(ඉන්දිකා රාමනායක)
ස්කොට්ලන්යාඞ් පොලිසිය විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක් වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් 29 වැනිදා ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මෙම පුහුණුව ලබන මස 1 වැනි දින සිට 6 වැනි දින දක්වා පැවැත්වෙන අතර ඒ සදහා රාජ්‍ය පාරිපාලන සහ නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණඩාර, එම අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පුජිත් ජයසුන්දර, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මාලිකා සුරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් මේ සදහා සහභාගි වෙති.
බි‍්‍රතාන්‍ය රජයේ ශි‍්‍ර ලංකා පොලිසියට කළ ඇරයුමකට අනුව මෙම පිරිස වැඩමුළුවට සහභාගි වන අතර ශි‍්‍ර ලංකා පොලිසියේ ප‍්‍රතිසංස්කරන කටයුතු හා ප‍්‍රජා පොලිස් ඒකකය බලගැන්වීම සදහා මෙම වැඩමුළුව පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර ඉල්ලා අස්වෙන කතාව?
මෙයාව යවන්න ඕන ස්කොට්ලන්ඩ්යාඩ් නෙමෙයි, මොන්ටිසෝරි
එහේ ගිහින් ස්කොට්ලන්යාඩ් පොලීසියටත් උගන්නාවි ඇමැතිලාගේ කෝල්වලට උත්තර දෙන හැටි.
කොහේ යැවුවත් වැඩක් නැ ජම්මගතිය අත හරින්නේ නෑ. ශ්‍රී ලංකා පොලිසියනේ.
අසපුවකට ගියොත් නරකද භාවනාව ප්‍රගුණ කරන්නත් එක්ක.
ගෙදර යවනවා කියල නේද කිව්වේ? නතර උනේ ස්කොට්ලන්යාඩ් වලින්. ආපහු එයිද දන්නේ නැහැ
පිටිගල මිලානෝ මයා වෙත," භාවනාව නවන්න " නම් බැහැ නේද ?
මෙය බොහෝ විට මොහුට විරුධව ඇති පරීක්ෂන ඇරබීම සඳහා කල දෙයක්.
ඔහේ ගිහින් මොන ජරමරයක් කරන් ඒවිද දන්නේ නැහැ. දැන් ඉල්ලා අස්වෙන කතාවක් කිය කිය හිටිය නේද? ඔක්කොම යට ගහනවා ඕක තමයි වෙන්නේ....
ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය පුහුණු කරන්නේ පොලිසියේ අයද? එතකොට අර නියෝජ්‍ය ඇමති? එතකොට ලේකම්ලා? ඒගොල්ලෝ යන්නේ...
ඉංගිරිසි ක්‍රමයට නවන හැටි ඉගෙන ගන්නද?
කවද්ද ආයේ එන්නේ...
අපේ පොලිස්පතිතුමා ජනපති ඉදරියේ " ඩිප්ස් " ගැහුවා වගේ ස්කොට්ලන්ඩ් ගිහිල්ලත් පළමු ඇමතිනී (එරට රාජ්‍ය නායිකාව) නිකොලා ස්ටුජ්න් මැතිණිය ඉදිරියේත් මැඩම් මෙන්න බලාගන්න කියලා " ඩිප්ස් " ගහයි ද දන්නේ නෑ...
මොන හේතුවක්ද මන්දා, කාකි සුට් එකටත් දැන් බල්ලෝ රංචුව බුරන්න පටන් අරගෙන. බලු කුක්කන්ගේ හාම්පුතුන්ට නැට්ට වනන්නේ නැති කමටද මන්දා?
අපි මෝඩයෝ නෙවෙයි.
එක ඇමති කෙනෙක් කියල තිබුණ විදේශ සංචාර පුළුවන් තරම් කල් දාන්නලු රුපියල දිගටම පහල යන නිසා. ඒවා අදාළ වෙන්නේ නැද්ද මේ නිලධාරීන්ට?
මෙයා යන්න ඕනේ මොන්ටිසූරි නෙවෙයි.... සෞන්දර්ය විශ්ව විද්‍යාලයට නේද?
අහන පේන දේවල් දකිනකොට ඇහෙනකොට... හත්වලාමේ මම කියලා මොනවා ලියන්නද ...?
ඕනෑම දෙයක් ඕනට වැඩියෙන් ඕනෙම නෑ.
සීමාවෙන් එහා බයානකයි.
ඕනෑම නායකයකුට නිවැරදි උපදෙස් උවමනාය.... එසේ නොවූ කල මෙසේ වීම ස්වාභාවිකයි මා දන්නේ එක් දෙයක් පමණි එය මා කිසිවක් නොදන්නා බවයි මෙය සිහිතබාගෙන කටයුතු කලොත් ගමන සුභයි .
2018 හොඳම නාඩගම.