ට්‍රක් රථය ට්රාන්පෝමරයේ ගැටී තුනක් මරුට කටුනායක 18 කණුව ප්‍රදේශයේදී ට්‍රක් රථයක් අද අලුයම 2.00 පමණ අධි බලැති විදුලි උප්පාදන යන්ත්‍රයක් සවිකර තිබූ විදුලි කණු දෙකක ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 04 November 2017
අධිවේගයේදී ලොරියක් ගිනි ගනී මාතර සිට කඩවත ප්‍රදේශයට ධාවනය වූ කුඩා ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 5.6 - 5.7 අතරදී ඊයේ රාත්‍රි 10ට පමණ ගිනි ගෙන ඇති අතර කහතුඩුව අධීවේගි මාර්ග පොලිස් මුරපොළේ නිලධාරීන් හා ගැලනිගම පොලිස් විශේෂ බලකා ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා ඇත. 04 November 2017
ඉරිදා-පොයදා ටියුෂන් නවත්වන්නැයි අගරදගුරුතුමෝ ඉල්ලති ඉරිදා සහ පොහොය දිනවල උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා ටියුෂන් පංති නතර කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලීමක් කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කියති. 03 November 2017
මඩාටුගම දැරියට පාසලක් කුසගින්නේ වමනය කිරීමෙන් පසු ගැබිණියක බව පවසා පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියට මුහුණදුන් පාසල් සිසුවියට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ලබා දීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ. 03 November 2017
පෙට්‍රල් හිඟයක් රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අද (3) රාත්‍රියේ පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ. පෙට්‍රල් බෙදාහැරිම පොහොය දිනයක් වු අද සිදු නොවිම හා ප්‍රමාණවත් තරම් පෙට්ට්‍රල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු තෙල් ගබඩා වල නොතිබිම යන කරුනු හේතුවෙන් එම පෙට්‍රල් හිඟය මතු වු බවද තෙල් සංස්ථා ආරංච් මාර්ග සඳහන් කරයි. 03 November 2017
පොලිසියේ දෙදෙනා 16 දක්වා රිමාන්ඩ් යාපනය අරියාලෙයි මණියන් තොට්ටම් වෙඩි තැබීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනා ලබන 16 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස් සදීස්කරන් මහතා අද (3) සවස නියෝග කලේය. 03 November 2017
බස් -ත්‍රිරෝද රිය ගැටුමෙන් ත්‍රිරෝද රිය ගිනිගනී දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථයක් හා පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථයක් අද (3) මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු රිය අනතුරකින් ති‍්‍රරෝද රථය මහ මග පෙරලි ගිණි ගෙන විනාශ වි ඇතැයි ගලේවෙල පොලිසය කියයි. 03 November 2017
ශ්‍රීලනිප - එජාප දීගය අතහැරෙයි පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ඒක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ නොකිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කර ඇත. 03 November 2017
රාජිතට වැරදිලා - ඇමති අජිත් කියයි ඉදිරියේදී පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුනෙන් අලියා ලකුණින් තරඟ කරන බව විදුලි බල හා පුනර්ජනනිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි. 03 November 2017
ගීතා ලබාගත් වැටුප් - දීමනා ආපසු රජයට ගෙවන්න වෙයිලු ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 03 November 2017
සහල් ආනයන මිල කෝටි 17 පනී මේ වසරේ මුල් මාස අටේදී සහල් ආනයනය සඳහා රුපියල් කෝටි 17කට වැඩි මුදලක් වැය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේදී සහල් ආනයන වියදම 2,346.4 % කින් ඉහළ ගිය බව ද මහ බැංකු දත්ත වාර්තා පෙන්වාදෙයි. 03 November 2017
අලවතුගොඩ වැසියෝ වතුර ඉල්ලා පාරට බසිති අලවතුගොඩ සයිස්ටන් පෙදෙසේ පවුල් 300 කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් තමන්ට නළ ජලය ලබාදෙන ලෙස ඉල්ලා අද (3) ප්‍රදේශවාසීහු උද්ඝොෂණයක් පැවැත්වූහ. 03 November 2017
මහරගම දී කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැදී අයෙක් මරුට මහරගම මහ නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්රැක්ටරය කොන්ක්‍රීට් කණුවක වැදීමෙන් රියදුරු (59) ට්‍රැක්ටරයෙන් විසි වී කොන්ක්‍රීට් තට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් මිය ගිය බව පොලිසිය පවසයි. 03 November 2017
වකුගඩු රෝගය ගැන හොයන්න විද්‍යාඥයෝ රජරට යති දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා විද්‍යාඥයින් 80 කට වැඩි පිරිසක් රජරට ඇතුළු වකුගඩු රෝගය පැතිර ඇති පළාත් වල සංචාරයක් සඳහා අද (3 වැනිදා) පිටත්ව ගියේය. 03 November 2017
යාපනයේ තරුණයා ඝාතනයට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට යාපනය අරියාලෛ ප්‍රදේශයේ ඉකුත් 22 දින වෙඩි වැදී තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 November 2017
