(ජයන්ත සමරකෝන්)
මෙරට ජාතික පාසලකට දරුවෙකු ඇතුළත් කිරීමට නම් රුපියල් ලක්ෂ 20ක්වත් අවශ්‍ය වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම මුදල් පාසැලේ ඇතැම් ගුරු, විදුහල්පතිවරුන්ට, ඊට උල්පන්දම් දෙන සංගම්වලට හෝ දේශපාලනඥයින්ට යන බව ද දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍යවරයා කීය.
ළමයින් ජාතික පාසලකට ඇතුළත් කරන්නට හොර උප්පැන්න ඇතුළු පදිංචි සහතික සකස් කරන්නේත්, කුඩා කළ සිටම දරුවන්ට බොරුව, වංචාව උගන්වන්නේත් දෙමාපියන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති ජාතික වැඩිහිටි හා ළමා දින උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තෝ මේවා තැන් තැන් වල කියවලා ඇති වැඩක් නෑ. ඊට අදාළ නිසි පියවර ගත යුතුය. මෙයාගේ ඇති ඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද...?
විෂයට අදාළ මහජන නියෝජිතයාම මෙසේ කියන එක වඩාත් හොදයි. සුදුපිරුවට ඇඟ ලාගෙන සිටින ගුරු හොරු මෙන්ම දේශපාලුවන්ද යහමින් මෙම නීච ක්රියාවේ යෙදෙන්නේ චිරාත් කාලයක් තිස්සේය.
මගේ මතකය යන්නේ හම්බන්තොට වරාය වික්කා..... මහ බැංකු විනාශ කලා ........
ඕක කරන්න අමාත්‍යාංශය තුළ සිටින ඉහළ නිලධාරීන් ද සම්බන්ධයි. ඔවුන් මෙම දේවල් නිවැරදි කිරීම සඳහා කිසිදු පියවරක් නොගනී. මම මේ සඳහා යෝජනා ඉදිරිපත් කලත් කිසිදු පියවරක් ගෙන නැත.
මේක නම් ඇඟ හිරිවැටෙන හෙළදරව් කිරීමක්. සාමාන්‍ය මධ්‍යම පංතික දෙමව්පියන්ට හීනෙකින්වත් මෙච්චර සල්ලි ගොඩක් ගෙවන්න පුලුවන්ද?. මේ පිළිබඳව ඉක්මනින්ම සොයාබලා සිදුවන සමාජ අසාධාරණය නතර කලයුතුයි.
හැමදාම කෛවාරු තමයි.. ඔව්ව හදන්න තමයි අපි ඡන්දෙ දුන්නේ. නැතුව අපි ඔව්ව නොදන්නවා නෙමේ.. හැමදාම පන්සල බදාගෙන හොඳට ජරාව කන එකයි කරන්නේ...
6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී ක්‍රියාකාරී ආදී සිසු පදනමක් කලින් තිබුණා .ඒ 2008 /37 (1) චක්‍ර ලේඛයෙන් ,හා ඊට අනුගාමිව 2014 දී අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල ලිපියක් මතයි . එහෙත් 03 /2018 චක්‍ර ලේඛය මඟින් එම පදනම ඉවත් කළා .ඒ කියන්නේ දැන් ක්‍රියාකාරී ආදිසිසු පදනමින් 6 ශ්‍රේණියට ළමයි ගන්නට බැහැ.එහෙත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ විදුහල්පති වරයා ඉහත 03 /2018 චක්‍ර ලේඛය නිකුත්වූ පසු නීති විරෝධිව ක්‍රියාකාරී ආදී සිසු පදනම යටතේ ලැයිස්තුවක් සාදා ඊට ඉහල ශිෂ්‍යත්ව ලකුණු ලාභින් අමතක කර අඩු ලකුණු ලාභින් ගේ නම් හතරක් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කොට අතිරේක ලේඛම් වරයකුගේ අනුමැතිය ලබා ගිය සතියේ ළමුන් පාසලට ඇතුළත් කළා .ඒ කියන්නේ විදුහල්පතිවරයා හා අමාත්‍යංශ අතිරේක ලේකම් වරයා කර ඇත්තේ දුෂණයක් .මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිලුනේ .ඔන්න බලනවානම් අල්ලස් කොමිසමට ඔත්තුවක් .
විල්පත්තුව කැපුවා.. දීඝවාපිය විනාශ කරා.. කූරගල අල්ලගත්තා.. මුහුදු මහා විහාරේ විනාශ කරා තව ඕනද?
මේවා සිංහලෙන් පමණක් කියන්න. අපේ රටට සම්බාධක වැටෙන්නත් පුළුවනි.
ඕවට අතගහන්න බැහැ, විජේදාස වගේ කෙනෙක් බැලුවොත් හොද.