(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිගැන්වීම සහ මෙරට අපනයන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු ඉහළ පෙළේ දුත කණ්ඩායමක් ජර්මනිය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
ආර්ථික සංවර්ධනයට පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීමේ වර්තමාන රජයේ හිතකර ආයෝජන ප්‍රතිපත්ති නිසා ජර්මනිය මෙරට තුළ ආයෝජනය කිරීමට උනන්දුවන රටවල් අතරින් ප්‍රධාන තැනක් හිමිවන හෙයින් මෙලෙස ඉහළ පෙළේ දුත කණ්ඩායමක් එරටට පිටත්ව ගිය බවද එම මණ්ඩලය කියයි.
අමාත්‍යවරයා සමඟ ගිය මෙම දුත කණ්ඩායම ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්, හැම්බර්ග් සහ බර්ලින් යන ප්‍රධාන නගර වලදී එරටේ ප්‍රධාන පෙළේ නිලධාරීන් සහ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛ ආයෝජකයින් මුණගැසීමට නියමිත යැයි එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ජර්මනියට ගිය දුත කණ්ඩායමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සභික මංගල යාපා, අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත ඇතුළු සංවර්ධන උපාමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වෙයි.
මෙම රාජ්‍ය සහ පෞද්ගිලික අංශ නියෝජනය කරන දූත කණ්ඩායම ෆ්රැන්ක්ෆර්ට්, හැම්බර්ග් සහ බර්ලින් යන නගර කේන්ද්‍රකර පැවැත්වෙන ආයෝජන සමුඵ කිහිපයකට සහභාගී වීමට නියමිත අතර එහිදී දෙරටේ ආයෝජකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ද අයෝජන මණ්ඩලය කියා සිටියි.
යුරෝපා සංගමයේ විශාලතම ආර්ථිකය හිමි රට ලෙසත් , නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්තයකු වන ජර්මනිය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් රටක් බව අයෝජන මණ්ඩලය පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමනම අර වොක්ස්වැගන් කම්හල විවෘත්ත කරන එකත් සාකච්ඡා කරගෙනම අාවා නම් හොඳයි !!!
මේ පාර ජර්මනියේ කුණුත් ලංකාවට ගෙනෙන්නද දන්නේ නැහැ යන්නේ... මහජන ඡන්දයකින්වත් පත්නොවී, නිකම්ම නිකම් " පින් ඇමති " ලාට සල්ලි පෙනෙන්න බැහැ.
මහජන මුදල් මිලියන 50ක් වත් හෝටල් සහ ගමන් වියදම්වලට ඉවර කරලා ඇති. ගහපු බෙරේකුත් නැහැ, ඒකෙ පලු දෙකත් නැහැ අන්තිමට... අයියෝ රටේ අනාගත අනාගත්ත ආර්ථිකය !!!
කොච්චර දූත පිරිස් යැවුවත් වැඩක් වෙන්නේ නැහැ. ලංකාවේ බහුතර සේවකයෝ වැඩ පටන් ගන්නත් කලින් ඉල්ලීම් ඉල්ලනවා. වර්ජනය කරනවා. එවාට ආයෝජකයෝ කැමති නැහැ. රට හදන්න නම් අපි හැදෙන්න ඕනෑ.
රට තවත් කන්නද යන්නේ?
මේ පින් අැමැති පිනට ආණ්ඩුවේ සල්ලි වලින් රවුම් ගහනවා විතරයි. රටට වෙන දෙයක් නම් නැහැ.
මොනවා විකුණයිද දන්නේ නැහැ..!
මේ සමනලයා රටට කිසිම ආදරයක් තියෙන කෙනෙක් නෙවෙයි. තමා විසින් එජාප පක්ෂයට වියදම් කරපු සල්ලි දෙගුණ තෙගුණ කරමින් පිටරටවලින් අපේ රටට කුණු ගෙනැල්ල හරි යලි හම්බකරගන්න බලනවා මිසක් රටට ඵලදායි වැඩක් කරන කෙනෙක් නම් නෙවෙයි...
අපේ සල්ලි වලින් සවාරි ගිහිල්ලා ගෙනෙයි මෙන්න කියලා. මේ මිනිස්සු රටට, ජාතියට කිසිම ආදරයක් තියෙන මිනිස්සු නෙවෙයි. අවස්ථාවාදී තන්හාකාරයින්. මෙතෙක් රටට කරපු සේවයකුත් නෑ... රටේ දේපල පිට රටට විකුණන්න ගේම් ගැහුවා ඇරෙන්න. අගමැතිගේ හිතවත්කම ඇරෙන්න වෙන කිසිම සුදුසුකමක් නෑ.
"යුරෝපා සංගමයේ විශාලතම ආර්ථිකය හිමි රට ලෙසත් , නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්තයකු වන ජර්මනිය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් රටක් බව ..." දේශපාලන මන්ද පෝෂණයෙන් පීඩාවිඳින මේ අම්බරු රෑනට ඥානය පහළ වෙන්න දින 1161 ක් ( 2015/08/15 - 2018/09/21 ) දුෂ්කරක්‍රියාවට ගත වෙලා. මේකෙන් අපිට අපේක්ෂා කළ හැකි ප්රතිලාභ ලැබිලා ඒවා ක්‍රියාවට නංවන්න ලැහැස්ති වෙන කොට ඉතුරු දින (2018 /09/21 -2020/08/15 ) 766 ත් පාවී පාවී යාවී එතකොට .අනේ! ඉතිං සයිම කට් වෙලා. මේ රටේ අහිංසක විගමනික රට විරුවරියන් තම ශරීරය සහ හුස්ම ටික පරදුවට තියලා මෙරටට රන් මසුවෙන් දායාද කරන විදේශ විනිමයට යන කල දසාව...
