( ඉන්දික අරුණ කුමාර)
දකුණු පසුපස පාදය දැඩිසේ විකෘති වීමෙන් ගිලන් වී දැඩි වේදනාවෙන් පසුවන වන අලියෙකු ලග්ගල සිට රණමුරේ දක්වා දිවෙන මහා මාර්ගය අසලට පැමිණ ඇතැයි ප‍්‍රදේශ වාසිහු කියති.
අලියාගේ පාදය කැඞී හෝ තුවාල සිදුවීම හේතුවෙන් පාදය දැඩි ලෙස ඉදිමී ඇති බව ඇති බවද ඔවුහු කියති.
දින කිහිපයක සිට මාර්ගය අසල ගැවසෙන මෙම වන අලියා ප‍්‍රතිකාර කිරීමට කිසිදු වගකවයුතු නිලධාරියෙකු මෙතෙක් පැමිණ නොමැති බව ද ප‍්‍රදේශ වාසීහු පවසති.
වේදනාවෙන් පසුවන වන අලියාගේ පාදය සුවපත් කරන්නට මැදිහත් වන්නැයි ප‍්‍රදේශ වාසීහු වනජීවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් ඇලහැර වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා දැනුවත් කළ අතර එහිදි ඔහු කියා සිට්යේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාල ප‍්‍රදේශය බාර වනජීවි නිලධාරින් දැනුවත් කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පශු වෛද්‍ය වරුන්ට කල නොහැකි නම් ශල්‍ය වෛද්‍ය වරු කණ්ඩායමක් හෝ එකතුවී ඉක්මනින් ප‍්‍රතිකාර කරන්න.
කෝ අර හෑම මගුලකටම කඩා පනින හාදයා? කෑලේට පරාදයි වගේ ජෝඩුවම. කිසිම වගකීමක් නෑ. දෙන්නම කතාව විතරයි. අලි, වල් සත්තු මරනවා ඕසෙට.
අනේ පවු . ඉක්මනින්ම අලි අනාතාගරයකට ගෙනිහිල්ලා ප‍්‍රතිකාර කරන්න.
මේ කාලෙ අලින්ට අපලයි වගේ ගොඩක්..
වහාම ගිහින් මේ අලියා ගැන සොයා බලා ප‍්‍රතිකාර කරන්න.