(නාලක සංජීව දහනායක)
මේ වනවිට රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පැමිණෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් තමන්ට ආරාධනයක් ලැබුණද එම සාකච්ඡාවට සහභාගීවීමට තමන්ට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය.
මෙම සාකච්ඡාව අද පස්වරු 7.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවත් එයට සහභාගීවන ලෙසත් ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් එරික් ප‍්‍රසන්න වීරවර්ධන මහතා විසින් ලිපියක් මඟින් පෙරවරුවේදී මන්ත‍්‍රීවරයාට දැනුම්දී තිබේ.
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු නායකයන්ගේ අනුමැතියකින් තොරව තමන්ට ජනාධිපතිවරයා සමඟ නිල සාකච්ඡාවකට සහභාගිවිය නොහැකි බැවින් තමන් එම සාකච්ඡාවට සහභාගි නොවන බවද කීය.
පවතින ආර්ථික අර්බුධය හා එය විසඳීමට ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව තමන් මාධ්‍ය හමු ගණනාවකදීම අදහස් දක්වා තිබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අධිවේගී මාර්ග හදන්න කියන්න, වරායවල් හදන්න කියන්න, ගුවන් තොටුපලවල් හදන්න කියන්න..මං ආවම ඒ වගේ දහයක් හදනව කිව්ව පොරවල්ලට ගිය කල්..අනේ අනිච්චං...කෝ මේ හැට දෙක....?
මේ මිනිස්සු රටට ආදරේ තරම තමයි මෙයින් පෙන්නේ මොගොල්ලොන්ට මේවගේ වෙලාවකවත් දේශපාලන භේද අතාරින්න බැරිද ?
යන්න යන්න ඔබ විතරි දන්නේ රුපියල් 2500 පව්ලක් මාසයක් ජීවත් වෙන විදිහ
රට වෙනුවෙන් ඒ සාකච්චාවට සහභාගිවෙලා, රුපියල් 2500 කින් පවුලකට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමය ජනාධිපතිට උගන්නන්න.
අයියෝ ආණ්ඩුවෙන් කියනවා නම් එයාලට මේක විසඳගන්න බෑ කියලා එයාලා පුළුවන් කෙනෙකුට දීලා යන්න ඕනෑ. ආණ්ඩුවේ ඉන්නේ ඔස්තාර්ලා රොත්තක්ම එයාලට විසඳන්න බැරිවුණාම විතරක් හැමදාම මීටින්ග් තියතියා ඒකාබද්ධ විපක්ෂයට බනින ගමන් එන්න කියන්න... යන්න එපා
මෙන්න රටට ආදරේ නියම නායකයෝ ! ජයවේවා !!!
ඉතාමත්ම කෙටි දැනුම් දීමක් බැවින් මෙම තීරණය සාධාරණය.
මම හිතාගෙන හිටියේ ඒවා අතීතයේදී මිසක් වර්තමානයේදී සිදු වෙන්නේ නැහැ කියලයි.
ගිහිල්ල කියාවි 2500 ට පවුලකට මාසයක් කන්න පුළුවන් කියල.
මෙයාල කැමති රට විනාශ වෙනවා නම්. මෙන්න මේක තමයි මුන්ගෙ දේශප්‍රේමී භාවය.
මේ හාදයා හීනයෙන් බයවෙලාද කොහෙද අපේ හාමුදුරුවනේ.
ඇයි හිටපු ජනාධිපතිතුමාගෙන් අවසර ගතයුතු වන්නේ....
2500 කින් මාසයක් ජිවත් වෙන්න පුලුවන් කිව්ව නුගතෙකුගෙන් ගන්න තියෙන්නේ අහවල් උපදෙස්ද ! මේ ජනාධිපතිතුමගේ විනාශයට මුල දුර්වල නූගත් අයව ලන් කරගෙන උපදෙස් ගැනීම. වටේම ඉන්නෙ එහෙම උදවිය.
මටත් එන්න කියලා ලියුමක් එවලා තිබුණා. නෝනගෙ අවසර නැතිව මටත් එන්න විදීයක් නැහැ කියලා මම දැනුම් දුන්නා.
ඔව් රුපියල් 2500න් පවුලකට ඉන්න පුළුවන් කියපු කෙනානේ, මහා ලොකුවට මාධ්‍ය ඉස්සරහ පම්පෝරි ගහලා දැන් අදහස් දැනගන්න එන්න කිව්වම රෙද්ද පල්ලෙන් බේරෙනව ඇති...
