(නිමන්ති රණසිංහ)
බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීකෂණයන්ට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.
ජනාධිපති කොමිෂන් සභා පනත ප‍්‍රකාරව රහස් පොලීසිය විසින් ඉල්ලා ඇති නියෝග සම්බන්ධයෙන් නියෝග ලබාදීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවට ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පෞද්ගලික සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර රොද්‍රිගු මහතා විසින් සිදුකරන ලද කරුණු සැළකිල්ලට ගත් අධිකරණය එම නියෝග කි‍්‍රයාත්මක කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නියෝගය ලබන 28 වැනිදා නිකුත් කරනු ලබන බවද සදහන් කළේය.
එසේම, ජනාධිපති විමර්ශන කොමිසන් සභා පනතට අනුව නිතිපතිවරයාට නඩු පැවරිය හැක්කේ විමර්ශන කොමිසමේදී හෙළි වූ කරුණු මත පමණක් බවද ජනාධිපති නිතීඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ !
පත්කළේ ජනාධිපති කොමිසමක්. වැරදිකරුවන්ට දඬුවම් දීමට නීතිමය කටයුතු කිරීමට නම් ලැබුණු සාක්ෂි නැවත නීතිය ඉදිරියට ගෙනායුතුය. මේ " ජනාධිපති" නිතීඥ කියන විදියට " ජනාධිපති " කොමිසම/ නිතීඥ කියන දෙකම බල රහිතද? කොයි කවුරුත් දන්නවා කබරගොයි මසුයි, තලගොයි මසුයි අතර වෙනස...
කොහොමත් මේ ගයාන් ප්‍රසිද්ධයි, කබරගොයි මස් තලගොයි මස් කියමින් අනුභව කරන්න.