මේ සංචාර වලින් වෙන්නේ අපේ මුදල් නිස්කාරණයේ වියදම් වීම පමණි. මෙවායින් වුණු කිසිම සුගතියක් නොමැත.
බොහෝ දෙනා අද විදේශීය ආයෝජන ගැන කියනවිට, රටට කුණු ආනයනය කිරීමක් ගැන දොඩවයි. ඊට හේතුව නම් ඒ බොහෝ දෙනාගේ සිත තුල ඇත්තේ කුණුවූ අදහස් පමණක් බැවිනි. ලංකාව වැනි රටකට විදේශීය ආයෝජකයින් පැමිණීමට මැලි කරන්නෙත් මේ කුණු මොළකාරයින් නිසයි. මක්නිසාදයත්, රටට ඵලදායී වැඩක් කිරීමට වඩා ඔවුන් කරන්නේ තමන්ගේ අයතිවාසිකම් ගැන කතා කිරීම සහ වර්ජන කිරීම ගැන පමණයි.
මෙතන ලියන මහත්වරුනි, කරුණාකර අන්තර්ජාලයට ගොස් 2018 -08-21 යාපා සමග තිබෙන සාකච්ඡාවට සවන් දී ඔලු පිරිසිදු කර ගන්න. සාකච්ඡාව විනාඩි 101 කාලය අපතේ යාමක් නොවෙයි. දැනුම දියුණුවෙනවා.
"එහිදී දෙරටේ ආයෝජකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ද අායෝජන මණ්ඩලය කියා සිටියි. " මේක දෙකොනින්ම හිනා යන කතාවක් නේද? අපේ අත්දැකීම් ජර්මනියට මොන බම්බුවකටද? එදා වේල කාලා ජීවත්වෙන මේ ආණ්ඩුවටයි, රටටයි ජර්මනියේ අත්දැකීම් මොන ඉටිගෙඩියක් කරන්නද? එ්කත් හරියට මොන්ටිසෝරි ළමයෙකුට පීඑච්ඩී උපාධියක් අැතිකෙනෙකු සමග සාකච්ඡා කර අත්දැකීම් බෙදාගන්න කිව්වා වගේ.
"එහිදී දෙරටේ ආයෝජකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ද අයෝජන මණ්ඩලය කියා සිටියි. " ආයෝජකයින් කොහෙද ලංකාවට එන්නේ? ලංකාවේ මහබැංකුවට වෙච්ච දේ ලෝකෙම දන්නවා. මේ රටේ බැංකුවක අපිත් මුදල් තැන්පත් කරන්න බය නම් පිටරට මිනිස්සු මුදල් තැන්පත් කරාවිද? ආයෝජකයින් ඒවිද?
මේ දෙගොල්ලන්ට බැන බැන ඉඳල වැඩක් නැහැ. අප සියලු දෙනාට ඇති නිහඬ නමුත් ප්‍රබල ශක්තිය වන ඡන්ද බලය යොදා නව වැඩපිළිවෙලට ලබන 2020 දී 100/% සහයෝගය දී මොවුන්ගේ ජනතා විරෝධී, වක්‍ර සුරා කෑමට තිත තිබිය හැක. රටට නව චින්තනයක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත. කොඩිතුවක්කු මහතාගේ දේශනා වලට සවන් දෙන්න. දැනුවත් වෙන්න.
අර කෝච්චි හදන කම්හලට ඉඩදෙන්න බැරිද රට ගැන හිතල කොමිස් ගන්නේ නැතුව? ඒ මිනිස්සු අවුරුදු 2ක් බලන් ඉන්නවලු ආයෝජනයට. කොමිස් ගන්නද ජර්මනියට යන්නේ?
ආයෝජන ලැබෙන්නේ කොහොමද මිලියන ගනින් කොමිස් ඉල්ලනකොට? ආණ්ඩුවේ ඉන්න කාක්කන් හින්ද එකත් දැන් `කොමිසන් සභාවක්` වෙලා!
රට මොනතරම් පොහොසත් උනත් බටහිර රටවල් වල ආයෝජනය වෙන්නෙ පෞද්ගලික මුදල්. මේවා ණයට ගත්ත සල්ලි. ඉතින් ආයෝජනය කරනකොට ඉතා පරිස්සමින් හොදට හොයල බලල කරනවා. ලංකාව වගේ අස්ථාවර රටක කවුද ආයෝජනය කරන්නෙ. ග්‍රීසිය , සයිප්‍රස් අර්බුදයට ගිය වෙලාවෙ ජර්මනියෙන් ණය ඉල්ලුවා මතකද? නමුත් චීනෙ මීට වෙනස්. මොකද චීන සමූහ ආණ්ඩුව ඒ රටේ සමාගම්, බැංකු පද්ධතිය යන මේ සියල්ල පිට්පස්සෙ ඉන්නවා. ඒ නිසා දේශපාලන කාරනා මත චීනයට ආයෝජන තීරණය කරන්න පුලුවන්. අද උනත් අපි එම් එෆ් එකට යන්නෙ නැතුව එක්සිම් බැංකුවට ගිහිල්ලා ඩොලර් ණයට ඉල්ලගන්න පුලුවන් . නමුත් එතනදි චීනය ඒ වෙනුවෙන් ඉතා වටිනා ඇපයක් ඉල්ලනවා. ඒක නව යටත් විජිත ක්‍රමයක් ලෙස හදුන්වාදී අවසානයි.