(ඩයනා උදයංගනී)
පොලිස්පතිවරයා ඉවත් කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගනු ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයා ඉවත් කළ යුතු නම් ඒ වෙනුවෙන් ක‍්‍රියාමාර්ග ගත යුත්තේ පොලිස්පතිවරයා පත් කළ ව්‍යවස්ථාදායක සභාව හරහාම බව කී අමාත්‍යවරයා රජය දැනට පොලිස්පතිවරයා ඉවත් කිරීමේ කිසිඳු තීන්දුවක් ගෙන නැතැයි ද සඳහන් කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ගැටලූ ඇති නමුත් ඔහුගේ නිල කාලය තුළ අපරාධ අඩුවීම සම්බන්ධයෙන් ද සළකා බැලිය යුතු බව ඇමතිවරයා කීවේය.
පොලීසිය තිබෙනවාට වඩා යහපත් ආකාරයෙන් ප‍්‍රතිසංවිධානය විය යුතු බවත්, අපරාධ සංඛ්‍යාත්මකව අඩු වී ඇති නමුත් නිරන්තරයෙන් අපරාධ සිදුවීම වැළැක්වීමටට ඉදිරියේදී තවත් පියවර ගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසූයේ යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පක්‍ෂ මත නොමැති බවත්, ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධව කැබිනට් රැුස්වීමේදී කිසිවෙකුත් අදහස් නොදැක්වූ බවත්ය.
ව්‍යවස්ථා දායක සභාවෙන් එම තීන්දුව ගැනීමට අවශ්‍ය වුවත් මෙතෙක් එම සභාවට සාමාජිකයින් පත් කර නැහැ නේද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ එයට ඉක්මනින් සාමාජිකයන් පත්කිරීම සිදුවනු ඇති බවයි.
උතුරේ ආවා කල්ලිය පාලනයට හා මත්ද්‍රව්‍ය පාලනයට අවශ්‍ය බලතල හමුදාවට දෙන්නැයි කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙහිදී ප‍්‍රශ්න කළ අතර එහිදී රාජිත සේනාරත්න මහතා පැවසුවේ පොලීසිය සතු ශක්තිය ප‍්‍රමාණවත් නොවන අවස්ථාවකදී හමුදාව කැඳවිය හැකි වුවත්, එසේ නොවන අවස්ථාවල ගෙන්වා රතුපස්වල වැනි සිද්ධීන් ඇතිකිරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවයි.
සඳහන් කෙරෙන තරම් ප‍්‍රශ්න උතුරේ නැතැයි ද ඇමතිවරයා කීවේය. මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ පාසලකින් මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ඇති චෝදනාව සම්බන්ධයෙන් ද මේ වන විට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් කොමිසම තිබෙන්න්නේ පොඩි අයට විතරද?
ජනාධිපතිවරයා තීරණය ගන්නකොට වෙන්න ඕනෑ සේරම වෙලා ඉවරයි. ජනාධිපතිට ක්ෂණික හෝ අවශ්‍ය මොහොතේ තීන්දු තීරණ ගන්න දැනුම හෝ හැකියාව තියනවා නම් මහ බැංකු පාඩුව වෙනවද?
‘පොලිස්පති ඉවත්කළ යුතු නම් ජනපති තීරණයක් ගනීවි‘ කියලා රාජිතට කියන්න බෑ. යහපාලනය ගෙනැල්ලා ව්‍යවස්ථා සභාවක් හදලා ඒකෙන් පොලිස්පති පත් කරන්න නීති ගෙනාවේ ජනාධිපතිට ඕනෑ විදිහට පොලිස්පතිලා අයින් කරන්න බැරි කරන්නයි. විධායක බලය අඩු කරන්නයි. දැන් මොනවද මේ ආයිත් කියන්නේ..?
ප්‍රධාන පක්‍ෂ නියෝජනයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලාගෙන් සමන්විත ව්‍යවස්ථා සභාවෙන් 19 වන සංශෝධනයට අනුව පත්කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පතිතුමාව ඉවත් කල යුත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හෝ එතුමා ඉල්ලා අස් වූවේත් පමණක් වේ කියා මම හිතනවා ...!!!
2005 වුනා කියන මේ සිද්දිය මොකද මේ අවුරුදු 13 කට පස්සේ නැවත මතු වුනේ කාගේ හරි වෙනත් උවමනාවක් පිරිමහන්න හදනවාදෝ සැකයි .
2005 වුණා කියලා ඒ අය කියනවා අපි දැක්කා......