(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු කඩිනම්කර අවශ්‍ය නීති පියවර ගන්නැයි පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද (2) පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 10 වැනිදින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් පැමිණිල්ලක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රීකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ‘‘ඉන්දියා සෝනි පික්චර් නෙට්වර්ක්‘‘ ඉන්දියා පුද්ගලික සමාගම සමඟ ඉකුත් 2013 වසරේ අයිතීන් ගත් ගිවිසුම්ගත මුදලින් ඇමෙරිකා ඩොලර් 5564404 ක මුදලක් ක්‍රීකට් ආයතනයේ ගිණුමට බැර නොකර මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේ මොනවා කියනවද එයා දැනටමත් පඹගාලක පැටලිලා ඉන්නේ. ඊළඟ ආණ්ඩුවේ ඊළඟ පොලිස් පතිට කියන්න
තමන්ට පැවරි ඇති කාර්ය නිසි ලෙස ඉටු කරන්න අසමත් අකාර්යක්ෂම හා අදුරදර්ශී දේශපාලඥයෙක් පොලිසියට කතා කරමින් විමර්ශණ කඩිනම් කරන්න යයි කියමින් අදාල විමර්ෂණ වලට බලපෑම් කිරිමට උත්සාහා ගන්නා බවයි පෙනෙන්නේ.