ගෙම්බෙක් ගිය උඩ..
බන්දුල මහතා කල්ගිහිල්ලා හරි ඔබතුමා ගැන තේරුම් ගැනීම අපිට ධෛර්යක්. මොකද 2020 දී මේ ආණ්ඩුව පෙරලී කැඩී බිංදී ගියහම පත්වෙන රජයේ මුදල් ඇමතිකම ලබා ගන්න මෙය හොඳ සහතිකයක්.
අපරාදේ ! කලකට පෙර මෙයා කිවූ පරිදි 2500කින් පවුලකට මාසයක් ගැටගහ පුළුවන් කියපු මෙවැනි ආර්ථික ලොක්කෙක් මෙහෙම කියා මගහැර ගිය එක රටට ලොකු පාඩුවක් ! පන්සල් රැස්වීම් වලදී එවැනි වාචාල කතා කිවුවාට, රටේ ජනපතිට උපදෙස් දීමට තරම් බන්දුලට හැකියාවක්, දැනුමක් හෝ උගත්කමක් හෝ තිබේදැයි අපට සිතන්නට කාලය පැමිණ තිබෙනවා ! ඒවගේම මහින්ද රූකඩ මෙන් සිය සගයන් නටවන එකත් පිළිගත නොහැක.
අබමල් රේණුවක දෙයක් කියලා දෙන්න එපා. අද ඔබෙන් අහගෙන හෙට උදේ පාන්දරම ඔබට කියාදේවි.
ආර්ථික අර්බුදය විසදන්න මෙයා එක්කද සාකච්චා කරන්නේ?
රටේ ජනාධිපතිට බලයක් නැහැ... තමන්ට අවශ්‍ය මන්ත්‍රීවරයෙක් අවශ්‍ය වෙලාවට එන්න කියල කතා කරන්න.. බලන් ගියහම ජනාධිපතිට වැඩිය තවම බලයක් හිටපු ජනාධිපතිටනේ තියෙන්නේ...
මට බලාගන්න ඕනේ ඔබතුමාව උපහාසයට ගෙන කාටූන් ඇන්ද ගොයියෝ මේ සම්බන්ධව කොහොම කාටූනයක් අඳිවිද කියා... උඩුවියන් බැඳලා පාවඩ දාලා ඇමතියෝ සේසත් අල්ලාගෙන මුදල් ඇමති හක් පිඹ පිඹ සිරිසේන ඔබව ජනාධිපති මැදුරට වඩම්මාගෙන යන විදිහ අඳියි කියා හිතෙනවා.
බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවල බොහෝවිට දේශනා කරන්නේ උසස්පෙළ ආර්ථික විද්‍යා විෂය නිර්දේශය වන අතර මා සිතන්නේ නැහැ ඔහුට ප්‍රයෝගික විසදුම් ඇතයි කියා. අද ඩොලරය ශක්තිමත් වී ඇත්තේ ඇමෙරිකානු ආර්ථිකයේ ශක්තිමත් වීමත් සමඟ බැවින්, ලංකාව වැනි රටකට එවැනි දෙයක් පාලනය කල නොහැක. ණය ආපසු ගෙවීම අර්බුදයක්නම් එයට වග කිව යුත්තේ මේතාක් ණය ගත් රජයනුයි. දැන් කල යුත්තේ රජය සහ මහජනයා යන පාර්ශව දෙකම ණයට ජීවත්වෙන සංස්කෘතියෙන් ඉවත්වීමයි. අපේ රටේ සැබෑ ආර්ථික තත්වය අනුව විශාල වශයෙන් වාහන සහ ඉන්ධන ආනයනය, මහා පරිමාණයේ අධිවේගී මාර්ග පද්ධති වැනි දේ අපට දැරිය නොහැකි දේවල්ය.
අනේ අපොයි! වහල් මානසිකත්වය කියන්නේ මේකයි!
ඇයි රුපියල් 2500 මාසේ කන හැටි ජනතාවට කියා දෙන්න ජනපතිට උගන්වන්නද ? ජනපති මොකට මේ අය එක්ක සාකච්ඡා පවත්වනවාද මන්ද?
