සයිටම් ගැටළුවට තවත් කමිටුවක් සයිටම් ගැටළුව සම්බන්ධයෙන් වූ අවසන් තීරණයේ ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් නව කමිටුවක් පත් කිරීමට ජනපතිවරයා තීරණය කර ඇත. 06 November 2017
හිරුණිකාගේ නඩුවේ 8 ක් වරද පිළිගනිති පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 කට පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 8 දෙනෙක් අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඔවුන්ට දඬුවම් නියම කිරිම 24 වැනි දා දක්වා කල් තැබිය. 06 November 2017
උප විදුහල්පති ඇතුළු 27කට තහනම් නියෝගයක් ජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් මහජන සාමයට බාධාවන හා දේපලවලට හානිවන අයුරින් දින 30ක් තුළ උද්ඝෝෂණ නොපත්වවන්නැයි ඌරුබොක්ක ජාතික පාසලේ නියෝජ්‍ය විදුහලපතිවරයා ඇතුළු 27 දෙනකුට මොරවක වැඩබලන මහේස්ත්‍රාත් සී.එස්. දිසානායක මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. 06 November 2017
හිටපු කොටි පිරිසක් නව පක්ෂයක් පිහිටුවති පුනරුත්තාපන වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් එළැඹෙන සියලු මැතිවරණ සඳහා උතුරු නැනෙහිර පළාත්වලට ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සභාපති සුන්දරපිල්ලෙ සිවකුමාර් කියා සිටියේය. 06 November 2017
සයිටම් සිසුහු ජනපතිට ලියති මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා රජය විසින් නිකුත් කරන ලද විසඳුම් මාලාව මගින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට තුළ අඛණ්ඩව කරගෙන යාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අගය කරන බව සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් පවසයි. 06 November 2017
පුත්තලමේ බස් අනතුරකින් හතක් මරුට පුත්තලම - කොළඹ මාර්ගයේ මදුරන්කුලියේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් හත් දෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 06 November 2017
ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 26 ක් මරුට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 06 November 2017
ලෝක බලවතුන්ගේ තවත් මූල්‍ය ගනුදෙනු රැසක් හෙළිවෙයි එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු ලොව ප්‍රමුඛතම ව්‍යපාරිකයන්ගේ රහස්‍ය ගනුදෙනු ඇතුළත් මූල්‍ය ලිපි ලේඛන රැසක් අනාවරණය වී තිබේ. 06 November 2017
අවසාන සිරුරු දෙකත් සොයා ගනී තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් සෙනසුරාදා (4) අතුරුදන් වු පිරිස අතරින් අවසන් දෙදෙනාගේ සිරුරු පැය 40 කට පමණ පසු අද (6) සොයා ගත් බව පොලිසිය පවසයි. 06 November 2017
සිවශක්ති ආනන්දන් ස්වාධීන වෙන්න යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ. 05 November 2017
සුළි කුණාටුවකින් වියට්නාමයේ 27ක් මරුට වියට්නාමයේ දකුණු හා මධ්‍යම ප්‍රදේශවලට බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් 27දෙනකු මියගොස් 20ක් පමණ අතුරුදන් වි ඇතැයි වාර්තා වේ. 05 November 2017
මෙහෙයුම් කමිටු වාර්තාව ගැන මත විමසයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ජනතා අදහස් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. 05 November 2017
තෙල් නැව භාර නොගන්නා බව අමාත්‍යංශය කියයි ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 05 November 2017
ලංගම බසය පෙරලී 28කට තුවාල ඩයගම සිට හැටන් දක්වා ධාවනය කරමින් තිබු ලංගම බස් රථයක් ෆොඩයිස් - එන්සි තේ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 80 ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව හැටන් පොලිසිය කියයි. 05 November 2017
පිටරට කිරිපිටිවලට සීමා - ජනපති ළදරු කිරිපිටිවලට සහන ලබා දෙන අතර පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 05 November 2017
