සුජිත් හේවාජුලිගේ
දුෂණය,වංචාව හා නාස්තිය නිධන් ගතවී ඇති හෙයින් මේ රටින් ඒ රකුසන් ඉවත් කිරිම හිතන තරම් ලෙහෙසි පහසු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
දුෂණය, නාස්තිය පිටු දැකීම ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් කිරිම වැදගත් යැයි ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී අද (3) උදේ පැවති 28 වැනි සමත දින ජාතික උත්සවයේ දීය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වසර තුනකට පෙර ඔබතුමා දූෂණ, වංචාවලට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගනීවි යැයි සියල්ලෝම බලාපොරොත්තු වුණා. දැන්නම් ඒ බලාපොරොත්තු සුන්වෙලා. දැන් කාගේත් බලාපොරොත්තුව ලංකාව ඔබතුමාගෙන් ගලවා ගැනීමයි.
ඔබතුමා පත්වෙනකොට එහෙම කිව්වේ නැහැනේ? අමතකද?
ලේසි නෑ කියකියා ඉඳලා හරියන්නේ නෑ. දැන් අවුරුදු තුනකට කිට්ටුයි. මෙච්චරකල් මොනවද කලේ...?
විදුලි මාෆියාව තුරන් කළොත් රටේ නිෂ්පාදන අවස්ථා වැඩිවී ආයෝජන හා රැකියා අවස්ථා වැඩි වන බව ජනපති ඇතුළු දේශපාලකයින්ට නොපෙනීයාම අභාග්‍යයක්...
අපේ රටේ මුල් පුරවැසිය මෙසේ පැවසීම කනගාටුවට කරුණකි. මොකද මොහු රටේ සියලුම පුරවැසියන්ව නොමග යවා ඇති බව ඉතාමත්ම හොදින් පැහැදිලි වන්නේය.එසේ අප පවසන්නේ මොහු බලය ලබාගත්තේ ඔය කියන දුෂණය ද මොකක්ද අටමගලේ නැති කරනවා, තුරන් කරනවා කියා " අඩු පොළොවේ හප්පා කෑ මොරගසමින් " නොවේද ??? එසේ එම බලය ලබාගෙන වැඩි දුරක් යාමටත් පෙර මහා බැංකුවට ඇඩ්රස් නැතිවෙන්නම දුන්නේ මුල් පුරවැසිය ප්රමුඛ මහජන නියෝජිතයන් නොවේ ද ???
හිතහිතා ඉන්නේ නැතිව... ක්‍රියා කළා නම් මෙලහකටත් අඩු වෙලා. වැරදි කරන අයට දැඩි දඬුවම් දෙන්න පැකිලෙන්න එපා. එකෙක් දෙන්නෙක්ට රිදෙන්න දුන්නා නම් අනෙක් අය පාඩමක් ඉගෙන ගනීවි. සංහිඳියාවෙත් සීමාවක් තිබිය යුතුයි. තමන්ට කළ හැකි දේ අවබෝධ කර ගත යුතුයි.