IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරියාවේදී අතවර කර දැරියක මරලා ඩී.එන්.ඒ හෝඩුවාවෙන් දූෂකයන් සොයා ලංකාව පීරයි

(නිමන්ති රණසිංහ)

කොරියාවේ තේගු ප්‍රාන්තයේදී මීට වසර 19කට ඉහතදී දහඅට හැවිරිදි දැරියක සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කර මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි එම ඒකකය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (01) දැනුම් දුන්නේය.

ශ්‍රී ලාංකිකයකු මෙරට දේශසීමාවෙන් පිටත සිදුකරන ලද අපරාධයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන අනුව මෙරට අධිකරණයට බලය ඇති බවට නීතිපතිවරයාගෙන් ලද උපදෙස් ප්‍රකාරව මෙම පරීක්‍ෂණය සිදුකෙරෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයේ පොලිස් අධිකාරී වෙදසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ඊයේ (02) අධිකරණය වෙත එලෙසින් කරුණු වාර්තා කළහ.

මෙම සිද්ධියට අදාළ පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලීම සඳහා කොරියානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් ඉකුත් මැයි මස 30 වැනිදා මෙරටට පැමිණ නීතිපතිවරයාත් අධිකරණ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් සමඟ විශේෂ හමුවක් පවත්වා ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ජාත්‍යන්තර පොලිස් ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනයක් ආරම්භ කරන ලෙස කොරියානු රජය පසුගිය අගෝස්තු 28 වැනිදා මෙරට බලධාරීන්ගෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කළ බව ද එම ඒකකය වැඩිදුරටත් දැනුම් දුන්නේය.

කොරියාවේ තේගු ප්‍රාන්තයේ ‘භූමා’ අධිවේගී මාර්ගයේදී 1998 වර්ෂයේ දිනෙක එවකට වයස අවුරුදු 18ක දැරියක් රිය අනතුරකින් මිය යාමේ සිද්ධියක් වාර්තා වී ඇති බවත්, ඒ සිද්ධිය සම්බන්ධයෙන් කොරියන් රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර එරට අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත.

මෙම අනතුරෙන් මියගිය දැරියගේ යට ඇඳුමෙන් සොයා ගනු ලැබූ ශුක්‍රාණු පැල්ලම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඩී.එන්.ඒ. වාර්තා කැඳවීම සිදුකර ඇති බවත්, එහිදී දැරිය සමූහ දූෂණයකට ලක්වීමෙන් පසු මරණය සිදුවී ඇති බවට එරට පරීක්‍ෂණ කණ්ඩායම විසින් සොයාගෙන ඇති බවත් කියා සිටි රහස් පොලිසිය ඒ වනවිට එම ඩී.එන්.ඒ. සැසදීමට සැකකරුවන් කිසිවකුත් අනාවරණය නොවූ නිසා එම ඩී.එන්.ඒ ගබඩා කර තබා ඇති බව ද සඳහන් කළේය.

පසුව 2010 වර්ෂයේදී කොරියාවේදී තවත් බාලවයස්කාර දැරියකට මුදලට ලිංගික සබඳතාවකට ආරාධනා කිරීමේ සිද්ධියකට ශ්‍රී ලාංකිකයකු වරදකරු වී ඇති බවත් එම චූදිතයා ශ්‍රී ලාංකිකයකු වන අතර 1998 වර්ෂයේ සිදුවූ ස්ත්‍රී දූෂණයට අදාළ ඩී.එන්.ඒ. සමඟ මෙම වරදකරුගේ ඩී.එන්.ඒ. සැසදෙන බවත් එරට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

ශ්‍රී ලංකාවේදී පුද්ගලයකු වරදකරුවකු වූ අවස්ථාවක ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගැනීමේ ක්‍රමවේදය භාවිත කරනු ලබන අතර කොරියාවේ ඩී.එන්.ඒ. ලබාගැනීමේ ක්‍රමවේදය භාවිත කරනු ලබන බව ද ඒ අනුව මෙම අපරාධ දෙකම සිදුකර ඇත්තේ එක් පුද්ගලයකු විසින් බවට කරුණු අනාවරණය වී ඇති බව රහස් පොලිසිය කියා සිටියේය.

