ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ.
■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටවනු ලැබේ.
■ රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ.
■ සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.
■ දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කෙරේ.
■ බස්රථ, ලොරි සහ ගිලන් රථ හැර වෙනත් වාහන වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200් ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.
■ ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100 ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.
මෙම නියමයන් අද (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා..
තවටික දවසකින් ආහාර, රෙදිපිළි ගෙන්වීමත් සීමා කරන්න වෙනවා. යසපාලකයින් රටත් කාලා.., අපිවත් කෑවා.
මෙයින් වැඩි කොටසක් -විශේෂයෙන් අංක 1 කරන්න තිබුනේ දැනට අවුරුදකට වත් ප්‍රථමයි. ස්ථාලයේ අස්සයින්ගෙන් වැඩි කොටසක් ගිහිල්ලා.
සමහරු කිව්වේ 200ට ගියත් ප්‍රශ්නයක් නෑ කියලා... මොකටද සීමා පනවන්නේ...?
මේක හොද තීරණයක්... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා මේ රටේ නිෂ්පාදනය නොකරන පාරිභෝගික භාණ්ඩ ඇරුණාම අනිත් දේවල් සඳභා ආනයනය සීමා කිරීම මගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආර්ථිකය සවිමත් කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ..
කාලෝචිතව ගන්නා ලද ඉතා යහපත් තීරණයක්.. යහපාලනය යනු වෙනත් දෙයක් නොව අවශ්‍ය විටෙක මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් ගෙනයනු ලබන පාලනයයි.
මේ තමයි කෙටි කාලීනව ගන්න පුළුවන් හොඳම තීරණ... මේකට කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් ඕනෑ නෑ. පෙට්ටි කඩ මුදලාලි කෙනෙකුට වුනත් මේ විසඳුම දෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ඕනෑම පෘතග්ජන කෙනෙකුට තේරෙන දේ. ගෙදර වියදමට සල්ලි නැතිවෙන කොට අපි කරන දේ. ලංකාවේ ආර්ථිකේ මෙහෙයවන්න කවදාවත් ආර්ථික විද්‍යා දැනුම පාවිච්චි කරේ නෑ. ආර්ථික විද්‍යා දැනුම අරික්කාලක් දාලා, ඡන්දෙ කතිර ගන්න, මිනිස්සු කරන දේ ටොන් එකක් දාලා තමයි තමයි රට පාලනය කළේ හැමෝම... පහුගිය අවුරුදු 70 ඇතුලෙම, ආර්ථික අරික්කාල - දේශපාලන ටොන් එක මාත්‍රාව ඇතුලේ... දේශපාලකයින් ලංකාව ආර්ථික, සංස්කෘතික, කැරකොප්පුවක් කළා. සාමාන්‍ය මිනිස්සු එ්කේ පුච්චලා අළුදූවිලි වුණා. මිනිස්සුත් කැමැත්තෙන්ම ආදාහනය වුණා.... ඒ අයටම කතිරේ ගගහ... ලංකාව ගොඩගන්න, හැමටම දුක තේරෙන්න අවුරුදු 10ක් වත් අපි ගත කරන්න ඕනෑ. ආර්ථික වෘද්ධියට උරදෙන මිනිස්සු ඔසවා තබන, ඔවුන් ගොවියන් රටේ VIP වෙන දේශපාලන ආර්ථික රාමුවක් ඇතුලේ විතරයි රට ගොඩඑන්නේ. පෙරදිග, අපරදිග බටහිර හැම රටක්ම දියුණු වුනේ මේ විදියටයි. සරල තීරණ තුලින් සංකීර්ණ රටවල් ගොඩනැගුවා.
ඔව් දැන් ඉතින් කෙලවිලා තියෙන එකෙන් ගොඩයන්න මොනව හරි කරන්න ඕනේ...නේ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාගෙන අවසන්. සියලුම 225ම තමාට අදාළ බලපත් පාවිචිචි කරලා ඉවරයි මේ වෙනකොට....
පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන බලපත්‍ර අවුරුද්දකට තහනම්ලු. මොන විහිළුවක්ද? ඒ ඔක්කොම ඒවා අරගෙන විකුණලා වාහන ගෙනැත් ඉවරයි. කොහොමත් ඒ අයට තව අවුරුද්දකට පර්මිට් නෑ තමයි..
ඩොලරයට පිං සිද්ධ වෙන්න මේ රටේ පාලකයින්ට ඇස් ඇරිලා තියෙනවා. කළ යුත්තේ පෙට්‍රල් මිල වැඩි කර ඩීසල් මිල අඩු කිරීමයි... එවිට මිනිස්සු පොදු ප්‍රවාහනයට හුරුවෙනවා. එවිට වැඩියෙන් බස්කර්මාන්තය දියුණුවෙනවා. අවුරුදු 18, 20 කොල්ලෝ බයිසිකල් අරන් බොරුවට රස්තියාදු ගහන එක නවතිනවා.
අර අගමැති, ජනාධිපති සහ 225ට වාහන ගන්න හදපු කාලයේදී ගන්න ඕනෙ තීරණ බෙල්ලටම හිරවුණාම ගත්ත එක නම් විහිළුවක්. ඒත් දැන්වත් කරපු එක හොඳයි. ලංකාව විනශ වුනේ හිඟන්නන් පාර්ලිමේන්තුවට ගිය නිසා, අම්මා අප්පගේ බූදලය නිසා පාර්ලිමේන්තු ගියපු අය නිසා සහ නීතිවේදීන් කියාගත් අය රටේ තීරණ ගන්න පුද්ගලයින් වුණු එකයි. මේ රටට ඉස්සරහට ඕනෑ තමන්ගේ හැකියාවෙන් දියුණු වුණු දක්ෂ රට ගැන හිතන ව්‍යාපාරිකයෙක්. මේ රටේ කොච්චර සම්පත් තියෙන දක්ෂයින් ඉන්න රටක්ද? එ්වායෙන් හරියට ප්‍රයෝජනයක් ගත්තා නම් රට දියුණු වෙනවා වගේම අාර්ථිකය අතින් ස්ථාවරයි.
රනිල් ගේ තුන්කල් දැක්ම නේද මේ ?
පරක්කු වෙලා හරි හොඳ තීරණයක් අරන්. ඡන්ද බලාගෙන නැතුව තීරණ ගන්න එක තමයි නැණවත්. අපේ අපනයන වියදම් වලින් පෙට්‍රෝලියම්, කාර්මික යන්ත්‍ර සුත්‍ර, රථවාහන
කට්ටියගේ රථ ගාය නැත්තටම නැති කළා එහෙනම්!
දැන් ඉතින් ඔය සීමා කරපු බඩු සාමාන්‍ය ජනතාවට ගන්න එක හීනයක්ම තමයි. රජයේ දුර්වලකම ජනතාවගේ පිට දාල.
නිෂ්පාදන හදල අපනයනය නොකර විදේශ විනිමය උපයා නොගෙන මෙහෙම ආනයන විතරක් අඩු කරලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ.
හලෝ මේවා කාලෝචිතව ගත් තීරණ නොවෙයි. මේවා අමාරුවේ වැටුණාම වෙන කරන්න දෙයක් නැතිඋනාම ගත් තීරණ. කාලෝචිත බුද්ධිමත් තීරණ ගත්තානම් අපේ රටට මෙසේ වෙන්නේ නැත. යහපාලකයෝ කාලෝචිත බුද්ධිමත් තීරණ මේවනතුරු ගත්තාදැයි අපිටම බලා ගතහැක. ඒ අපි බුද්ධිමත් නම් පමණයි. 7 ඉක්මවා තිබුන ආර්ථික වේගය 4 ට බැස ඇත. රජයේ ප්‍රබලයින්ගේ අනුග්‍රහය ඇතිව කෙරුණ බැංකු වංචාව නිසා ආයෝජකයින්ට මෙන්ම අපිටද රජය කෙරෙහි තිබු විස්වාසය බිදී ගොස්ය. අනාගතය අවිනිශ්චිතය.
