‘අලුතින් පටන් ගන්නවා නම් සර්වපාක්ෂික සමුළුවට යනවා’- විමල් ජනාධිපතිවරයා කැඳවීමට බලාපොරොත්තු වන සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය සහය පළ කරන්නේ ව්‍යවස්ථාව පිළිබඳ දැනට පවතින ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව ප්රවේශයකින් කටයුතු කරන්නේ නම් පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. 02 November 2017
පුංචි ඡන්දයට එජාප - ශ්‍රීලනිප හවුලක් නෑ ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකට එක්ව තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් අමරසේන මහතා අද(02) පැවසීය. 02 November 2017
‘හෙළ උරුමය පිළිගන්නේ ඒකීය අරුතයි‘ - චම්පික ජාතික හෙළ උරුමය පිළිගන්නේ ව්‍යවස්ථාවේ ඇති ඒකීයභාවය යන වචනය නොව එහි ඇති අරුතයැයි ජාතික හෙළ උරුමය මහ ලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 02 November 2017
කම්කරු කොංග්රස් මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළු තුනකට පොලිස් ඇප ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ති‍්‍රවරු දෙදෙනෙක් හා එම පක්ෂයේ තවත් තිදෙනෙක්ව හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (2) පොලිස් ඇප මත මුදා හැරිණි. 02 November 2017
ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයට කොන්දේසි 7ක් එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට නම් එජාපය සමග හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු කරුණු 7ක් ඉටු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය දැනුම් දෙයි. 02 November 2017
ගීතාගේ අසුනට එන පියසේන ගමගේ ශ්රීලනිපය සමග බව කියයි ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වන ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සුදුසුකම් ලබා ඇති හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද(2) එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය. 02 November 2017
ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියා අගමැතිගේ පැසසුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ මහත් පැසසුමට ලක්විය. 02 November 2017
හෙරොයින් ගෙනා පකිස්ථාන් යුවළ රැඳවුම් බාරයේ නිතිවිරෝධි ලෙස මෙරරට හෙරොයින් රැගෙන ආ පකිස්ථාන් යුවළ නොවැම්බර් 7 වැනි දා දක්වා රඳවා තබාගෙන පරික්ෂණ සිදු කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා නියෝග කළේය. 02 November 2017
ගීතාගේ මන්ත්‍රී ධුරය නීතියට පටහැනි බව තීන්දු වෙයි ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (2) තහවුරු කළේය. 02 November 2017
පුංචි ආණ්ඩුවලට මන්ත්‍රීලා දෙගුණයක් නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ද සභිකයන්ගේ සංඛ්‍යාව 4,486 සිට 8,356 දක්වා ද වැඩිවෙයි. පළාත් පාලන ආයතන සංඛ්‍යාව පහකින් වැඩිවන්නේ මහ නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 4ක් අලූතින් පිහිටුවීම නිසාය. 02 November 2017
ඕස්ට්‍රේලියා අගමැති දිවයිනට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු 13 දෙනෙක්ගෙන් යුත් දුත පිරිසක් අද (2) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 02 November 2017
අකුණුසර වැදී තරුණයකු මරුට අකුණු සැර වැදී සෙල්ලකතරගම ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු අද (1) මියගොස් ඇත. කරවිල පාර,සෙල්ලකතරගම පදිංචි තරුණයකු වැසි සහිත අවස්ථාවක ගෙස්ටුපාන වැව ප්‍රදේශයේ සිටියදී අකුණුසැර වැදී ඇති බවත් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ඔහු මියගොස් සිටි බවත් කතරගම රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. 01 November 2017
පුංචි ඡන්දය ජනවාරි අග පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මාසය ඇතුළත ස්ථිර වශයෙන්ම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද(1) තීරණය කළේය. 01 November 2017
සයිටම් ගැන රජයේ යෝජනාවලියට උපකුලපතිවරුන්ගේ ප්‍රසාදය සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විසඳුම් යෝජනාවලිය සාධනීය හා සුබවාදී යෝජනා මාලාවක් ලෙස පිළිගත හැකි බව රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 November 2017
