(අජන්ත කුමාර අගලකඩ)
රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති චන්දිම වීරක්කොඩි සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සභාපති ලෙස සබරගමු හිටපු ඇමැති අතුල කුමාර රාහුබද්ධ මහතා පත්කර ඇති අතර ඔහු රත්නපුර ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධූරයට ද පත්කර ඇත.
ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා පත් කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කම්ටුවේ සම සභාපති ලෙස හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා පත්කරනු ලැබ සිටිති.
ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිරිනැමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනාතා නිදහස් සංධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර, ඇමැති මහින්ද සමරසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.