පකිස්ථානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන 18කට ඔවුන්ගේ මෙහෙයුම් නවත්වා දින 60ක් ඇතුළත රටින් පිටත්විය යුතු බවට පකිස්ථාන රජය නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් එම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා මාස 6කට පසු නැවත අයදුම් කළ හැකි බව දන්වා ඇත.
2007 වසරේ ද මෙලෙසම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට පකිස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නද බටහිර රටවල මැදිහත් වීම හේතුවෙන් එම තීරණය වෙනස් කිරීමට පකිස්යථානයට සිදුවිය.
මෙම තීරණය සම්බන්ධව පකිස්ථානයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සිය කණගාටුව පළකර ඇති අතර ඔවුන් පවසන්නේ පකිස්ථානයේ අසරණ වූ දරුවන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවට තමන්ගේ පිහිට නොලැබී යනු ඇති බවයි.
මෙය පකිස්ථානයේ සිවිල් සමාජයට එල්ල වෙමින් පවතින ප්‍රහාර වල කොටසක් බවද ඔවුහු තවදුරටත් සඳහන් කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රාජ්‍ය නොවන සංවිධාන හැම රටකටම වසංගතයකි. ඒ අයට විරුද්ධවීමට අපේ රටේ ආණ්ඩුවට කොන්දක් නැත.
ඔය වගේ සන්විධාන එලවන්න ඕනෙ මොන රටේ වුනත්. ගොඩක් මේ එන්.ජී.ඕ. කාරයින් රටේ අනවශ්‍ය දේවලට අතගහලා රටවල් අවුල් කරන එක... ලංකාවේ යුද්ධය වුණත් එදා ඉවර කරන්න අමාරු වුනේ මේ සංවිධාන තමයි. නමුත් කොහොමහරි එන්.ජී.ඕ. ටික එලෙව්වට පස්සේ උතුරෙ යුද්ධයත් ඉවර කරගන්න පුළුවන් වුණා. මේ සංවිධානවලට රටක ප්‍රශ්න තියෙනවා නම් මල්ල කරේ. පොඩි ප්‍රශ්න වුනත් මෙයාලා ලොකු කරලා ගන්න දක්ෂයෝ...
ඔන්න රටක් හදන්න පළමු පියවර. අපේ රටේ ඕක කරන්න කොන්ද පන ඇති කෙනෙක් ඉන්නවාද?
ඔයවගේ මෙහෙත් කලොත් රටේ ප්‍රශ්න වලින් 50% ක් වත් අඩුකරගන්න පුළුවන්. එන් ජි ඕ කියන්නේ ලෝකෙටම විනාශය ලඟා කරන සුව නොකළැකි පිළිකාවක්.