ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලබන මාසයේදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගෙන නැතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා එක්දින සංචිතය කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීහු කියති.
එහෙත් එම කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වන්නේද නැද්ද යන්න කළ විමසීමේදී කි‍්‍රකට් නිලධාරීහු මුනිවත රකිති.
”ඇමතිතුමාගේ අනුමැතිය ලැබෙනෙකම් බලා ඉන්න වෙනවා. අනුමැතිය ලැබුණාම කණ්ඩායම දන්වන්නම්” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර කළ සොයා බැලීමකදී දැනගත හැකිවූයේ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව අපේක්‍ෂිත මට්ටමට නොමැතිවීම හේතුවෙන් එය නැවත ලබාගන්නා තුරු මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි.
තමන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මැතිව්ස් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානියාට ලියූ ලිපිය මෙතැනින් කියවන්න
සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් සැනසීමේ ටීවී එකත් ඕෆ් කරලා හිත හදාගෙන මැච් නොබලා ඉන්න පුලුවන්. දැන් ඉතින් හොංකොං කාන්තා පිලිට එරෙහිවවත් මැච් එකක් දිනයි කියලා ශුවර් කරන්න බෑ.
මොනවද මේ වෙන්නේ ..මාලිංගගෙන් පලි ගත්ත..දැන් මැතිව්ස් .හෙට තව කෙනෙක්. නායකකමේ අඩු පාඩු තිබ්බත් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක්. අනික පරාජයේ වගකීම ඇමති ඇතුළු පාලක මණ්ඩලයම ගත යුතුයි.........
මැතිව්ස් ගේ ෆිට්නස් නැති බව කදුළු අතර දිවිමේදී අපි හොදට දුටුවා , සමහරවිට ප්‍රසිද්ධ නොකරන වෙනත් හේතුවකුත් ඇති.
අප්පේ, එතකොට දැන් වෙන කවුද බෝල 60න් 25 ගහන්න පුලුවන් කෙනෙක් ඉන්නේ අපේ ටීම් එකේ ?
අනේ ලකිත් මැතිව්ස් ඉන්න කොට දිනුව වගේනේ ලකිත් ගේ කතාව.
මිනුස්සුන්ගේ හැටි ඔහම තමයි. දිනුම මගේ. පැරදුම අනුන්ගේ. වැරදෙන්න ඕනේ යහළුවෝ කව්ද විරුද්ධ කවුද කියලා දැන ගන්න.
ඉතාමත් අසාධාරණ තීන්දුවක්. ඔහු නායකත්වයට සුදුසු නැහැ මේ වගේ කණ්ඩායමක. සංගා මහේලලා ඉන්න ටීම් එකකටනම් සුදුසුයි. ඔහුට පීඩනය හසුරුවන්න අමාරුයි නායකයෙකු ලෙස. ඔහු හිමින් ලකුණු ගන්නෙත් කඩුල්ල රැක ගන්නෙත් පුහුණුකරු ඇතුළු තේරීම් කරන අයගේ සැලැස්ම අනුව. සංගාලා ඉන්දැද්දීත් තරඟය ඉවර කලේ ගොඩක් වෙලාවට මැතිවුස්. මේ නුසුදුසු බලධාරීන් කුසල් මෙන්ඩිස් වත් විනාශකලා. ඉන්දියාවේ දෝනිගේ කාර්ය ලංකාවේ කරන්න පුළුවන් එකම කෙනා මැතිව්ස්. නො 6 වගේ ක්‍රීඩා කරානම් හොඳයි. මැතිව්ස් අඩුපාඩු හදාගෙන නැවත එන්න අපි ඔබ එනකන් බලා ඉන්නවා.
අනේ චන්දිමාල්ට නම් දෙන්න එපා.
පිතිකරණ සාමාන්‍ය 42 යි වේගය 82 තියෙන පිතිකරුවාට තරග 200 වඩා අත්දැකීම් තියෙද්දී මේ පළිගන්නේ ලංකාවේ ක්‍රිකට් වලින් මිසක් ඇන්ජෙලෝ ගෙන් නෙවයි.
ක්‍රීඩාව ගැන දන්නා පුහුණු කරුවෙක්, තෝරා ගත් කණ්ඩායමකට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය මොකටද? කවදාවත් බූලයක් වත් අල්ලලා නැති කෙනෙක්ගෙන් ගන්න අවසරය මොකක් ද. අනිත් අතට මෙයාව මාරු කරලා වෙන ක්‍රීඩකයෙක් දාන්න කියල ඇමති කිව්වොත් ඒක කරන්නත් ඕනෙද?
ක්‍රිකට් ලංකාවේ තහනම් කරන්න.
මේ බෝර්ඩ් එක, තේරීම් කමිටුව ඉන්න කල් අපේ ක්‍රිකට් ගොඩ එන්නේ නෑ.
