(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය දෙකේම වගකීම තමා බාර ගන්නා බව ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
‘‘මැච් පරදිනකොට ඇමැතිට ඕන තරම් ගහන්න.අහිංසක ක්‍රීඩකයන්ට ගහන්න එපා‘‘ යැයිද ඇමැතිවරයා කීවේය.
ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පැවැසුවේ ක්‍රීකට් ක්‍රීඩාවේ පසුබෑම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනා පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
ෆයිසර් මුස්තාපා මහතා මෙසේද කීය.
‘‘ඕනෑම ක්‍රීඩාවක ජය පරාජය සම සිතින් බාර ගැනීම මනුස්සකමයි.අපේ ක්‍රීඩකයන් ඇෆ්ගන්ස්ථානයට, බංගලාදේශයට පැරදුනා කියලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වැටුණේ නැහැ. තරඟ දෙකකින් අපේ ක්‍රිකට් මනින්න එපා.අද අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාලයෙන් දිගට හරහට ගහනවා.මෙහෙම කරන කොට ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම බිංදුවට වැටෙනවා.ක්‍රිකට් හා දේශපාලය කියන්නේ දෙකක්.
අද මැතිසබයට ගෙන ආ මේ යෝජනාව අපේ ක්‍රිකට් ක්‍රිඩකයන්ට කරපු ලොකුම අපරාධයයි.
‘‘ අපේ ක්‍රිකට්වල ප්‍රගතියක් නැහැ කියන එක මම පිළිගන්නේ නැහැ.චන්දික හතුරුසිංහ අවට පස්සේ ප්‍රගතිය සියයට 57 ට ගියා. ක්‍රීඩාවේ හොරු අල්ලන වගකීම මා බාර ගත්තා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීම බාර ගන්නවා කියන්නේ තව දුරටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ පුටුව රත් කරන එක නොවේ. තමන්ගේ නොහැකියාව හා දුබලතාවයන් පිළිඅරගෙන තනතුරින් ඉල්ලා අස්වෙන එකයි. ඒ වගේ උසස් ගුණාංග නොදන්න කට වාචාලකමට දොඩවන වැඩ බැරි දේශපාලන ගැතිභාවය නිසා තනතුරු දරන නිකමුන් රංචුවක් තමයි මේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බහුතරය.
සතයපාර මෝඩ කතාවක්නේ කියන්නේ. සෙල්ලම් කරන අයගේ වැරදි වලට මෙයා මොනවා කරන්නද? මෙයාව නෙවෙයි මැතිව්ස්ව ගෙදර යවන්න ඕන. චන්දිමාල් නායකයා වෙලා ඉන්න කොට අපි බංග්ලාදේශ් ගිහින් ගැහුවේ නැද්ද. සුරංග නායකයා වුනාම අපි ටෙස්ට් දිනුවේ නැද්ද. මෙතන ප්‍රශ්නේ මැතිව්ස්. එයාව යවන්න අපි දිනනවා.
වගකීම බාරගන්නා බව පාර්ලිමේන්තුවේ කිව්වාම ඔක්කොම හරිද?
ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය තනතුරු වලට පත් වුනාම ඔහොම තමයි.
ක්‍රීඩා ඇමතිකම හරියට කරන්න ක්‍රීඩා කරලා තියෙන්න ඕනෑම නෑ. ඔහුට කාලය දෙන්න. විවේචනය කරන්න තාම කල් වැඩියි. එයා තාම කරන්නේ පරණ අය කල වරදවල්වල පව් ගෙවන එක ශ්‍රී ලංකාව පරාජිත මානසිකත්වයේ හිටියේ දයාසිරි තිලංග සුසංයෝගයේ ආරම්භයේ සිටයි.
රුපියල දවසින් දවස කඩා වැටෙනවා. ඒකට පිළියමක් හොයන්න බලන්නේ නැහැ. රටේ සුළු පිරිසක් දූෂණවල යෙදෙමින් සාක්කු පුරවාගෙන සුරසැප විඳින ක්‍රිකට් වැටෙන එකට ලොකු සිත් තැවුලක්.. අනේ කාලේ වනේ වාසේ...
ඒකේ තේරුම ඉල්ලා අස්වෙනවා කියන එක.. කෝ ඒක කරන් නැද්ද...? නැත්තං ඔය වගකීම මටත් ගන්න පුළුවන්...
ක්‍රීඩා කරන්නේ දිනුම හා පරාජය දෙකම බාරගන්න, එය නොදන්නා අයට පුළුවන් ක්‍රීඩකයන්ට අපහාස කරන්න පමණි...
එහෙනම් කරුණාකර ඉල්ලා අස්වෙන්න !!!
ඉතින් ඔය ගමන්ම ක්‍රිකට් ගහන එකත් බාරගත්තනම් නරකද?
බාර ගන්නේ නැතිව මොනවා කරන්නද?