දෙවියන්ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! .
"මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! ලු " ඉන්න අය කරලා තමයි රටට කෙලවෙලා තිබෙන්නේ. මහින්ද මහත්තයෝ තමන්ගේම මිනිස්සු ගල් ගහන ලැහැස්ති වුණු වෙලාවේ පාරට තාර දාපු එකේ ප්‍රතිඵල තමයි මේ. මහින්ද රාජපක්ෂ මහතා නොසිටින්න යාපනේ යන්නත් වීසා ගන්න තිබුණා.
නායකත්වය බාර ගත්තට, ව්‍යවස්ථානුව ජනාධිපතිවරණයට තරඟ කරන්න බැහැනේ...
මහින්ද නෙවෙයි, රාජපක්ෂ නම ගැවුණු කවුරුවත් අපිට එපෝ....
දැන් ඔබතුමා විවේක ගන්න. බොහොම ස්තුති.
අනේද කියන්නේ, වැලේ වැල් නැතුවනේ හිටියේ. පොහොට්ටු වහල්ලු ටික නිසා යන්තම් හරි.
ඔන්න ගෙම්බා මල්ලෙන් එළියට පැන්නා..