සුනාමි අවදානම් පෙරහුරුව හලාවතදී අසාර්ථක වෙයි සුනාමි අනතුරු හැඟවීමේ පෙරහුරුව අද (05) පස්වරුවේ පැවතියත් එය හලාවත ප්‍රදේශයේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බවක් දක්නට නැත. 05 November 2017
උමා ඔයේ වැඩ දිනකට මීටර පහයි උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් සිදු කිරීමට තව ඇත්තේ කිලෝමීටර් පහක් වුවද එහි කැණීම් දිනකට මීටර් 05 ට සීමා කර ඇති බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 05 November 2017
අෂ්රොෆ් මරණය ගැන වාර්තාව අතුරුදන් මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායක එම්.එච්.එම් අෂ්රොෆ් මහතා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී තිබේ. 05 November 2017
සයිටම් විරෝධී උපවාසය ගැන මත ගැටුම් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් හෙට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කියයි. 05 November 2017
හරවා යැවූ තෙල් නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩබෑමේ උත්සාහයක නිරත වන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය පවසයි. 05 November 2017
නාත්තණ්ඩියේ හදගැස්ම නතර කළ අට දෙනාගේ තතු ලග්ගල තෙල්ගමුව ඔයේ දිය නෑමට ගිය පවුල් දෙකක 08 දෙනෙකු සැඩ පහරකට අසුවී ගසා ගෙන ගොස් ඇති බවත්,ඔවුන් නාත්තණ්ඩියේ පදිංචිකරුවන් බවටත් පැතිර ගිය ආරංචියකින් සෙනසුරාදා (04) සවස නාත්තන්ඩිය නගරයෙම එක් වර ගල් ගැසී ගියේය. 05 November 2017
බෞද්ධ සම්මේලනයේ කොළඹ ප්රකාශනය එළි දකී ජාත්‍යන්තර බෞද්ධ දිනයක් ප්‍රකාශයට පත් කිරීම හා නාලන්දා මහ විහාරය නැවත ස්ථාපිත කිරීම යන කරුණු මුල් කරගනිමින් ‘කොළඹ ප්රකාශනය’ අද (5) ප්‍රකාශයට පත් කරන ලදි. 05 November 2017
වැඩබලන නීතිපති දප්පුලද ලිවේරා වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත. 05 November 2017
අද පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් දිවයින වටා පිහිටි දිස්ත්‍රික්ක 14 හි අද (05) පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 05 November 2017
තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය 8 දෙනාගෙන් සිරුරු 6 ක් හමුවෙයි අතුරුදන් පිරිස් සොයා ලග්ගල තෙල්ගමු ඔයේ සිදුකර මෙහෙයුම් කටයුතු වලට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි. 05 November 2017
අත්තනගලු ඔයේ සැඩපහරට තරුණයෙක් ගසාගෙන යයි අද (4) සවස ඇති වු අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කරස්නාල ප්‍රදේශයේ සපත්තු පාලමක් හරහා යතුරු පැදියකින් යමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු ජලයේ ගසාගෙන ගොස් ඇත. 04 November 2017
තෙල්ගමු ඔයේ සැඩපහරට හසුවූ 4ක් මියයති. 5ක් අතුරුදන්.. මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් පිළිබඳ නවතම පොලිස් වාර්තා අනුව පුද්ගල මළසිරුරු 4ක් මේ වනවිට හමුවී ඇති අතර 5 දෙනෙකු තවමත් ආගිය අතක් නොමැත. 04 November 2017
ඇති තරම් පෙට්ට්‍රල් තියෙනවා - ඛනිජ තෙල් ඇමති අර්ජුන අනියත බියක් ඇති නොකරගෙන සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. 04 November 2017
ලක්ෂ 50ක කුඩු සමග තරුණ යුවළක් සැකපිට මාලඹේ නගරයේදි අද උදෑසන සූඛෝප බෝගී මෝටර් රථයකින් කුඩු රැගෙන යමින් සිටි තරුණ යුවලක් අත් අඩංගුවට ගෙන අතර එම මෝටර් රථයේ තිබි රුපියල් ලක්ෂ50ක කුඩු සොයාගත් බව පොලිසිය කියයි. 04 November 2017
සයිටම් විරෝධයක් අදත් අනුරාධපුරයේදි තම මව්පියන්ගේ ජීවිත බිල්ලට නොදී වෛද්‍ය සිසු සිසුවියන්ගේ ගැටළුවට ස්ථීර විසැදුමක් දෙන්නැයි බල කරිමන් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවක් අනුරාධපුර නව බස් නැවතුම් පොළේදී අද (4) පැවැත්විණි 04 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026