වසර 23කට පසු මරණ දඬුවම ප්‍රකාශයට කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ මහතාගේ පියා සිය නිවසේ නිදා සිටියදී ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගොස් වසර විසිදෙකකට පසු යළි ලංකාවට පැමිණ සිටියදී අල්ලා ගනු ලැබු විත්තිකරුට නියම කොට තිබු මරණ දඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශයට පත් කළේය. 03 November 2017
පියා පැදවු වෑන් රියට යටවී දැරිය මරුට පියා පැදවූ වෑන් රථයෙන් බිමට වැටී එම වෑන් රථයටම යටවීමෙන් අවුරුදු තුනහමාරක් වයසැති දැරියක් අද (3) තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව වීරකැටිය පොලිසිය පවසයි. 03 November 2017
අත්අඩංගුවට නොගන්නයි ගාමිණී සෙනරත්ගෙන් පෙත්සමක් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. 03 November 2017
පර්පචුවල් ට්‍රෙෂරීස් ලොක්කාගේ නඩුව විභාගයට නොගෙනම විසිකරයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සම විභාගයට නෙගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නිශ්ප්‍රභා කළේය. 02 November 2017
මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණ වුණේ රාජපක්ෂලාගේ වරදින් - විජිත හේරත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂලා ඇති කළ කොට්ඨාශවල වරදින් බවත්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා අනාගතයේ දවසක කොට්ඨාස සීමා පූර්ණ සමාලෝචනයකට ලක්කර අවශ්‍ය පියවර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 02 November 2017
ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රමාදය කෙරෙහි අවධානය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා කෙරෙන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමාදය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බව මෙරට සංචාරයක නිරත වී සිටින යුරෝපා සංගම් නියෝජිත පිරිස අද (2) ප්‍රකාශ කළහ. 02 November 2017
ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරයක් පිපිරීමෙන් 26ක් මරුට උතුරු ඉන්දියාවේ උන්චාර් නගරය ආසන්නයේ පිහිටි ගල් අඟුරු බලාගාරක සිදුවූ පිපිරීමක් හේතුවෙන් 26දෙනක් මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 02 November 2017
නාම යෝජනා කැඳවීම් නොවැම්බර් අග සතියේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවීම මේ මස 27 වැනි දිනෙන් ආරම්භ වන සතිය තුළදී සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යලාය සඳහන් කරයි. 02 November 2017
අගමැති බැඳුම්කර කොමිසමට කැඳවන්න පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා අද (2) දැනුම් දුන්නේය. 02 November 2017
සෑම ආගමකටම සමතැන දීම නියම බෞද්ධ ඉගැන්වීමයි - අගමැති අශෝක අධිරාජ්‍යයාගේ ශිලා ලේඛනවලට අනුව සෑම ආගමකටම සම තැන, ගෞරවය හා අභිමානය දීම නියම බෞද්ධ ඉගැන්වීම්වලට අනුව කටයුතු කිරීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (2) ප්‍රකාශ කළේය. 02 November 2017
දුරදිග ගිය විහිළුවේ ඝාතනයට තිදෙනෙක් රිමාන්ඩ් විහිළුවක් දුරදිග යාම නිසා ඇති වු ආරවුලකදී පහර කෑමට ලක්ව මියගිය මොරටුව එගොඩඋයන පදිංචි එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අඹු සැමි යුවළ සහ එම යුවළගේ මස්සිනා නොවැම්බර් 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද(2) නියෝග කළේය. 02 November 2017
ඉන්දීය ධීවරයින් 13ක් අත්අඩංගුවට යාපනය ඩෙල්ෆ් මුහුදු සීමාවට බටහිර මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් ධීවර කටයුතු වල නිරත ඉන්දීය ධීවරයින් 13 දෙනකු අද(2) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි. 02 November 2017
ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරන බව ට්‍රම්ප් කියයි ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ඉඩ සලසමින් දෙමින්, විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන අහෝසි කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. 02 November 2017
හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත ප්‍රේමරත්නට සිර දඬුවම් රජයේ රැකියාවක් ලබාදීම සඳහා ගම්බද කාන්තාවකගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත පේ‍්‍රමරත්න මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා රුපියල් 10,000 ක දඩයක්ද ඔහුට නියම කළේය. 02 November 2017
තලවතුගොඩ වෙඩි තැබීමක් තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ රන්බඩුහලක් කොල්ලකෑමට අද (2) පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් රන්බඩු සාප්පුවේ හිමිකරු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 02 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026