පැරදුණ වෙලාවේ හොද නෑ , ඔයාලට මත්ව්ස් යවන්න තබුණේ දිනපු වෙලාවනේ මේ ගොන් තීරණ ගන්න මෝඩ සෙට් එක එලවන්න ඕන මුලිම
මැතිව්ස්ව කණ්ඩායමට ගන්න එපා සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න. 100% රට වෙනුවෙන් දෙන්නේ නැති ක්‍රීඩකයෙක්
හොඳ තීරණයක්, මොකද දන්නවද මැතිව්ස් කණ්ඩායමට ගත්තොත් නව නායකයට එයාට ඕන විදියට වැඩ කරන්න අපහසු කරනවා, අනික කණ්ඩායම් සමගිය නැති කරනවා. ආයි ගන්න එපා
මගේ අදහස නම් ක්‍රිකට් දැන් ගොඩක් වේගවත් වෙනදට වඩා. චන්දිමාල් එක්දින නායකත්වයට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම වුනොත් ඔහුත් අපිට නැතිවේවි. තිසර මුල් තරඟ කීපය අසාර්ථක වුනේ කණ්ඩායමේ සහයෝගය නොමතිවුන නිසා. ඔහුගේ ක්‍රීඩා විලාශයෙන් පෙන්නුම් කරන්නේ කෙසේ හෝ ජය ගැනීම. එක්දින තරඟ තුල ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 20 වඩා අඩුයි. නමුත් තරඟයේ වීරයා සම්මානය අනිත් අයට වඩා ලබාගෙන තියනවා. එයින් පෙනෙන්නේ තරඟයට අනුව හැඩ ගැසීමට ඇති හැකියාවයි. වයස අතින් බැලුවත් ඔහු හොඳ අනාගත ආයෝජනයක් වෙයි නායකයෙකු ලෙස.
ලංකාවේ ක්‍රිකට් නැති කලා නම් ඉවරයි.. අවශ්‍ය නැහැනේ.. ඔය ඕන තරන් වෙන වෙන ක්‍රීඩා තියෙන්නේ දියුණු කරන්න.. අපේ කරන්ට් එකත් පුච්චන් අපි මැච්බලනවා.. දිනන මැච් එකක් නැහැ.. ඒගොල්ලන්ට දින්නත් පෙරදුනත් සල්ලි ලැබෙනවා.. ලංකාවේ ක්‍රිකට් අවසන් දැන්.. අර්ජුනලා අරවින්දල ජයසූරියල මොන තරන් දෙයක් කලද.. ලංකාව කියල රටක් තියනවද කියල නොදන්නා මිනිස්සුන්ට ලංකාවක් හදුන්වල දුන්නේ ඒ මිනිස්සු.. දෙන ඉන්න මිනිස්සුන්ට රට ගැන කැක්කුමක් නැහැ.. තමන්ගේ පොදිය වැඩි කර ගන්න තමයි කටත් ඕන.. සුසන්තිකාට මොකද උනේ.. සුසන්තිකාගේ කට වගේම තමන්ගේ උත්සාහයෙන් යමක් රට ගේනවා.. දැන් කෝ සුසන්තිකා.. ලංකාවේ ක්‍රීඩා ගෙන හරි කණගාටුවක් ඇති වෙන්නේ..
නායකත්වය චන්දිමල්ද, දනන්ජයද, නොවෙයි ප්‍රශ්නය මැතිව්ස්ට සම කරන්න ක්‍රීඩකයෙක් ඉන්නවද.?
මැතිව්ස් නායකත්වයට දුර්වලයි. නමුත් ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමකට අවශ්‍ය කෙනෙක්. අනික මැතිව්ස් විතරක් නෙමෙයි තේරීම් කමිටුවේ ඉඳලා ප්‍රධානිනුත් ඉවත් කරන්න ඕන හරිනං. මැතිව්ස් ක්‍රීඩකයෙක් විදියට විශේෂයෙන්ම ෆීල්ඩිං ෆේල්. කොයිවෙලාවෙවත් ඔහුට තමන්ගේ අඩුපාඩු පේන්නෙම නෑනෙ
ලංකාවේ ක්‍රිකට් වලට බලපාලා තියන සෙනසුරා මැතිව් නොවුනාට මැතිව් එක්දින තරගවලදී බලාගෙන ඉන්න බැරි තරමේ අප්‍රසන්න අත්දැකිමක් වෙලා තිබුණා. කොතරම් අසාර්ථක පන්දු යැවීමක නිරත වුනත් ඔහු තමන්ගේ පන්දු යැවිම සිමා නොකලේ ශ්‍රී ලංකා පිලේ සිටින එකම පන්දු යවන්නා තමන්යයි සිතාගෙන විය යුතුය. ඒවගේ පන්දුවට පහර දිමේදීද වැඩිම ඕවර් ප්‍රමාණයක් පිටියේ රැදෙන්න මිසක ලකුණු ලබා ගැනිමේ වේගය ඉහළ යවන්න දරන උත්සාහය අවමයි. නායකයකු සේ ඔහුගෙන් කණ්ඩායමට ලැබෙන සහායෝගයද අවම වන අතර උපාය උපක්‍රම භාවිතා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීමේ හැකියාව ඔහුගේ නායකත්වය තුල දක්නට නොලැබෙන අඩුපාඩුවක් වන අතර මැතිව්ස්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නට කාළය එලඹී ඇත.
ඔබ හොද ක්‍රීඩකයෙක්. මනස නිරවුල් කර ගන්න. සැලෙන්න එපා. බාධක ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ හරි නම් ඔබට වරදින්නේ නැහැ. සත්‍යය එකයි.
මැතිව්ස් ඉවත් කරලා අසේල ගුණරත්න ගන්න............ කණ්ඩායම් හැඟීමක් ඇති නියම කොල්ලෙක්............
දැන් බබා වගෙ කතාකලාට තරග දිනන්න මෙයාට කිසිම ඕනැකමක් නෑ. තමන් කීයක් හරි ගහල දිගටම ටීම් එකේ ඉන්න විතරයි ඕනැ..........
වැඩ බැරි ටාසන් ගෙදරම යවමු.