(නාලක සංජීව දහනායක)
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට භාරදී වසරක් ගතව ඇතත් ආණ්ඩුව මේවනතුරු කිසිඳු නීතිමය පියවරක් ගෙන නැති බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද (03) පැවසීය.
එමෙන්ම පර්පචුවල් ටේරෂරීස් ආයතනයෙන් මුදල් ලබාගත් ආණ්ඩුවේ මැති ඇමතිවරුවන්ගේ නාම ලේඛන මේ දක්වා හෙළිදරව් කර නැතැයිද කී මන්ත‍්‍රීවරයා එම චෝදනාවන්ට ලක්වූ දයාසිරි ජයසේකර හා රවී කරුණානායක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නැවතත් ඇමතිධූර පිරිනැමීමටද ආණ්ඩුව සූදානම්වන බවද අලූත්ගමගේ මහතා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
ඉතාම නුදුරේදී ඇමරිකානු ඩොලරය රුපියල් 200 දක්වා ඉහළයෑමේ අවධානමක් ඇතැයි මහබැංකු අධිපතිවරයාද සඳහන් කර ඇතැයි කී මන්ත‍්‍රීවරයා ඒ හේතුවෙන් ජීවන වියදම ඉහළ යෑමෙන් ජනතාව තවත් දුෂ්කරතාවයන්ට පත්වනු ඇතැයි ද කීය. එමෙන්ම මේ වනවිට රටේ විදේශ සංචිතය ප‍්‍රමාණවත් වන්නේ ණය ගෙවීම සඳහා පමණක් බව ද සඳහන් කළේය.
ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම නිසා මේ තත්ත්වය ඇතිවූ බවට ආණ්ඩුව පැවසුවද මෙරට ආර්ථිකය කඩාවැටීමට මූලිකම හේතුව බැඳුම්කර වංචාව යැයිද කීය.
මහ බැංකු බැඳුම්කර වංචාව නිසාවෙන් බැංකු පොළී අනුපාතය සියයට 3 දක්වා ඉහළ ගොස් තිබෙන අතර මහබැංකු බැඳුම්කර මංකොල්ලය නිසාවෙන් රටට රුපියල් ටි‍්‍රලියනයක පාඩුවක් සිදුව තිබෙන බවද පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කලින්ම මෙයාව හිරේ දාල ඉමු.. ඊට පස්සේ මේ ආණ්ඩුවේ අයව හිරේ දාමු. මොකද මෙයා සිංගර් සමාගමේ ලිපිකරුවෙක් නේද? කෝටි ගණන් වල ඉඩම් ගත්තේ, ගෙවල් හැදුවේ කොහොමද කියලා මුලින්ම බලන්න ඕනෑ නේද? මෙයා වීදුරු ගෙයක ඉඳලා ගල් ගහන්නේ...