(ඉන්දිකා රාමනායක)
ස්කොට්ලන්යාඞ් පොලිසිය විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක් වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් 29 වැනිදා ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මෙම පුහුණුව ලබන මස 1 වැනි දින සිට 6 වැනි දින දක්වා පැවැත්වෙන අතර ඒ සදහා රාජ්‍ය පාරිපාලන සහ නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණඩාර, එම අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පුජිත් ජයසුන්දර, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මාලිකා සුරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් මේ සදහා සහභාගි වෙති.
බි‍්‍රතාන්‍ය රජයේ ශි‍්‍ර ලංකා පොලිසියට කළ ඇරයුමකට අනුව මෙම පිරිස වැඩමුළුවට සහභාගි වන අතර ශි‍්‍ර ලංකා පොලිසියේ ප‍්‍රතිසංස්කරන කටයුතු හා ප‍්‍රජා පොලිස් ඒකකය බලගැන්වීම සදහා මෙම වැඩමුළුව පැවැත්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.