ඕස්ට්‍රේලියා අගමැති නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ලබන නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය. 30 October 2017
බලපිටිය අධිකරණයට විශේෂ ආරක්ෂාවක් බලපිටිය අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිත පාතාලයට සම්බන්ධ දරුණු අපරාධකරුවන් ගාල්ල බන්ධනාගාරයේ සිට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රියෙන් රැගෙන එනු ලැබූ අවස්ථාවේ ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණු අතර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ද විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබිණි. 30 October 2017
සයිටම් අහෝසි කර නැතැයි ජවිපෙ කියයි සයිටම් අහෝසි කළ යුතු යැයි මතුපිටින් පිළිගෙන ආණ්ඩුව සිදුකර ඇත්තේ එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වාගෙන යාමට උපක්‍රමයක් යොදාගැනීම යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 30 October 2017
හිටපු මන්ත්‍රී විනයාගමුර්ති මුර්ලිදරන් මුදා හරි නව කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා වෙඩි නොවදින ජිප් රථයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගත් බව කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුර්ලිදරන් මහතා (කරුණා අම්මාන්) නිතිපති උපදෙස් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (30) එම නඩුවෙන් මුදා හරිනු ලැබීය. 30 October 2017
හිටපු සෙබළාට දස වසරක සිර දඬුවම් ඉඩම් ආරවුලක් මුල් කරගෙන පිහියකින් ඇන සිය ලොකු තාත්තා ඝාතනය කර අනියම් මිනී මැරුමක් සිදු කළ හිටපු හමුදා සෙබළකුට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. 30 October 2017
ඕමන්තේ බස් රථයක් හා බවුසරයක් ගැටී 24 කට තුවාල වව්නියාව ඕමන්ත හා පුලියන්කුලම් අතර පිහිටි පණ්ඩ්රි කෙයිදපුලියන්කුලම් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් හා බවුසරයක් අද (30) එකිනෙක ගැටීමෙන් 24 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලීසිය පවසයි. 30 October 2017
ප්‍රසන්න රණවීර ඇතුළු 31 ක් යළි රිමාන්ඩ් මත්තල ගුවන්තොටුපළ විකිණිමට එරෙහිව හම්බන්තොට දී පසුගිය 6 වැනි දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් 30 දෙදෙනාගෙන් එක් අයකුට ඇප ලබාදී ඉතිරි 31 දෙනා නොවැම්බර් 13 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය. 30 October 2017
කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය. 30 October 2017
සිතුල්පව්වේ ඇතා විනිසුරුගෙනුත් කප්පම් ඉල්ලයි සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ඇතුළු පවුලේ පිරිස ග්‍රහණයට ගෙන ඇත. 30 October 2017
සයින්දමර්දු වැසියෝ ප්‍රා සභාවක් ඉල්ලා හර්තාල් අම්පාර සයින්දමර්දු ප්‍රදේශයට ප්‍රාදේශිය සභාවක් ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව දින 3ක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. 30 October 2017
දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ දුලිප් විජේසේකර මහතා සඳුදා (30) ඒකාබද්ධ විපක්ෂයට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි 29 October 2017
නියෝජ්‍ය ඇමැති දුලිප් ඉවතට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය. 29 October 2017
රජයේ යෝජනාවලට සයිටම් ප්‍රතිචාරය හෙට මාලබේ සයිටම් ආයතනයේ ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ යෝජනා පිළිබඳව සලකා බලා හෙට (30) අදහසක් ඉදිරිපත් කරන බව සයිටම් ආයතනය කියයි. 29 October 2017
රාජ්‍ය ආයතන 15ක් ගාලු කොටුවෙන් ඉවතට ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටා ඇති රාජ්‍ය ආයතන 15ක් දෙසැම්බර් මස අවසානයට පෙර කොටුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනය නිකුත් වී ඇති බවත් ඒ අනුව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ගාලු උරුමය පදනමේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත මහතා පවසයි. 29 October 2017
වතුර නැතිව පොළොන්නරුවේ 50,000කට පීඩා දිවයිනේ බොහෝ පෙදෙස්වල මහ වැසි පැවතිය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන වියළි කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක වෙසෙන පවුල් 13698 ක පුද්ගලයෝ 52223 දෙනෙකුට පානීය ජල සැපයුම සිදු කෙරෙන බව ආපදා කළමණාකරන ඒකකය කියයි. 29 October 2017