එහෙනම් මේ ආර්ථික අරබුදයට එකම විසදුම තියෙන්නේ මෙයා ලඟ වෙන්න ඇති කියලා සමගරු හිතන් ඇති ..... අපි දැක්කා රුපියල් 2500 කින් පවුලකට මාසයක් හොදින් කාල බිල ඇදල ඉන්න පුළුවන් කියපු ආර්ථික ටියුෂන් මුදලාලිලා
ලෝකේ ආර්ථිකයන් උඩු යටිකුරු කරන්න පුළුවන් ලෝකේ ඉන්න එකම විශේෂඥයා මෙයා ද හිතේ ඇති අපි දැක්කා ඒකාලේ කරපු හදිය .
ටියුෂන් දෙනවා වගේ කියලා හිතන් ඇති
ගියොත් තමන්ගේ ආර්ථික ඥානය ඔක්කොමට පැහැදිලි වෙනවනේ. 2500 යේ තියරිය මාට්ටු. එනිසා නොගිහින් ඉන්න එක්ක තමයි හොදම
ගියොත් තමන්ගේ ආර්ථික ඥානය ඔක්කොටම පැහැදිලි වෙනවනේ. 2500යේ තියරිය මාට්ටු. එ්නිසා නොගිහින් ඉන්න එක්ක තමයි හොඳම තෛලය...
මට මගේම නොවන මගේම 2500 තියරියක් තිබුණා.
මෙයා ඒ... තරම් වැදගත් පුද්ගලයෙක් නොවෙයි. මෙයාගෙන් අපට උන දෙයකුත් නැහැ. වෙන දෙයකුත් නැහැ. වෙන්ඩ දෙයකුත් නැහැ. බෑ කිව්ව එකමයි හොඳ .
හිටපු ජනපති ආර්ථිකය ගැන දන්නවද ,එයාගෙන් අවසර ගන්න. අනික රටට හිතෛෂී නම් හැමෝම එකතු වෙලා නේද රට ගොඩ ගන්න ඕනේ
ඉතින් යුද්ධ කාලේ ඇඳයට රින්ගන් හිටපු එක පුදුම නැහැ.
මේ අයගේ අරමුණ රට විනාශ කරලා හරි බලය ලබා ගැනීමයි.
2500 කින් මාසයක් ජීවත්වෙන විදිය අහගන්න ජනපති බන්දුලට එන්න කියලා
නින්දෙන් නැගිටලාද? අවුරුදු ගණනනක් නොතිබ්බ ආර්ථික මොලේ එකපාරටම ලැබිලා. රුපියල් 2500.00 යේ ආර්ථික විද්වතා ගෙන්ද උපදෙස් ගන්න යන්නේ. දෙයියන්ගේම පිටිටයි අපිට. රටේ විශ්වවිද්‍යාල වල ඉන්න ආර්ථික විද්වතුන් නැද්ද?
බන්දුල ගුනවර්ධන කියන්නේ AL ටියුෂන් ගුරෙක් පමණකි. ලොකුවට කතාකලාට වෙන කිසිම ආර්ථික දැනුමක් නැහැ. ඉලක්කන් එකතු කරන්න අඩුකරන්න ඇරෙන්න ශ්‍රාස්ත්‍රීය දැනුමක් තියෙන කෙනෙක් නොවේ.
හෙට පුවත් බලන්න ජනපති කියයි මෙහෙම දෙයක් මම දන්නෙත් නැහැ කියලා.
තනි තනිවම ගෙන්නගත්තාම වරදාන දීලා නාස් ලනුව දාගන්න ලේසියි. ඒක තේරෙන්නේ නැද්ද.?
අධි තක්සේරුවෙන් ඉන්න මනුස්සයෙක්....
ඉතින් ආර්ථික ව්ද්‍යාව දන්නා අය ආණ්ඩුවේත් ඉන්නවනේ. ආණ්ඩුවේ කෙනෙක්ට එන්න කිව්වනම් හරිනේ.
හරි ඇමතිතුමාටනේ ආර්ථික අර්බුදය ගැන ආරාධනා කරලා තියෙන්නේ .
නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යඥයෙක්ද ?
පට්ටපල් බොරු කියන්නේ නැතුව ගිහින් රට හදන්න එතුමාට උදව් කරන්න
රටේ සම්පත් රටතුළ ගලායාමට නොසලස්වා ඒවා සුළු පිරිසක් විසින් හොරකම් කරගෙන ළඟ තබා ගත්තාම ආර්ථිකය කඩා නොවැටෙන්නේ කෙසේද ? පුද්ගලයන්ට හිතෙන හිතෙන ආකාරයට අසාධාරණ පොහොසත්වීම් වලක්වනවානම් ආර්ථිකයට හිතකර දායකයි