(විනීතා එම් ගමගේ)
ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, හෙද හා මෝටර් රථ යන ක්ෂේත‍්‍ර හතරේ රැකියා ඇබෑර්තු 25000 කට අධික ප‍්‍රමාණයක් ඇතත් පුහුණු වෘත්තිකයන් හිඟයක් ඇතැයි ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත.
එකී අධ්‍යයනයේ තොරතුරු පදනම් කරගෙන මෙම කෙෂත‍්‍ර හතරේ සේවාවන් සඳහා ආධුනිකයින් දිවයිනේ සියලූ ප‍්‍රදේශවලින් බඳවාගෙන කෙෂත‍්‍රගත පුහුණුවක් සහිත පුහුණු පාඨමාලාවකට ඇතුළත් කර ජාතික වෘත්තිය පුහුණුවේ 3 හා 4 මට්ටම්වල සහතිකයක් පිරිනැමීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට ද එම ආයතනය පියවර ගෙනඇත.
විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කෙරෙන බව නයිටා ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ලංකාදීපයට පැවැසීය.
මේ සඳහා බඳවා ගන්නා ආධුනිකයින්ට මාස දෙකක මූලික පුහුණුවකින් පසු රැකියා ගත පුහුණුවක් ලබාදෙන අතර එය අවසානයේ සාර්ථකව පාඨමාලාව හැදෑරූ පිරිසට සහතික පිරිනැමීමට කටයුතු කරන බව ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මෙම පාඨමාලාවේ පළමු පියවර ලබන මස පළමුවැනිදා ආරම්භ කරන බවත් ඒ සඳහා පුහුණු ලාභීන් මේ වනවිට නයිටා දිස්ත‍්‍රික් මධ්‍යස්ථානවලදී බඳවා ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
ආධුනිකයෙක් ලෙස මෙම පාඨමාලාවට බැඳීමට කැමැත්තක් ඇති අයවෙත් නම් 1951 ක්ෂණික අංකය අමතා වැඩි විස්තර ලබා ගත හැකි බව ද සභාපතිවරයා පැවැසීය.
උසස්පෙළින් පසු අධ්‍යාපනය නතර කරන තරුණ පිරිස් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල දිගටම ගෙන යන බවත් ඉදිරියේ දී මෙවැනි අධ්‍යයනයන් තුළින් සොයා ගන්නා රැකියා අවස්ථාවන් සඳහා පුහුණු කිරීම් දිගටම කරන බවත් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සහතිකේ දුන්නත් අඩු පඩියට දවස ගානේ බාල්දුවෙන රුපියල් වලින් පඩිගන්න මොන කෙනාද එන්නේ. රට යනවා වැසිකිලි හෝදන්න හරි. සමහර ආයතනවල මාසෙකට ගෙවන්නේ රුපියල් දහ පහළොස් දාහයි. අඩු ගානේ මාසේ බඩ කට පුරා කන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. පිට රටවල වහල් සේවේ කරපු අයටත් පඩි නොදුන්නට ඇතිවෙන්න කන්න දුන්නලු ඉඳුම් හිටුම් බෙහෙත්හේත් එහෙමත් දීලා. මේ රස්සා වහල් සේවෙටත් අන්තයි. මේ යන විදිහට රුපියල බාල්දු උනොත් තව ටික දවසකින් පාරේ හිගන්නෝ පිරෙයි ඉල්ලන් කන්න.
ලලිත් ඔයාලා වගේ මිනිස්සු ඉන්නකන් අපිට වෙන්නේ හිඟාකන්න තමයි. හැම එකටම දොස් කිය කිය ඉන්නවට වඩා ඔයාගෙ අහල පහල ඉන්න පාසැල් හැර ගිය ළමයෙක් මේ වගේ වැඩසටටහනකට යොමු කරන්න. නැත්නම් වෙන්නේ අපිට මේ ක්ෂේත‍්‍ර සඳහා අවශ්‍ය ශ්‍රමය පිටරටවලින් ගේන්න. ඔයාලට වෙන්නේ අපේ රස්සා පිටරැටියන්ට දුන්න දැන් අපිට කන්න නෑ කියල හිඟා කන්න
වැඩි දුර විස්තර දැනගන්නේ කෙසේද?
මට ඉක්මණින් රැකියාවක් අවශ්‍යයි... කරුණාකර උදව් කරන්න.