(අම්බලන්තොට සනත් ගමගේ)
අම්බලන්තොට, වලවවත්ත නිවසකට 02වනදා රාත්‍රි කඩාවැදුණු හය දෙනකුගෙන් යුත් පිරිසක් නිවසට වෙඩි තබා නිවැසියන් බියකර නිවසේ සිටි 17 හැවිරිදි තරුණියක බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව ඇගේ මවුපියන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.
අලුයම 2.30ට පමණ නිවසට ඇතුළු වූ මේ පිරිස අත ගිනි අවි හා කැපෙන ආයුධ තිබූ බව ද පැමිණිල්ලේ සඳහන් වී ඇති බව පොලිසිය කියයි. නිවසට ඇතුළු වූ පිරිස ගෙහිමියාට ගිනි අවිය පෙන්වා බිය කර වැඩි මහල් දියණියගේත් ගෙලට තියුණු ආයුධයක් තබා බිය කර 17 හැවිරිදි තරුණිය සිටි කාමරයට ගොස් ඇය පැහැරගෙන ගිය බව පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන අම්බලන්තොට පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී. එදිරිසිංහ මහතා පැවසුවේ මත් කුඩුවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයකුගේ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුවී ඇති බව මූලික පරීක්‍ෂණවලින් හෙළි වී ඇති බවය. සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටටම අදාළ ප්‍රශ්නයක්. ඇහැට කනට පේන ඕනෑම ගැහැණු දරුවෙක්ට කුඩු කාරයෙක්ගේ මැරයෙක්ගේ හිත ගියොත් මේ දේ වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. ගෙදරවත් ආරක්ෂාවක් නෑ. ජනතාව එකාවගේ සහය වෙන්න ඕන මේ ළමයව හොයා ගන්න. කුඩු ගංජා ගහන එවුන්ට ගිය රටක් නෙමේ මේක. කුඩු ගංජා ගහන මැරයන්ව සහ ඔවුන්ට සහය දෙන ඕනෑම කෙනෙක්ට විරුද්ධව තරා තිරම නොබලා ජනතාව නැගී සිටින්න ඕන. නැත්නම් අපෙ වර්තමානේ අපේ අනාගතේ අනතුරේ.
පොලිසියේ මහතුන් වෙත, මේ සිද්දිය සුළු කොට ගන්න එපා , මෙවැනි දේවල් ආයේ නොවෙන්න වැඩ කරන්න, පොලිසිය ගැන ජනතාවට කිසිම පැහැදීමක් නැත. මේ වගේ දේවල් වෙනවා කියන්නේ නීතියේ පිරිහීම නොවෙයිද.?
රජයේ ඇමතිලාට අනුව අපරාධ අඩුවී ඇත. රාජපක්ෂ සමයට වඩා අඩුය. නමුත් මේ දින වල රටේ සෑම ප්‍රදේශයකින්ම මෙවන් වූ පැහැර ගැනීම් සහ මිනි මැරුම් අසන්නට ලැබේ. මොවුන් මෙය පවසන්නේ කුමන වූ සංඛ්‍යා ලේඛන වලින්ද යන්න විමසා බැලිය යුතුවේ. නැතහොත් දෙමව්පියන්ට දරුවන්, මව්වරුන්ට සහ පියවරුන්ට පාරේ බැහැල යන්න බැරි වෙත්දීත්, සංඛ්‍යාන ලේඛන අනුව රාජපක්ෂ යුගයට අනුව අඩුයි කියමින් ඉන්න සිදුවනු ඇත.
මේක හරියට තමිල්නාඩුවේ දෙමළ චිත්‍රපටියක දර්ෂණයක් වගේ. ලංකාවේ මිනිස්සු නිදහස ලබලා අවුරුදු 70 කට පස්සේ රට අරගෙන ගිහිල්ලා තියෙන තැන තමයී මේ. මේකට දේශපාලකයන්ටයි පොලිසියටයි වගකීම පටවලා අපි කාටවත් අත පිහද ගන්නවත් නිදහස් වෙන්නවත් බැහැ. අපි හැමෝම මේ අඩු වැඩි වශයෙන් මේ මල් වට්ටියට අත ගහලා තියනවා.
ඇප ලබා එලියට ඇවිල්ලත් එම අපරාදයම නැවත කරනවානම් තව කුමන කතාද , යල්පැනගිය දඩුවම් ක්‍රම නිසා අපරාධකාරයෝ දේශපාලකයන් හා එක්වී නීතිය නවන කොට වයස 3 ත් 21 අතර දරුවන් කෙසේනම් රැක ගන්නද ?
මෙවැනි සිද්ධි වලට ප්‍රධාන හේතුව තමයි නීතියට බය නැතිකම. නීතිය හැල්ලු වෙලා තියෙන්නේ. මෙවැනි අපරාධ කරන අය දන්නවා පොලිස් අත්අඩංගුවට පත් උනත්, මොනවා කලත් කෙටි කලකින් ඇප ගන්න පුළුවන් බව. නඩුව නීතිපතිට යොමු කරලා උපදෙස් ගන්න අවුරුදු 2-3ක් යනවා, මහාධිකරණයේ අධි චෝදනා දීලා අවුරුදු 10-15ක් නඩු අහනවා. අන්තිමේ තීන්දුව දෙනකොට සැකකරු රටෙත් නෑ. එහෙම සිද්ධි කොච්චර තියෙනවද ?
