( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි 21 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය .
පෙත්සම් ඊවා වනසුන්දර ,විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2017 වසරේ දී එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් සඳහන් කර ඇත්තේ රුපියල් මිලියන 500 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය 2017 වසරේදී තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ බවයි.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට තරම් සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය පෙත්සම විභාග කරලා ඉක්මණට තීන්දුවක් දෙන්න පව් කිසිම දෙයක් නොදන්න අසරණයා.