(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක ප්‍රකාශයක් දීමට තමා සූදානම් යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය.
පොලිස්පති වශයෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් දීම තමාගේ යුතුකම බව කී පොලිස්පතිවරයා රහස් පොලිසිය ඉදිරියේ දී තමාගෙන් ද ප්‍රකාශයක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට තමා සතුව තොරතුරු රැසක් තිබෙන බව ද පොලිස්පතිවරයා කීය.
මේ සිද්ධිය පිළිබඳ විමර්ශන රහස් පොලිසිය ඉතා සාර්ථකව කරගෙන යන හෙයින් සිද්ධියේ සුලමුල වැඩිකල් නොගොස් අනාවරණය වනු ඇතැයි ද පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.
පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට සූදානම් වන බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න හැංගි මුත්තං ගේම පටන්ගත්තා
තොරතුරු සඟවා ගෙන සිටීම වරදක් නෙමේද? ඔබ පොලිසියේ ලොක්ක හැටියට තමුන් ඉදිරිපත් වී අදාල තොරතුරු ලබාදීම ඔබේ උතුකමක් නෙමේද ? දන්නේ නෑ එකයි අහන්නේ ?
"මා ළඟත් තොරතුරු රැසක් තියෙනවා" මේ කියන්නේ මට ආණ්ඩුවෙන් ලෙඩක් දැම්මොත් මමත් ඔක්කොම කියනවා කියන එක නේද ? පොලිසියේ ඉහලම පුද්ගලයා රහස්පොලිසියෙන් අහන තුරුම දන්නා දේවල් හංගාගෙන ඉන්නේ ඇයි ? ඔහු කල යුතුව තිබුනේ අහනතුරු සිටීම නොව දැනගත් විගසම පරීක්ෂණයක් කිරීම නොවේද ? ඔක්කොම හොරු . "හොරු සමග හෙළුවෙන්" නාටකය රග දැක්වීමට ආසන්න බවකුයි පෙනෙන්නේ.
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තියේ මගේ හිතේ ....
අගමැතිතුමා ස්කොට්ලන්ත ගමනත් නැවත්තුවනේ ..!!! අපිට හිතා ගන්න පුළුවන් තොරතුරු ගැන...!!!
ඒ ප්‍රකාශය කරනකොට වත් පොලිස්පති තනතුරේ ගෞරවය රැකෙන ආකාරයේ වචන පාවිච්චි කලානම් හොඳයි.
පොලිස්පති තුමා ලඟ තිබෙන තොරතුරු එතුමා ලබාදෙන්නේ ගරු අධිකරණයටයි........... එ්කයි එතුමා ප්‍රකාශ කලේ එතුමා ඒ තොරතුරු නො යෙදවන බව ප්‍රකාශ කළා කියා යි මට හැගෙන්නේ පොලිස්පති තුමනි ඔබතුමාටත් අපේ රට ටත් දළදා සමිදි පිහිටයි ...!!!
ඔන්න කතන්දරේ ඇත්ත එළියට එන්නයි යන්නේ අනාගතේදී ප්‍රජා අයිතිය ගැන සිතුවෙත් හොදයි නේද???????????
මෙන්න වැඩේ ගැස්සෙන්නයි යන්නේ .
ඉදිරියේදී මේ කතාව ටෙලි නාට්ටියක් ලෙස ඒ වී දෝ මන්දා
ආයෙමත් විකාර කියවන්න පටන් ගත්තා. මෙයාට අමතක වෙලා වගේ මෙයා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා හෙවත් පොලිස්පති කියලා. රාජය නායකයා ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා නම් ඒ පිලිබදව තමන්ට තොරතුරු ලැබිලා තියනවා නම් ඊළගට කල යුත්තේ කුමක්ද කියලා තිරණය කරන්න තරම් සිහි බුද්ධියක් නැති පුද්ගලයෙක් අද රටේ පොලිස්පති වෙලා ඉන්නේ කියන ප්රශ්නය මතු වෙනවා.
මේ කතාවේ ප්‍රධාන නළුවා කොහෙන්දෝ පඩි ගත්තා කියා.............
එහෙමනං, මෙයාව පොලිස්පති ධුරයේ තියාගෙන සාධාරණ පරීක්ෂණයක් කරන්න පුළුවන්ද? දැන් හරි ජනාධිපතිතුමා අවදි වෙන්න ඕනේ.
ඔබතුමා කලබල නොවන්න... එළි වෙන ජාමේටලු හොඳ හොඳ සෙල්ලම්...
මොහු කිසිසේත්ම තමා දරන තනතුරට සුදුස්සෙක් නොවේ. මෙවැනි ඉතා වගකිවයුතු නිලයක් දරන්නෙක් තොරතුරක් ලද වහාම නිසි පියවර නොගත්තේ ඔහුද ඊට සම්බන්ධ බැවිනි. පළමුකොටම මොහු අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය.
බලන් ගියහම දේශපාලකයන්ට වඩා හපන් රජයේ සේවකයන්..........
තොරතුරු හංගගෙන ඉන්නවා නො ඇක්ෂන් ......නඩු දාන්න බැරිද ? ....
තොරතුරු කීවට කමක්නැහැ. හැබයි එතන ගිහින් අඩන්න එපා,,
රජයේ සේවකයන් නොදැන දේශපාලුවන්ට කිසිම හොරකමක් කල නොහැක. රජයේ සේවකයනුත් අවස්තාවක් එනතුරු තමන් දන්නා තොරතුරු රැකගෙන සිටී. නියම වෙලාවට කලින් රජයේ සේවකයා ඉක්මන් උනොත් ඒ ඔහුගේ අවසානයි. දේශපාලුවගේ හොර මැර කම් දන්නා රජයේ සේවකයා දේශපාලුවාට වඩා දූෂණයේ යෙදෙයි. රජයේ සේවකයා ගන්න කෝටි ගණන්වල පගාව ලක්ෂ ගණන් වලින් පෙන්වීමටත් කොටසක් ඉදිරිපත් වේ. කෝටි දෙකක පගාවක් ඉල්ලුවා නොකියා ලක්ෂ 200 පගාව ඉල්ලුවා කියයි. මෙරට විනාශ උනේ 1977 සිටය. කාටද ආඩම්බර නේද?
ඔක්කොම හොරු