මේ වගේම තත්වයක් සිංගප්පුරුව නිර්මානයවුන මුල් අවධියේදී සිදුවුනා. මහා දවල් මොටර්සයිකල් වලින් පැමිණෙන චීන හැඩය ඇති තරුණයින් පිරිසක් ලස්සන තරුණියන්ව පැහැරගෙනගොස් දුෂණය කිරීමයි සිදුවුනේ. මෙය අන්තිමේදී නීතියේ පරිධිය තුල නිරාකරණය කිරීමට නොහැකි තත්වයක් දක්වාම පැතිර ගියේය. මන්දයත් වැරදි කරුවෝ දඬුවම්ලබා නැවත සමජයටවිත් ඒ වැරැද්දම නැවත කිරීමයි සිදුවුනේ. අවසානයේදී ලි ක්වාන් යු අගමැති තුමා එතුමාට ඉතාමත්ම හිතවත් පොලිස් නිලධාරියෙකු පත්කොට " ඔහුට අවශ්‍ය ලෙස " මේ ප්‍රශ්නය නිරාකරණය කරන ලෙස උපදෙස් දුන්නේය.
රජය මේවට යමක් කරන්නේ මහජනයාගෙන් එන බලකිරීම් මත නැතිනම් ඒ අයට මේවා සුළු දේවල් ඒ නිසා රජයට දැනෙන්න කලහැකි එකම දේ විදෙස්වල දුක් විඳිමින් හොයන මුදල් මාස 6ක් නොයවා සිටීම... අන්න එතකොට රජය මහජනයාගේ අවශ්‍ය දේවල් ගැන සොයා බලාවි. එක්වන්න සැවොම ලංකාවේ ඉන්න අයට කියන්න මොන විදිහට හරි මේ මාස කිහිපය වේලක් කළා හරි ජීවත්වෙන්න.
ඉන්දියන් සාගරයේ මුතු ඇටයට වෙච්ච දෙයක්?
රටේ නීතිය සැමටම සමාන නොවන රටේ හෙට වෙනකොට වයස අසූවක ආච්චිව පැහැරගෙන ගියත් පුදුම විය යුතු නැත...
මේ තරම් දියුණු දුරකථන පද්ධතියක් අැති රටක මෙවැනි දෙයක් සිදුවූයේ කෙසේද? මෙතරම් දෙයක් සිදුවන තෙක් කෙනෙකුට මෙය පොලිසියට දැනුම් දෙන්නට බැරිවූයේ මන්ද? මහජන ආරක්ෂාව රජයේ වගකීමක් බැවින් මෙවැනි දේට වගකිව යුත්තේ මේ දුර්වල රජයයි. මා සිතන්නේ අපරාධ බහුල ප්‍රදේශවල පොලිස්ස්ථාන ගණන වැඩි කළයුතුයි.
මගේ මව් රට ලංකාව වුණත් සාරුවා සුනිල්ලා, පෙම්වතා මරලා ඒ විදේශීය තරුණිය අතවරයකට ලක්කරපු දවසේ ඉඳන් මගේ දරුවෝ ලංකාවට නිවාඩුවකට එන එක ගැන කතා කරන්නේ නැහැ. අපි ඒ වෙනුවට යන්නේ ලංකාව වගේ මුහුදු වෙරළවල් තියෙන වෙනත් රටවලට. ඩොමිනිකන් රිපබ්ලික්, හවායි, බාලි වගේ වසරේ පවුලේ නිවාඩු දෙකකට අපි වියදම් කරන මුළු මුදලම ලංකාවේ විදේශීය අාදායම්වලට එකතු වෙන්න තිබුණු මුදල්... අපි වගේ පවුල් කොච්චරක්, විදේශිකයෝ කොයි තරම් ප්‍රමාණයක් ඔය විදිහට හිතලා ලංකාවට නොගිහින් ඉන්නවා ඇත්ද?
මේ රටේ දැන් වැඩියෙන්ම අපරාධ සිදුවෙන්නේ දකුණු පළාතේ.
නීතියට ජනතාව බිය යුතුවේ .... එම බිය වීම ඇතිවෙන්නේ නීති රීති පැනවීමෙන් පමණක් නොවේ.... එය 10% කි. නීතිය ක්‍රියාකරවීම දුෂ්කර 90%ක් වේ.... එයට හේතුව අපේ සමාජයේ නීතිය ක්‍රියාකෙරෙන්නේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව බව රහසක් නොවෙන නිසයි. එනිසා නීතිය හෑල්ලුවට ලක්වී බරපතල අපරාද, වංචා, දුෂණ, රැවටීම් වල අඩුවක් නැත. මෙම චක්‍රය බිඳවීමට මම හිතන්නේ 2020 දී සම්පුර්ණයෙන් අලුත් මගකට අප යා යුතුයි. අප කවුරුත් නාගානන්ද මහතාගේ දේශන වලට අවධාරණයෙන් සවන් දීමෙන් ඔහුගේ වැඩ පිළිවෙල අධ්‍යනය කල හැක.