(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 10 මුදල් සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක ට නිසි පරීක්ෂණයක් සිදු නොකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලූ එම අංශයේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට අද (3) සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ව්‍යාපාරිකයාගේ එම පැමිණිල්ල සටහන් කළ පොලිස් කොස්තාපල්ගේ ද වැඩ තහනම් කර ඇති බව යාපනය උසස් පොලිස් නිලධාරියෙක් කීය.
උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝග පරිදි මෙම ස්ථාන මැරුවීම් සහ වැඩතහනම් කිරීම් සිදුකර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd