(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉදිකැටිහේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) අද නියම කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20ක් බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මුදාහැරීමට මෙසේ නියෝග කෙරිණි.
ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී ෂුගර් ආයතනයට දී ඇති කන්තලේ සීනී සාගමට අයත් යන්ත්‍ර සුත්‍ර පවරා දීම සඳහා අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත් බවට මෙම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ඉතින්.. ? නඩුව අහල අවසාන තීන්දුව දෙන්න තව කොච්චර වගේ කලක් යාවිද?
ඇප ලැබුණට රෙද්දක් ඇදන් ගම්පලාතට යන්න පුලුවන්ද ??
අනේ විලි ලජ්ජා නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකු නේ කියලා ගමේ ගොඩේ කතාවක් තියෙනවනේ.
මේ ගැන කරන පොලිස් පරීක්ෂණ අවසන් වෙන්න තව වසර දෙකතුනක් යාවි. ඊළඟට චෝදනා ගොනු කරලා නඩු විභාගය ආරම්භ කරන්නත් තව වසර දෙකතුනක් යාවි. ඊට පස්සේ නඩුව වසර තිහ හතළිහක් උනත් ඇදිලා යන්න ඉඩ තියනවා. එතකං ඉවසමු .
අල්ලස් නඩු වලට ඇප නැහැ නේද? මොකෝ මේ අය හීං නුලෙන් එළියට දාන්නේ? රට පටවන්නද?
ළඟදී බණ්ධනාගාර රෝහල් ගතවෙනකොටම තේරුණා ඉදිරියේදී යමක් වේවි බව. දැන් ඇප.
දන්නේ නැත්ද මේක යහපාලනය කියලා !!
කුසුම්දාස කියන්නේ අර ප්‍රසිද්ධ වාද බයිලා කියන එක්කෙනාද..