(තරංග ගුණරත්න)
කෝටි හයකට අලෙවි කිරීමට තිබූ බව කියන ටයිටන් වර්ගයේ වාලම්පුරියක් ඉතා රහසිගතව ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හිමිනමක අද (21) මාතර දෙවිනුවර විහාරස්ථානය ආසන්නයෙදී කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
දිගින් සෙන්ටිමීටර 39ක් , වට ප්රමාණය සෙන්ටිමීටර 46 සහ බරින් කිලෝග්රෑම් 01.38 පමණ වන මෙය කෝටි හයක මුදලකට විදේශීය ජාතිකයකුට අලෙවිකිරීමට නියමිතව තිබූ බව පොලිසිය කළ මූලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නාරායන සාමි ළඟට ගියා නම් ඔච්චර මහන්සි නැතිව ලාබෙට ගන්න පුළුවනි නේද?
සුද්දන්ටත් මේ පිස්සුව තියෙනවද?
රටට ලැබෙන්න තිබුණු විදේශ විනිමය කෝටි 6ත් නෑ. අන්තිමට වාලම්පුරියට වෙච්ච දෙයක් හොයා ගන්නත් නැති වෙයි...
මේ ආණ්ඩුවේ අයට පිස්සුවක් තියනවද? ඕක නිකම්ම නිකම් හක්ගෙඩියක්.. දකුණට කැරකුණොත් අත්අඩංගුවට ගන්නවා.. වමට කැරකුනොත් අපේ ගම් වල ගොයම් පාගන කමතෙත් තියනවා කවුරුවත් බලන්නේ නෑ… දැන් මොකක්ද මේ නීතියේ තේරුම? මට තේරෙන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න...
තම තමුන්ගේ අදහස් පලකරලා මේවා යට ගහන්න හැදුවට, මේ ජාවාරමට සම්බන්ධ වී සිටින්නේ චීවරයක් සිරුරේ ඔතාගෙන සිටින අයෙක් බව රටම දන්නවා. රටම ගඳ ගහනවා නේද මේ වගේ වැඩවලින්?