(අජන්ත කුමාර අගලකඩ)
රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති චන්දිම වීරක්කොඩි සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සභාපති ලෙස සබරගමු හිටපු ඇමැති අතුල කුමාර රාහුබද්ධ මහතා පත්කර ඇති අතර ඔහු රත්නපුර ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධූරයට ද පත්කර ඇත.
ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා පත් කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කම්ටුවේ සම සභාපති ලෙස හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා පත්කරනු ලැබ සිටිති.
ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිරිනැමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනාතා නිදහස් සංධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර, ඇමැති මහින්ද සමරසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම තේරුමක් නැති චරිත... ජනාධිපතිතුමාට ජය !!!
අර අනෙක් පක්ෂයේත් මේ විදියටම සංවිධායකවරු පත් කරගෙන පත්කරගෙන ගිහින් අන්තිමට විපක්ෂේ අවුරුදු ගණනාවක් හිටිය මගේ හිතේ!!! (ලෙඩා මලත් මොකෝ බඩ සුද්ද වුනානේ)
නිකං රට කකා ඉන්න හුලං ගිය බැලුන් වගේ. එහෙට යනවා මෙහෙට යනවා සත පහකට වැඩක් නැහැ. කරපු එක වැඩක් කියන්න රටට මොකුත්ම නැහැ නේද?
එතකොට සුසිල් ප්‍රේමජයන්තලාට මොකද වෙන්නේ?
මේ බව නොදැන නොවෙයිනේ අයින් වුනේ. මෙය ප්‍රශ්නයක් නොවෙයි.. එම නිසා සිංහල ජාතියට අගතියක් වන කිසිම පනතක් සම්මතවීමට ඉඩ තියන්න එපා. 2020ට කලින් මෙම රජය පෙරලා ගන්න.
මේ රිලවුන් වගේ එහාට මෙහාට පනින හොර දේශපාලකයින් ගන්න පඩි නඩි සහ විශාල වරප්‍රසාද වලට ගෙවන කෝටි ගණන් මහජන මුදල් මොන තරම් අපරාධයක්ද? මහජනතාවට අනේක ලෙස බදු ගහලා, ඒ සල්ලි වලින් මේ හොරුන්ට පඩි ගෙවලා අද අපි අත ලෙවකනවා. මේ හොරුන්ට යන්න අපායක් තියේවිද? අනික මේ දේශපාලකයින් ගසා කාපු ප්‍රකෝටි ගණන් මහජන මුදල් නිසා අද ලංකාව බංකොලොත් රටක් වෙලා අවසානයි...
අනුර ප්‍රියදර්ශන තමන්ගේ ගේ වටේ තිබුණු පාරවල් ටික හැදුවේ නැහැ. හිටියට වැඩක් නැහැ. එන්නකෝ මේ පාර...
රටටම වැඩක් නැති ගසාකෑ අය තමයි ඉන්නේ..
පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අරගෙන කෙලින්ම කටයුතු කරන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදුරා ගැනීමට කුමන්ත්‍රණය කරන එකේ තේරුම පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කිරීම නොව එක පුද්ගලයෙක් නැවත බලයට ගෙනඒමට බව ඉතාම පැහැදිලියි. පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති මොනවාද? සාමාජිකයින් කීයක් ඉන්නවාද කියන්නේ නැතුව නාමිකව කිසිම පෞරුෂත්වයක් හෝ ආකර්ෂණයක් නැති නෝන්ජල් නායකයෙක් කියා කෙනෙක් තියාගෙන වැඩේ දුවන්නේ වෙනත් කෙනෙකුගේ නමින් නේද? ඔය පක්ෂය කියන එකේ ප්‍රතිපත්තිය තමා ඒ පුද්ගලයාගේ වචනය. එයා කියන අන්දමට තමා සේරම වෙන්නේ. වෙඩි මුර කිය කියා රැස්වීම් තිබ්බට, පෙළපාලි ගියාට "වොයිස් කට්" දුන්නට කයිවාරු ගැහුවට ඒ සියල්ල එක්කෙනෙකුගේ "අසාමාන්‍ය දිශ්නය" මතින් බැබලෙන දේවල් මිස වෙනත් හරි හමන් බලවේගයක් නැති බව මේ සේරම දන්නවා. ඒකයි ඒ ගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සවිමත් අත්තිවාරම මතින් තමන්ට අවශ්‍ය මාලිගාවක් හදා ගන්නට මේතරම් වලි කන්නේ. මේගොල්ලෝ තනතුරුවලින් අස් කරලා හරියන්නේ නැහැ. හොර ගල් අහුලන්නේ නැතුව සාමාජිකත්වයෙනුත් නෙරපිය යුතුයි.
මේ ගොල්ලන්ට රට සංවර්ධනය කිරීම කෙසේවෙතත් තමාගේ සහ තම පවුලේ අාර්ථිකය නම් හොඳින් සංවර්ධනය කරගන්න පුළුවන්...
අනිත් අයත් එළවමු.
පක්ෂ පාට කුමක් වුනත් මෙම පුද්ගලයන් පසුගිය අවරුදු 10-15 තිබුන සෑම රජයක් යටතේම ලොකු ඇමති තනතුරු සහ තව තවත් ලොකු ලොකු තනතුරු දරුවත් රටේ ආර්ථිකය බරපතල කඩාවැටීමකට ලක් විය...... නමුත් මොවුන්ගේ සහ පවුල්වල උදවියගේ වත්කම් සීඝ්‍ර ලෙස ඉහළ ගියේය ඉදිරියටත් මොවුන් පත්කර ගැනීමෙන් සුභාධයක වෙනසක් බලාපොරොත්තු විය නොහැක.... අපට කල හැකි එකම දෙය මොවුන්ට මනාප නොදී අපි කැමති පක්ෂයේ අලුත් කෙනෙකුට මනාපේ දීමය...... පැරදුනත් මොවුන් පක්ෂ නායකයෝ පස්ස දොරින් ඇතුළට ගනීවි...... නමුත් මොවුන් සියලු දෙනාටම ලිස්ට් එකෙන් එන්න බැරිය.....එහෙම වුනොත් අපට පොඩි සහනයක් හෝ ලැබේවි .