(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඛනිජ තෙල් සංවර්ධන ඇමතිවරයා සහ එහි නියෝජ්‍ය ඇමතිවරියන් දෙදෙනා ම මැතිසබයට අද (21) පැමිණ සිටියේ නැත.
අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරන අතර එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරිය ලෙස කටයුතු කරන්නේ අනෝමා ගමගේ මහත්මියයි.
අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ මේ ප්රශ්නය ඉදිරිපත් කළේය.
අනුර දිසානායක මහතා එහිදී මෙසේ පැවසීය.
“ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට විකුණන්න යනවා. ඇමතිතුමාත් නියෝජ්‍ය ඇමතිවරියත් අද සභාවට නාවේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්න බැරිවයි. මම මේ ප්රශ්නය කල් තියා බාරදීලා තිබුණා. ඒ නිසා අද මේ ප්රශ්නය අහන බව ඒ අය දන්නවා.”
සභානායක - ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීය.
“ඔබතුමා ප්රශ්නය ඉදිරිපත් කරන්න. උත්තරේ පස්සෙ දෙන්නම්.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම සභානායක වරයෙක් එයාගේ වගකීමක් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුපක්ෂයේ වෙනුවෙන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු අදාල ඇමතිවරුන් හෝ නියෝජ්‍ය ඇමතිවරු හරහා ලබා දීම. එහෙම තමන්ගේ වගකීම ඉටු කරන්න බැරි නම් හැකි අයෙක්ට කරන්න දී ඉල්ලා අස්විය යුතුයි.
ඔය තෙල් ටැංකි ටික දැන් අවුරුදු 70කට අාසන්න කාලයක් ඔහේ තියාගෙන ඉන්නවා. ඕව ඉන්දියාවට විකුණලා හරි, බදු දීලා හරි රටට අදායමක් ගත්තාම මොකද වෙන්නේ?
මෙම ගව රෑන පට්ටියට ආවත්, නැතත් මාසේ අවසානයේ මීපැණි සහිත පුන්නක්කු සහ රට තණකොළ ඉදිරි මාසයටම පිනට ගිලින්නට ලැබෙනවනේ... ඉතින් මොකක්ද ප්රශ්නය?
රජයේ සේවකයෙක් විනය පත්තරයට උත්තර නොදුන්නොත් මොනවා වේවිද?