සින්නයියාට සේවා දිගුවක් නොදුන් හේතුව දයාසිරි කියයි නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ ට්‍රැවිස් සින්නයියා මහතාගේ ධූර කාලය මාස දෙකකට සීමා කරන්නට සිදුවූයේ ඊට පහළින් සිටින තවත් යුද විරුවන්ට නාවික හමුදාපතිවරයෙක් ලෙස විශ්‍රාම යෑමට අවස්ථාව දිය යුතු වූ නිසා යැයි සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 November 2017
මිහින් ලංකා ගැන සොයන්න ජනපති කමිටුවක් මිහින් ලංකා ආයතනයේ ආරම්භක අධ්යක්ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 01 November 2017
රංජන් රාමනායකට ගම්පහ දිස්ත්‍රික් එජාප සංවිධායක ධූරය එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කරනු ලැබ සිටී. 01 November 2017
රතුපස්වල නඩුව ජනවාරි 24 විභාගයට ගම්පහ රතුපස්වල ජනතාවට වැලිවේරිය නගරයේ දී වෙඩි තබා පහරදී තිදෙනෙක් ඝාතනය කිරිමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු සැකකාර හමුදා සාමාජිකයන් සිව්දෙනාට එරෙහිව නඩුව ජනවාරි 24 වැනි දා නැවත කැඳවන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (1) නියෝග කළේය. 01 November 2017
හල්දුම්මුල්ල බස් රථ අනතුරකින් 6කට තුවාල බණ්ඩාරවෙල සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගි බස් රථයක් හල්දුම්මුල්ල කළුපහණ හන්දියේ දී පාරෙන් ඉවතට පැන වෙළඳසළක ගැටි හය දෙනෙක් තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කරනු ලැබු බව පොලිසිය පවසයි. 01 November 2017
බුද්ධි අංශ ස්ථානාධිපති මැරූ කොටියා දිවි ඇතිතෙක් සිරගෙට දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපති සුනිල් තාබෘෘ මහතා ඔහුගේ නිල නිවසේ දී වෙඩි තබා ඝාතනය කළ කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණය අද(1) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. 01 November 2017
ඖෂධ සංස්ථාවේ ඔසුසල්වලින් නොමිලේ ඖෂධ දිවයින පුරා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (1) ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතාවය මගහැරවීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල් වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. 01 November 2017
සතොසේ හාල් හා පරිප්පු මිල අද රෑ සිට අඩුවෙයි ලංකා සතොස පොන්නි සම්බා සහල් සහ පරිප්පු මිල අද(1) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 01 November 2017
පුංචි ඡන්දයේ ගැසට් පත්‍රයට ඇමැති ෆයිසර් අත්සන් තබයි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා වන රජයේ ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(1) අත්සන් තැබීය. 01 November 2017
ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව පිළිබඳ විවාදය හෙටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදය හෙට(2) දිනත් පැවැත්වීමට කටයුතු කරන බව කථානායක කරු ජයසුරිය මහතා අද(1) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය. 01 November 2017
උතුරු මැද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉවතට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපතිවරයා එම තනතුරින් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුසු සභාපතිවරයකු පත් කරන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතාට ලිඛිතව දැනුම්දී තිබේ. 01 November 2017
හෙරොයින් සමග පාකිස්තාන යුවළ කොටුවෙයි බ්රව්රන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් ලාහෝර් සිට රැගෙන ආ පකිස්තාන ජාතික යුවළක් අද(1) අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි. 01 November 2017
තෙල් මිල අඩු කරන්න යයි ඩීසල් සහ පෙට්‍රල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට ඛනිජ තෙල් නීති ගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 October 2017
බටපොල වෙඩි තැබීමකින් 5කට තුවාල බටපොල ඊරියපිටියේදී සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 31 October 2017
ඖෂධවේදියෝ හෙට වැඩ වරති රට පුරා රජයේ රෝහල්වල සේවය කරන ඖෂධවේදීහු හෙට (01) සංකේත වැඩ වර්ජනයක නිතර වෙති. 31 October 2017
පොලිස් නිශ්කාශන වාර්තා ගාස්තු දෙගුණ වෙයි පොලිස් නිශ්කාශන වාර්තා ලබා ගැනීමේදී අය කරන මුදල නොවැම්බර් මස 05 වනදා සිට වැඩි කිරීමට අනුමැතිය ලබී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 31 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026