(නිමල කොඩිතුවක්කු)
රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට රජය මැදිහත් නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට අද (21) පැවැසීය.
ලංකා ගුරු සංගමය ලබන 28 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්වී මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරු උසස්වීම් පිලිබඳ ක්‍රමවේදය විධිමත් නොවීම, වැටුප් වර්ධක හා හිඟ වැටුප් සම්බන්ධ ගැටලු ආදී කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම රැස්වීම කැඳවන බවද ඒ මහතා පැවැසීය.
මෙම පාසැල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ 1961 පනතක් බැවින් එය යාවත්කාලීන නොවීමෙන් බරපතල පීඩනයක් ගුරුවරුන් මත පැටවී ඇතැයිද ස්ටාලින් මහතා සඳහන් කරයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් රජය මැදිහත්වී කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ක්‍රියා මාර්ගය? පුද්ගලික පාසල්වල ගුරුවරුන්ට වර්ජනය කරන්න කියන එකද?
රාජ්‍ය අංශය අවුල් කරලා ගුරුවරුන් අවුල් කරලා දැන් පුද්ගලික අංශයත් අවුල් කරන්නද හදන්නේ? ගුරුවරයා කියන්නේ අනාගත පරපුර යහමගට යොමුකිරීමට සිටින පිරිසක් මිසක් රට අගාදයට ගෙනයන පිරිසක් නොවන බව සිහි තබාගත්තොත් හොඳයි.
ජෝෂප් ස්ටාලින් කියන්නේ රුසියාවේ හිටපු ආඥාදායකයෙක් නේද? මෙයත් කරන සමහර වැඩ ඒ රුසියානුවා කරපු වැඩ වගේමයි...