(කාංචන කුමාර ආරියදාස)
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ලබන 27 වන දාට අලුයම 5 සිට සීගිරි නැරඹීම සඳහා විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලය තීරණය කර තිබේ.
දෙස් විදෙස් සංචාරකයන් සඳහා ලෝක සංචාරක දිනය වූ 27 වැනිදා අලුයම පහට සීගිරි ගල මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සීගිරියේ උත්සව කිහිපයක් සංවිධානය කර තිබේ.
එහිදී ජංගම දුරකථන සඳහා නවතම පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීමට නියමිතව තිබේ. එහිදී සිදුකරනු ලබන්නේ එම මෘදුකාංගය ලබා ගැනීමෙන් පසු සීගිරිය ඇතුළත ඇති ඕනෑම ස්ථානයකට ගොස් එහි ඇති රහස් අංකය ජංගම දුරකථනයේ සඳහන් කළ විගස එම ස්ථානයේ ඓතිහාසික සිදුවීම් හඬ පට ප්‍රරචාරය වීම ය.
එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඉදිකරන ලද ඖෂධීය ඔසු උයන විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරේ.
ලබන 27 වන දින අලුයම 5.00 ට සීගිරිය විවෘත කිරීම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුව සිගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් ගෙන් විමසීමේ දී කියා සිටියේ මේ වන තුරුත් මධ්‍යම සංස්කෘතික අරමුදල තම කාර්යාලය එ පිළිබඳව දැනුවත් කර නැති බවය.
මධ්‍යම සංස්කෘතික අරමුදලට එහි මෙවැනි තීන්දු තීරණ ලබා ගැනීමේ දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු යැයිද එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේය. ලබන 27 වනදා අලුයම පහට සීගිරි පව්වට නැගීම සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති නිසා උදේ හත වන තුරු විවෘත කිරීම ඇතුළු වීම සදහා අවසරයක් ලබා දීමට නොහැකි යැයි හෙතෙම සඳහන් කළේය.
ඒ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එකම අමාත්‍යාංශයක පවතින ආයතන දෙකක් බැවින් මෙම සංචාරක දිනය සැමරීම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අතින් සිදු කෙරෙන එකක් බවය. ඒ අනුව පුරාවිද්‍යා අංශ නිලධාරින් ඉහළින් දැනුම් දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුවර වෙලාවට සීගිරියේ ලයිට් දැම්මම බඹරු එන්නෙ නැද්ද එළිය තියන තැන් වලට?
විදේශිකයන්ගෙන් සීගිරිය නගින්න අය කරන මුදල ඉතාමත් වැඩි.
අපි වෙන රටවලදී ඔය වගේ තැන්වලට ගෙවන මුදල දිහා බලපුවහම වැඩි නැහැ