(මහින්ද නිශ්ශංක)
රුපියල් 3000ක ගාස්තු අයකිරීමක් යටතේ ගල්කිස්ස හා රඹුක්කන අතර ධාවනයේ යෙදවූ දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද(26) පියවර ගත්තේය.
විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ඊයේ (25) සිට ධාවනයට එක්කළ මෙම සුඛෝපභෝගී දුම්රියේ ගමන් ගැනීමට කිසිදු මගියෙකු නොසිටි අතර අද(26) දින ද එසේ වීම දුම්රිය අවලංගු කිරීමට හේතු වී තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත දුම්රිය ධාවනය අවලංගු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන්ට මීට කලින් හැම දුම්රිය ස්ථානයකම පිරිසිදු වැසිකිලි හැදුවනම් තමා හොඳ. ඒ කෝච්ච්ය දුක් විදිනවා උදේට වැඩට යන අය. එනිසා ඒක දාන්න කාර්යාල වෙලාවට වැඩට යන්න.
මෙවැනි දුම්රියක් ධාවනය වන බව නොදන්නා නිසා මගීන් නැත මේවා කාලයකට පෙර සිට ප්‍රසිද්ධ කරන්න ඕනේ මගීන්ට දැන ගන්න.
දුම්රිය ගල්කිස්සේ සිට නුවරටම දාන්න. එතකොට ඇතිවෙන්න සෙනග ඉදිවී.
ඕක සුපිරි දුම්රියක් නම්, යන්නෙත් සංචාරකයෝ වෙනුවෙන් නම් එක රඹුක්කනට ගිහින් මොන කෙහෙල් මලකටද? නුවරට හරි දඹුල්ල, සිගිරිය දිහාට හරි ගියා නම්ගාල්ල මාතර ඉඳලම, සුද්දෝ උනත් යයි.
ගල්කිස්ස සිට මාතලේට හෝ නාවලපිටියට දමන්න එවිට මගීන් සිටීවි, අනිත් කරුණනම් වර්ජන ගර්ජන නොමෙති විස්වාසවන්ත සේවයක් තිබිය යුතුය. රාජකාරිය නිසිපරිදි සිදුකරන අවංක රියදුරන් නියාමකයන් සේවයට අනුයුක්ත කල යුතුය.
සාධාරණ ගානක් අය කරන්න.
නුවරට නොවේ බදුල්ලට දැම්මනම් තවත් හොදයි, සති අන්තයක නිදහසේ යන්න දුම්රියක් නැහැ ඔක්කොම ෆුල්