(බිඟුන් මේනක ගමගේ)
ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් ජර්මනියේ බර්ලින් නගරයේ පිහිටි ශ්‍රී ලංකා විහාරස්ථානයට වැඩම කරවීමට රජය කටයුතු යොදා ඇත.
ඉත්තෑපානේ ධම්මාලංකාර සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් විසින් ජනාධිපතිවරයාට බාර දෙනු ලැබ ඇති එම බෝධි ශාඛාව ලබන 30 වැනිදා ජර්මනියේ බර්ලින් නුවර බලා වැඩම කරවීමට නියමිතය.
මෙම වැඩම කරවීමට ජර්මන් ධර්ම දූත සංගමයේ නිලධාරින් ඇතුලුව විශේෂ ධූත පිරිසක් සහභාගී වන අතර එහි නිලධාරි කණ්ඩායමේ ප්‍රධානත්වය භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා විසින් දරනු ලැබේ.
බෝධීන් වහන්සේට ගෞරව පිණිස විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවත් එම අවස්ථාවට සහභාගී වන්නැයි ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා විහාරවාසී මහගම විනීත හිමියෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බෞද්ධ කියාගන්නා අයට වඩා මෙම උතුම් වූ බෝධිය වටින්නේ අවබෝධයෙන් දහම පරිශීලනය කරන යුරෝපීය ජාතිකයන්ටයි. ඔවුන්ට දහම කියාදෙන්නෙත් යුරෝපීය හිමිවරුන්ය.