(මනෝප‍්‍රිය ගුණසේකර)
මීරීගම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති පරණ යකඩ තොගයක් ලබාදෙන බව පවසා නීතීය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා රවටා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කරන ලදැයි චෝදනා ලැබ සිටින විත්තිකරුවන්ට ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (04) සිතාසි නිකුත් කළේය.
එලෙස සිතාසි නිකුත් කරන ලද්දේ සමාගමක අලෙවි නියෝජිතයින් ලෙස කටයුතු කළ බව කියන චන්න ලක්‍ෂ්මන් බණ්ඩාර එස්. ජයකුමාර් සහ චමිල උපෙන්ද්‍ර නමැත්තන්ටය.
2001 පෙබරවාරී මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මීරීගම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති පරණ යකඩ තොගයක් ලබාදෙන බව පවසා නලීන් බණ්ඩාර මහතා රවටා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නලීන් බණ්ඩාර මහතාට ඔච්චර සල්ලියක් කොහෙන්ද...?
අනේ මන්ද ... බාලාංශයේ දරුවෝ නම් ඉතින් රැවටෙනවා ඕනෑම දේකට ... එත් ඉතින් මේ වගේ කට්ට කයිරාටික බාලාංශයේ දරුවොත් රැවටෙනවා කියනකොටත් දෙකොනෙන් යන හිනාවනම් නැවැත්තිලි බොරු...
පවු අනේ
රුපියල් මිලියන 21ක මුදලක් නලින් බණ්ඩාර දේශපාලනයෙන් හොයාගත්තේ කොහොමද කියල හොයන්න ඕනේ. මෙයාල දේශපාලනේ කරන්නේ රට හදන්න නෙමෙයි. බිස්නස් කරන්න
අලුත් ඇමතිවරයෙක් පරණ යකඩ වංචාවකට අසුවෙලා. ඕවා කරන්න පුහුණුව තවම මදි.