ඒ අනුව කොරියාවේ තේගු ප්‍රාන්ත පොලිසිය විසින් මෙම සැකකරු 1998 සිද්ධියට අදාළව එරට අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුව ද එරට නීතිය අනුව වසර දහයක් ඉක්ම ගිය ස්ත්‍රී දූෂණ අපරාධයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදුනොකරනු ලබන බැවින් මෙම සැකකරු එම අධිකරණය විසින් නිදහස් කර ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව නීතිපතිවරයාගේ මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ සහ කොරියානු රටේ බලධාරීන්ගේ මැදිහත් වීම මත තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොරියාවට ගොස් අපරාධ ස්ථානය මෙන්ම සිද්ධියට අදාළ පරීක්‍ෂණ පැවැත්වූ බව ද එහිදී මෙම සිද්ධියට කොරියාවේ රැකියාවල යෙදී සිටි ශ්‍රීලාංකිකයන් තිදෙනකු සම්බන්ධ බව අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා මේ වනවිට කොරියන් රටේ සේවය නිමවා මෙරටට පැමිණ ඇති බවත්, එම සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කරනු ලබන බවත් මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයට නියෝග කළේය. 

 



අදහස් (9)

කොරියාවේදී අතවර කර දැරියක මරලා ඩී.එන්.ඒ හෝඩුවාවෙන් දූෂකයන් සොයා ලංකාව පීරයි

nuwan Tuesday, 02 October 2018 05:39 AM

නුසුදුස්සෝ රට රැකියා වලට යැව්වම ඕක තමා වෙන්නේ.

:       1       121

Uditha - London Tuesday, 02 October 2018 06:16 AM

මගේ බුදුරජාණන්ගේ වහන්සේගේ දහමට අනුව. වරදක් කලොත් යම් දවසක ඊට දඩුවම් ලැබෙනවා. මින්සුනේ පවට බිය වෙන්න. අද මිනිස්සු පව් කරන්න බය නැහැ. පවක් කරන්න දෙපාරක් හිතන්නෙත් නැහැ මිනිස්සු. දිට්ට ධම්ම වේදනීය කාර්ම අනුව නිසි අයට දඬුවම් ලැබේවි.

:       311       1414

ලසන්ත Tuesday, 02 October 2018 09:35 AM

මෙම සිදුවීමේ ඉතා වැදගත්ම කාරණය වනුයේ කොරියානු විමර්ශකයන් විසින් සිදුවීම් හා විද්‍යාත්මක සාක්ෂි පරීක්ෂා කරමින් මෙම විමර්ශනය මෙහෙයවන ආකාරය. තම අධිකරණ සීමාවන් තුල ප්‍රතිපාදන නොමැතිවිට වෙනත් උපක්‍රම මගින් හෝ නීතිය සාධාරණත්වය ඉටුකිරීමට වෙහෙසීම. ඒ සඳහා අනෙකුත් දෙපාර්තමේන්තු මගින්ද තම සහයෝගය හා උපකාර ලබාදීම, ලබාගැනීම. අපේ අයට ආදර්ශයට ගතහැකි දෑ කොතරම්ද?

:       0       1

Perakum Tuesday, 02 October 2018 10:07 AM

නුවන්, ඒ ගමන්ම කියන්නකෝ සුදුස්සෝ හොයන්නේ කොහොමද කියල. ඔය ප්‍රශ්නය මටත් තියනවා. ඒ සඳහා සුදුසු නිර්ණායකයක් මට තවම හොයාගන්න බැරි උනා.

:       1       69

OMG Tuesday, 02 October 2018 12:17 PM

ඔන්න ලංකාවේ තවත් හපන්කමක්. ඉන්දියාවට දෙවැනි නැහැ.

:       1       7

OMG Tuesday, 02 October 2018 12:17 PM

ඔන්න ලංකාවේ තවත් හපන්කමක්. ඉන්දියාවට දෙවෙනි නැහැ.

:       0       0

ravi Tuesday, 02 October 2018 12:38 PM

මම නම් දුටු තැන අල්ලලා දෙනවා.

:       1       1

sam Wednesday, 03 October 2018 12:07 AM

කොරියන් රැකියා කොටා එක නැතිවෙන වැඩ. අපේ සංගීත සංදර්ශන තියනකොට කොරියන් මිනිස්සු පළාතේ එන්නේ නැහැල්ලු.

:       0       105

sam Wednesday, 03 October 2018 03:20 PM

ලංකාවෙන් සියලුම 18ට වැඩි පුද්ගලයන් ලියාපදිංචි කරද්දී DNA සාම්පල් 1ක් අරන් එකේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තියාගන්න තරම් මොලේ තියෙන පාලකයින් සහ ඒවා ක්‍රියාත්මක කරන්න නිලධාරීන් එන දවසක මේ රටේ අපරාද මෙන්ම අපේ රටේ මිනිස්සු වෙන රටවල ගිහින් කරන අපරාධ ගොඩක් දුරට අඩුවෙයි. එ්ත් මේවා කවදාවත් වෙන්නේ නැති දේවල් ලංකාව වගේ රටක... මිනිස්සු උද්ඝෝෂණය කරලා පාලකයින්ගෙන් ඉල්ලන්න ඕනේ මේවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31576 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13934 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 166 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1094 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site