(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉදිකැටිහේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) අද නියම කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20ක් බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මුදාහැරීමට මෙසේ නියෝග කෙරිණි.
ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී ෂුගර් ආයතනයට දී ඇති කන්තලේ සීනී සාගමට අයත් යන්ත්‍ර සුත්‍ර පවරා දීම සඳහා අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත් බවට මෙම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.