මුළු රටම විගඩමක්වෙලා, සෑම අංශයක්ම කඩාවැටිලා. 2012 මේ වගේ උනාම සංවර්ධනයත් සමඟම එම ගැටලුව කලමනාකරණය කලා. මේගොල්ලෝ ඔක්කොම පෙර්මිට් අරගෙන්න දැන්අනිත් අයට පටි තදකරගන්නලු.
සිහින තිබුණට කෝටියක් අතේ නෑ එක ඩොලරයක්
මෙතන අදහස් දාල තියෙන සමහරුන්ගේ ආර්ථික දැනුම ගැන දුකයි.
මේවට පළමු වගකිව යුත්ත ජනාධිපති ට්‍රුම්ප්. ඔහු තමන්ගේ රට ගැන විතරයි බලන්නේ. අනිත් රටවල් කම්බස් කිරීම ඔහුගේ ප්‍රතිපත්තියයි. දෙවෙන්න මේ රජයේ හා පසුගිය රජයන්හි රට ගෙන නොහිතා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
ඔය මහත්තුරු කියන්නේ යහපලානේ රට කෑවා කියලනේ. මහින්ද මහත්තයට රට භාර දුන්නනම් ඉවරයිනේ.
වොව් මෙන්න පිළිගන්න ඊළඟ මුදල් ඇමති
ඒ කියන්නේ දැන් නම් නන්නත්තාරයි. නියමයි. මම හිතන්නේ දැන් ණය දෙන්නෙත් නැහැ. ඉතින් තව ටික දවසකින් ඇඳුම් සහ අාහාරපාන සලාක ක්‍රමයට දේවි... එහෙම නොවුණොත් තමයි පුදුමේ... හැබැයි මතක තියාගන්න අනිත් ඡන්දෙදි ආපසු ඕවා වෙනස් වේවි...!!!
ඔයිට වඩා විනිමය වැයවෙන ආනයනය තමා රත්තරන්... ඩොලර් ලක්ෂ 6,900ක් පසුගිය වසරේදී වැය කළා. අැයි රත්තරන් ආනයනය නවත්වන්නේ නැත්තේ... ජුවලරි ෂොප් කාරයින්ගෙන් හොඳ ගතමනාවක් ලැබුනේ කාටද?
ඔක්කෝටම කලින් කරන්න ඕනේ මේ රටට පාන් පිටි ගේන එක නවත්තන එකයි... ඊට පස්සේ මේ රටේ වගා කළ හැකි ආහාර පිටරටින් ගෙන්වීම නවත්තන්න ඕනේ... එහෙම කළාම ටිකෙන් ටික රට ආර්ථික ගමන් මගකට යොමු වෙයි. මුලදී බාධා එයි. නමුත් ටික කලකින් හරි යයි. හැබැයි කොමිස් ගහන්න බැරි වෙයි.
මේ නිවේදනය හදපු කෙනාත් හොඳට මිනිස්සු මුලා කරන්න දන්න කෙනෙක්... මැති ඇමති කියන අය වාහන ගන්නේ ඒ අය පත්වෙච්ච ගමන්... මේකේ ඉන්න 225 ටම බලපත්‍ර දීලා ඉවර වුණාට පස්සේ කියනවා තව අවුරුද්දක් යනකම් ගේන්න බෑලු. මේක හදපු කෙනාගෙන් අහන්න ඕනෑ... හිතන් ඉන්නේ අපේ රටේ ඉන්නේ ජනතාව නෙමෙයි හරක් කියලද කියලා.... ආයේ මේ අයට බලපත්‍ර හම්බවෙන්නේ තව කාණ්ඩයකින් පස්සේ තමයි.
අනේ දැන් අවුරුදු හැත්තෑවක් එක එක දේවල් කලා රට ඇතුළේ කිසිම නිෂ්පාදනයක් නැහැ ලොකු එවුන් හොදට හොරකම් කර කර බොරු කරනවා රටේ මිනිස්සුත් ඒවා විස්වාස කරනවා රටවල් දියුණු කරනවා නම් ආදර්ශ ඕන තරම් ..............