රංජන් කස්තුරි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික රෙට්නල් කැමරාවක් මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරිමේ වැඩසටහනක් කොළඹ ජාතික අක්ෂි රෝහල ආරම්භ කර තිබේ.
මෙවැනි කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂාව ඉතා නිවැරදිව හා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි බව අක්ෂි රෝහලේ වෛද්‍යවරු පවසති.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජිවත්වන දියවැඩියා රෝගීයකුට සතියේ වැඩකරන දිනක ජාතික අක්ෂි රෝහලට පැමිණ ඇස් පරීක්ෂා කරගත හැකි බවද ඔවුහු කියති.
මෙම ඇස් පරික්ෂා කිරිමේ විශේෂ වැඩසටහන ඔක්තෝබර් මස 21 වැනි දා දක්වා ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය "අධි" කෑල්ල ශබ්දකෝෂ අයින්කරන්න බැරිද? මොකද ඔය කියන දේවල් වෙනත් රටවල සාමාන්‍ය දේවල්. ඕකෙන් කරන්නේ අපේ රට තවත් බාල්දු කරන එකයි.
මේක හොඳයි මොකද මේ රෝහලේම ඉන්න එක්තරා විශ්ශඥ වෛද්‍යවරියක් සුප්‍රකට පුද්ගලික සමාගමක් එක්ක බිස්නස් එකක් කරනවා රෝගියකුගේ ඇස බලල ටිකක් හරි පීඩනය වැඩි පැත්තට ගිහින් නම් අර පුද්ගලික තැනට යවලා වියදම් සහිත පරීක්ෂණ කරනවා. මේක අත්‍යවශ්‍යම එකක් නෙමෙයි. මේ වැඩේම මෙතනත් එක්ක හවුල්ව කරන තව අයත් ඉන්න බව කියන්න ඕනෑ.. හැබැයි එයාලා පුද්ගලික අංශයේ ඉන්න කට්ටිය...
මොනවද මේ විහිලු? ඔය උපකරණය ඊබේ එකෙත් ගන්න තියනවා. ඩොලර් 25000. අහිංසක මිනිස්සුන්ට මේක හිතාගන්නත් බැරි ගණනක්. එහෙත් අද පත්තරේම තියනවා කෝටි හයකට වාලම්පුරියක් ගන්න ඇවිත් අහුවුනාලු. ඉතින් මේකේ වටිනාකම හක් බෙල්ලෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක්. රටේ අහිංසක දුප්පතුන්ට මේවා පාවිච්චියෙන් ප්‍රතිකාර කරන්න රජයේ රෝහල් වලට එන්නට මෙපමණ කලක් ගිය එක ගැන රටම ලජ්ජාවිය යුතුය.