අකුණුසැර වැදී තිදෙනෙක් මරුට වීරකැටිය, මැදමුලන වෙල්යායක් මධ්‍යයේ පිහිටි කමතක වී වේලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද දහවල් අකුණුසැර වැදී මියගොස් ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 29 October 2017
වකුගඩු රෝගය ගැන සොයන්න ඕස්ට්‍රේලියාවෙන් කණ්ඩායමක් දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ අධ්‍යයනයක් සඳහා ඕස්ට්‍රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් අනිද්දා (31) දිවයිනට පැමිණීමට නියමිතය. 29 October 2017
යාපනයේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරවලට සීල් යාපනයේ පෞද්ගලික රෝහලක අක්ෂී සැත්කම් අසාර්ථක වීමක් හේතුවෙන් රෝගීන් 10දෙනෙකුගේ ඇස්වලට හානි සිදුවීම මත එම රෝහලේ සැත්කම් තාවකාලිකව තහනම් කිරීමට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කේ.ගුණසීලන් මහතා පියවර ගෙන තිබේ. 29 October 2017
රජයේ යෝජනාවලියට එකඟ නැති බව සයිටම් විරෝධීහු කියති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විසඳුම්වලට තමන් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සහ සිවිල් සංවිධාන කියයි. 29 October 2017
රවී සහ මහේන්ද්‍රන් ගැන ලිපිගොනු තවම බාරදී නැතිලු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක කොමිසමට ඉදිරිපත් කරන ලෙස එම සමාගමට නියම කොට තිබුණත් මේ වනතුරු අදාළ ගොනු කොමිසමට බාරදී නැතැයි කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය. 29 October 2017
වතුකරයට නව නිවාස 1500ක් රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබූ නිවාස සහ ඉඩම් අයිතිය දැන් වතුකරයේ ජනතාවට ද ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය. 29 October 2017
හාවකුට තිබ්බ වෙඩිල්ල දැරියකට වැදිලා දඩයක්කරුවකු විසින් සතෙකු දඩයම් කිරීම සඳහා එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මන්නාරම සෙට්ටයාර්කට්ට අඩම්පන් ප්‍රදේශයේ වයස අවුරුදු නවයක දැරියක් අද (29) උදෑසන තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි මුරුණ්කන් පොලිසිය කියයි. 29 October 2017
අවධානයෙන් සිටින්නැයි අම්බලකන්දේ ජනතාවට උපදෙස් තද වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියටත් පැවතුනත් ආරක්ෂිත ස්ථාන වලට යන ලෙසට අද අරණායක අම්බලකන්ද, නාරංගල සහ ගංතුන ප්‍රදේශවල ජනතාවට අරණායක ප්‍රාදේශිය ලේකම් දැනුම් දුන්නේය. 29 October 2017
බහුතර කැමැත්ත මාවෙයි සේනාධිරාජාටලු ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිරනයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් තරඟ කිරීමට හොඳම සුදුස්සා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන මහතාට දැනුම් දී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය. 29 October 2017
ඇමතිට බැන්නයි කී ග්‍රාමනිලධාරීට මාරුවක් තමාට බැන වැදුනේයැයි ඇමැති දුමින්ද දිසානායක විසින් පැමිණිලි කරනු ලැබූ ග්‍රාම නිලධාරියාට එරෙහි විමර්ශන අවසන් වන තෙක් ඔහු ස්ථාන මාරු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ට දැනුම් දී තිබේ. 29 October 2017
‘බෝම්බ දාන්නේ නැතිනම් පාර්ලිමේන්තුව ගිලෙන්ඩ ඕනෑ‘ - විමල් ජනතාවගේ සල්ලි නාස්ති කරන පාර්ලිමේන්තුවට කවුරු හරි උඩින් ඇවිත් බෝම්බ දමන්නේ නැතිනම් භූමි කම්පාවක් ඇවිත් ගිලිලා යා යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 29 October 2017
අම්බල කන්දේ සුළු නායයෑම් ඉකුත් දින කිහිපයේ ඇද හැලුණු මහ වැස්සත් සමඟ අරණායක අම්බලකන්ද ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සුළු නායයෑම් සිදු විය. 29 October 2017
දක්ෂිණ අධිවේගයේදී බසයක් ගනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් කුඩා බස් රථයක් අද උදේ ගිනිගැනීමකට ලක්විය. 29 October 2017
සයිටම් අහෝසි කරන්න රජය තීරණය කරයි මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ. 29 October 2017
කොස්ගොඩ වෙඩි තැබීම් තුනකින් හතරක් මරුට අම්බලන්ගොඩ කොස්ගොඩ දී අද ( 29) අලුයම 3.45 පමණ සිදුවූ වෙඩි තැබීම් 3 කදී පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් 15 හැවිරිදි දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 29 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026