(නිමල කොඩිතුවක්කු)
කැබිනට් අමාත්‍යවරයකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් ලක්ෂ 1500ක මුදලක් බැර වී ඇතැයි කියන සිද්දියට තමාගේ සම්බන්ධයක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් පරික්ෂණයක් සිදුකර අදාළ කැබිනට් අමාත්‍යවරයා කවුද කියා රටට හෙළි කළ යුතුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් අමාත්‍යවරයකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් ලක්ෂ 1500ක මුදලක් බැර වී ඇතැයි කියන සිද්දිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය. ඇමැතිවරයා එසේ කීවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙවැනි කරුණු වාර්ථා කිරීමේදී මාධ්‍ය මගින් නිසි පුද්ගලයාට ඇඟිල්ල දිගු නොකිරීමෙන් තව බොහෝ දෙනෙකු අමාරුවේ වැටෙන බවත් මේ නිසා මාධ්‍ය ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටගෙන ඉන්න පන නැති ..පිනට ඇමතිකමක් හම්බ වෙච්ච කෙනෙක්ගේ ගිණුමකට ගිහින් තියෙන්නේ.. සිංගප්පූරු ගිවිසුමෙන් රට විනාශ කරපු එකේ කොමිස් මුදල් ගැන කවර කතාද?...
ඔව්, ඒක වැදගත්. නිසි පුද්ගලයා සොයාගත යුතුයි. දුමින්දට හොඳ අනාගතයක් තියෙනවා. මේ සිද්ධියට ඔහු සම්බන්ධදැයි මම දන්නේ නැහැ. එහෙත් ඔහුට විරුද්ධවත් බරපතල චෝදනා තියෙනවා. ඒවා අපි කියන්න කැමති නැහැ. කරුණාකරලා අපි ඒවා හෙළිකරන්න කලින් එවැනි ගනුදෙනු වලින් ඔබ වැළකී ඉන්න එක ඔබටත්, ඔබේ අනාගතයටත්, රටටත් හොඳයි.
කාලා වරෙන්කො කිව්වලු... දියවන්නා ඔයේ ඉන්න මේ " තක්කඩි ගව රැල " සුදුපිරුවට ඇඳගෙන තොත්ත බබාලා වගේ මල්වට්ටි ඔලුවේ උඩ තබාගෙන හතර පෝයට අට සැරයක් සිල් ගනිමින් මොන තරම් ආත්ම වංචාවක්ද කරන්නේ? නොදකින් කවුරු වුණත් සහගහනවා.. රටේ මුල් පුරවැසියා අද කියලා තිබුණා දූෂණය නතර කරන්න ලෙහෙසි නැහැ කියලා.. ඔන්න අල්ලනවා නම් වැඩ. තව එක් කරුණක් මෙය කියන බොබිලත් ඉතින් විලි වහගන්න වස්ත්‍රයක් ඇඳගෙනද මේවා කියන්නේ? අර ගොඩනැගිල්ලේ හුටපටේ ගැන වචනයක් වත් කතා නැහැ නේද? තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැනත් කියන්නකෝ බලන්න... ලැජ්ජයි..
හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා තියෙන්නේ..!
රට නන්නත්තාර කළ දේශපාලකයින් මේ අයුරින් කුණුබක්කියට වැටෙන එකට අපි නම් කැමතියි..
සිද්ධියට තමාගේ සම්බන්ධයක් නොමැති නම් මේ ගැන සොයා බලන්න රහස් පොලිසියට දන්වන්න. එතකොට කවුද පුද්ගලයා කියල දැන ගන්න පුළුවන්.