(තිළිණි ද සිල්වා)
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ සීෂෙල්ස් දූපත් බලා පැමිණෙන බව එරට විදේශ සේවා කාර්යාලය අද (03) නිවේදනය කළේය.
ඒ අනුව ලබන 08 වැනිදා සිට 10 වැනිදා තෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට සංචාරයක නිරත වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඉහළ පෙළේ දූත පිරිසක්ද මෙම සංචාරයට එක්වීමට නියමිතය.
දෙරට අතර තානාපති සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් සී ෂෙල්ස් ජනාධිපති ඩැනී ෆුරේ මහතා කළ නිල ආරාධනයක් පිළිගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන බව එරට විදේශ සේවා කාර්යාලය කියා සිටී.
සී ෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ආරම්භ කර හෙටට (04) වසර 30 ක් සපිරෙන අතර 2013 වසරේ දී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා එහෙන් රට යනවා.. ජනාධිපතිතුමා එහෙන් රට යනවා.. හෙට අනිද්දා බලය නැති වෙන්න කලින් මේ ගොල්ලෝ රටවල් ටිකේ ඇවිදලා කරලා බලා ගන්නවද කොහෙද...? බලය තියන වෙලාවේ එහෙමවත් දෙයක් කර ගන්න ඕනනේ..
මෙයා වැඩියෙන්ම ඉන්නේ අහසේ...
දෙන්නම එකයි.. එක්කෝ ඉන්නවා නැතිනම් පිටරට....
තානාපති කාර්යාලයක් ඇති කෙරුවේ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගන්න තමයි. ඒකට අායේ රාජ්‍ය නායකයෝ එහේ දුවන්න ඕනෑ නැහැ. එහි තානාපති කාර්යාලයේ නිලධාරින්ගෙන් ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.. ශී ෂෙල්ස් තනාපති වෙලාම යන්න තිබුණා. ඇත්තම කතාව සමහරවිට අපේ මහා රජ්ජුරුවන්ට වගේ ශී ෂෙල්ෂ්වල බැංකු ගිණුමක් අරඹන්න හිතිලද දන්නේ නැහැ...
මෙයා විතරක් නොවේ අරයත් නිතරම උඩම තමා ඉන්නේ මෙයා... අපි මේ දෙන්නටම මෙහෙම යෝජනා කරමු මොකද දෙන්නටම පහසුයිනේ. දෙන්නගේම ඇදුම් කෑලිටික ගුවන්තොටුපලේ පෙට්ටියක දාලා තිබ්බනම් ඇදුම් කෑලි කරගහගෙන යන්න ඕනේ නැහැනේ. එතැනින්ම ගත්ත ඇඳුම් කෑලි ටික ගියා අහස් යාත්‍රාවට...
කෙහෙල් කොලේ බත් ගෙදරින් ගෙනත් කනවා... කියූ පොර නේද මේ සතියට තුන් පාරක් රට සවාරි ගහන්නේ. සවාරි ගහනවා .... තව මාස කීයද? කකුළුවා යන්නේ කෙලින් නේද? හැබැයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි අපේ රීරි මාංස උරාගෙන බීලා මේ ආත්මේ සුර සැප විඳින අයට ආත්ම අසංඛයක් ගෙව්වත් ඔය ණය ගෙවා නිම කරන්න බැරි බව...
ඔවා දෙනු පරහට.... තමන් සම්මතෙහි පිහිටා සිට.... දුසිරිත් දනන් දෙන... ඔවා වැද්දන් දෙසන බණ වැනි.. කියලා ලෝකෝපකාරයේ සඳහන් වෙලා තියෙන්නේ මෙයා ගැනම වෙන්න ඕනෑ...
ඔය ගමනේදී ජනවාරි 15 දවස්වල මිහින් ලංකා යානයක් පුරවාගෙන සී ෂෙල්ස් වලට අරගෙන ගියේ මොනවාද? එහෙ ලංකා බැංකු ශාඛාවක් ඇරියේ මොකටද කියලා අහල බැලුවොත් වටිනවා.
සීෂෙල්ස් යන්නේ කලුසල්ලි සුදුකරන්න කියලයි මම නම් අහලා තියෙන්නේ...
අනේ අම්මපා තව රටවල් කීයක් විතර තියෙනවද සංචාරය කරන්න? ගහමුද ප්ලෑනක් ඉතුරු රටවල් ටිකත් කවර් කරන්න. අහසේ මාලිගාවක් හදලා නවතින්න බැරිද ඉතුරු ටික කාලෙට..?
සිෂේල් වලින් රටට තියෙන වාසිය මොකක්ද ?
සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා වැසියන් සිටින්නේ 150 ක් පමණ බව ඔබ දන්නවාද? මහින්දට තව කෙනෙකුගේ නමින් එම රටේ සුඛෝපබෝගි මන්දිරයක් සහිත දිවයිනක් තිබෙන බව මෛත්‍රි දන්නවද? MR ගේ කාලේ BOC ශාඛාවක් එහි විවෘත කරනකොට ලංකාවේ අය 98 දෙනෙක් පමණක් සිටි බව කී දෙනෙක් දන්නවාද? මහින්ද සල්ලි රට යවපු තව හොර මාර්ගයක් වුනේ මේ සීෂෙල්ස් BOC එකයි. මිහින්ලංකා වලින් දාපු සීෂෙල්ස් ෆ්ලයිට්වල 25%ක් වත් සෙනඟ හිටියේ නැහැ.