(ශිරාන් රණසිංහ)
අත්තනගල්ල සිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් අද (22) උදෑසන 11.00 ට පමණ විවෘත කරන අවස්ථාවේදී බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු ඇතුළු ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ ‘හූ‘ කියමින් සිදුකළ විරෝධතාවයක් නිසා උත්සවය කලහකාරී විය.
මෙම අවස්ථාවේ පිරිසක් ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රීයවන පරිදි බයිසිකල් චේන් පටකින් ප්‍රධාන විදුලි කම්බි මතට පතිත කර විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළහ. මෙම අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කලබලයට පත් නොවී උත්සවයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙසට සංවිධායකවරුන්ට දැනුම්දුන් අතර ඇමැති ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අත්තනගලු ඔය හරහා ඉදිකළ මෙම පාලම චන්ද්‍රිකා මහත්මියගේ මැදිහත්වීම මත ලබාදී තිබූ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සහ වෙනත් පිරිසක් මෙම උත්සවය කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ බව උත්සව සංවිධායකවරු කියා සිටියහ.
මීට දින කිහිපයකට පෙර පළාත් සභා මන්ත්‍රීවරයකු සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ඇතුලු පිරිසක් විසින් රාත්‍රී කාලයේ හදිසියේම මෙම පාලම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තවත් අය ඉන්නවද, රට වටේම? මෙයාගේ නම ලියපු බෝඩ් ලෑල්ලක් පාලමේ එල්ලලා යන්න දුන්නානම් එයා "සතුටු වෙනවා" නොඅනුමානයි !!!
මූලික අරමුණ විවෘත කිරීම. පොදු මහජනතාවට සේවය කිරීම නොවේ. මේවගේ දේශපාලකයින් මෙපින්බිමෙන් මකබෑවේවා...!!!
මේකෙන්ම පේනවා මොවුන්ට වැදගත් වෙන්නේ පාලම නොව එය විවෘත කරන්නේ කවුද කියන එක බව...
චන්ද්‍රිකා නෝනට දැන් තියෙන්නේ කට වහගෙන ගෙදරට වෙලා ඉන්න එක. රනිල් එක්ක එකතුවෙලා රට කෑව ඇති. මේ ප්ලෑන් එක හින්ද තමා අපේ රට මේ තත්වෙ තියෙන්නේ.... ඒත් අද!
පොදු ජනතාවනි !! වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු දේශපාලුවන්ගේ නම් මහජන මුදලින් සදනලද වියපෘති වලින් ඉවත් කිරීමේ කාලය එළඹී ඇත. ඔව්නොවුන්ගේ පුද්ගලික වියදමින් තනන ලද පොදු ජන ව්‍යපෘති වල හැර අනිකුත් සියලු ස්ථාන වලින් සියලුම දේශපාලුවන්ගේ නම් ඉවත් කලයුතුවේ. නැතිනම් අපේ හම උන්ගේ නම කියලා හූල්ල හූල්ලා ඉන්න.
ගිය ගිය තැන ඉවරයි. චන්ද්‍රිකා නෝනාට අයිතියක් නැද්ද පාලමක් විවෘත කරන්න. හැමදේම කරන්න ඕනෙ අප්පච්චිද?
මේ පාලම ඉදිකරේ ප්‍රාදේශීය සභාවෙන්ද? අවුරුදු 70 ගණනකට පෙර සුද්දන් හැදු පාලම්, ගොඩනැගිලි ආදියට සුද්දන්ගේ නම් දාගන්න ඒ ඇත්තන්ට නම් මෙහෙම පිස්සුවක් තිබිල නැහැ.
මෙම පාලමට වඩා විශාල පාරවල් ,පාලම් කිසිවෙකු නැතිව මහජන භාවිතයට නිදහස්කොට ඇති අයුරු (බොහො විට උදේ පාන්දර යනවිට ඊට පෙර රාත්‍රියේ වැඩ අවසන් කර මාර්ග බාදක අයින්කොට තැබූ පාලම,පාරවල් ) වෙනත් රටවලදී දැක ඇත්තෙමි. දෙපාර්ශවයේම නූගත් කම උපරිමයෙන් පෙන්වන අවස්තාවක් ලෙස දකිමි !