(හසිත රංග ගුණතිලක)
පොලිස්පතිවරයා භාවනා කරද්දී අපරාධ රැල්ලක් රටපුරා වර්ධනය වී ඇතැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා අද (03) පැවැසීය.
පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතු බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය මීට වසර තුනකට පෙර සිටම තම සංවිධානය කී බවද දොළවත්ත මහතා කීය.
මෙරට අපරාධ රැල්ලක් නිර්මාණය කිරීමේ පුරෝගාමියා වත්මන් පොලිස්පතිවරයා බවද පොලිස්පතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කර ඇති බවද නීතිඥවරයා කීය.
2017 වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මිනීමැරුම් 297 ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 දක්වා වූ කාලය තුළ මිනීමැරුම් 327 ක් වාර්තා වන බවද දොළවත්ත මහතා කීය.
කොළඹ මහජන පුස්තකාලයේ අද (03) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රේම්නාත් දොළවත්ත මහතා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාවනා කරන එක වරදක්ද. බුදුන් වහන්සේ නිවන් අවබෝධ කරගත්තේ භාවනාව තුලින්
ලංකාවේ සියලුම වැරැදි වැඩ වෙන්නේ මෙහෙමනේ... කතා කරන්නේ කටින්ද?
රටේ අපරාධ රැල්ල උග්‍ර වෙලා තියෙන එක ගැන පොලිස් ලොක්කාට කෙලින්ම චෝදනා කරන්න බැහැ. අපරාධකාරයන්ගෙන් වැඩිහරියකට දේශපාලුවන්ගේ උදව්ව තියනවා. කුඩු මුදලාලිලාටත් ඒ වගේම තමයි. අපරාධ රාශියකට ප්‍රාදේශීය දේශපාලුවන් සම්බන්දයි. ඔබලාගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවම ඒක සත්‍ය ගවේෂණයක් වෙන්නේ නැහැ. රටම විනාස කෙරුවේ දේශපාලුවෝ. මහත්තයෝ, අසත්‍යයේ ගැලී ඉඳගෙන සත්‍යය ගවේෂණය කරන්න බැහැ.
භාවනා කිරීම යන්න ඇතැම් දෙනාට හාස්‍යයට කරුණක් වුවත් එය ඉතා හොඳ දෙයක්. නීති ක්ෂේත්රයේ සමහර දෙනාට භාවනා කිරීමට නොහැකි වනුයේ ඔවුන් තර්කය මත පමණක් පිහිටා ඒ තුලින් සමාජ සාධාරණයට පිළියම් සොයනා බැවිනි. එහෙත්, තර්කය සැමවිටම සත්‍යය නොවන බව ප්‍රඥාවන්තයෝ දනිති. පොලිස්පති වරයෙකු භාවනා කරනවා යයි ඇසීමම සතුටට කරුණකි. වැරදි අඩුපාඩු ඔහුගේ තිබෙනවා නම් ඒවා නිවැරදි කරවා ගත යුතුවා සේම මෙතෙක් කල් ඔහු කල සේවයට තුති පිදීමද සිදුවිය යුත්තකි. ඔහු වැරදි කොට තිබේ නම් ඒවාට නිසි ක්‍රමවේදයකට ක්‍රියාකොට පොලිස් සේවයේ ගෞරවය ආරක්ෂා කල යුතුය. නිලධාරීන් වැරදි කරන එකම රට මෙය පමණක් නොවේ.
එතකොට නීතිඥ මහත්තයො ඔයාලා මොනවද කරන්න ඕන? ඔය අත්අඩංගුවට ගන්නා ඕනම පාතාල ලොක්කෙකුට ඉක්මනින්ම ඇප පිට එළියට එන්න නීතිඥ මහත්තුරු පෙනී ඉන්නෙ නැද්ද? නීතිඥ මහත්තුරු නඩු කල් අදින හින්දා කොච්චර මිනිස්සු පීඩාවට පත් වෙනවද? ඇයි මේ අනුන්ගේ කෙන්ද පෙන්වලා තමන්ගේ පරාලේ වහන්නේ?