(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත්ව සිටිමින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපවලට පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සීගිරිය පොලිසිය වෙත මේ පිළිබඳව අද(25) පැමිණිල්ලක් ද ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩ නිරුවත, නිරුවත, අසභ්‍ය ප්‍රකාශන යන එවා වෙන් කර හඳුනා ගන්නා නිර්ණායක කවරේද?
අඩ නිරුවත් ඡායාරුපයක් ගැන මෙතරම් කලබල විය යුතු නැත. නිරුවත කුතුහලයක් වන්නේ ව්‍යාධි මනසක් ඇති අයට පමණයි. යුරෝපයේ සහ විශේෂයෙන් ස්කන්දිනේවියානු රටවල ‘සෞනා’ උණුසුම් වාෂ්ප කාමර තුල සහ ස්නාන ශාලා වල සහ දකුණු ප්‍රංශයේ සහ ස්පාඥ්ඥයේ වෙරල තීරයේ සියල්ලම ඉන්නේ නිරුවතින්. එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. අපද එය ප්‍රශ්නයක් කර ගත යුතු නැත.
පිරිමි අයට යට ඇදුමින් සිටීම අඩ නිරුවත් වන්නේ කෙලෙසද? නිරුවත යනු අර්ථ දක්වන්න.
අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත යටතේ අනේ පුලුවන්නම් තව අය ඉන්නවා ඔය පනතේ යටතේ මුකුත් කරන්න බැරිද?
හොද වැඩේ. සීගිරියේ බිතු සිතුවම් වල ඉන්න අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න.
නීතිය එක සමානයි.
මහත්වරුනි නෝනාවරුනි දැන් අප ගත කරන්නේ පිදුරංගල සතිය බව මතක තබා ගන්න (කජු සතිය ඉවරවුනා පමණි)
නියමයි... අඩුමගානේ මාස 6ක් කූඩුවේ දාන්න.
හෙට මොනා ගණන් ගිහිල්ලා තියෙයිද දන්නේ නැහැ. ඉක්මන් කරලා මේ සතියටම අවශ්‍ය බඩු ටික මුදලාලිගේ පොතට දාලම ගන්න ඕනේ.
නිර්වත නීතිගත කරනු
මේ අද පාසල්වල සිටම විනය කඩා වැටීමේ ප්‍රතිඵලයක්. මේ අයට සිංගප්පුරුවේ මෙන් වේවැල් පහර දහය බැගින් දිය යුතුයි.
අද නිරුවත ගැන කතා කරන අයට අමතකයි සුද්දා එන්න කලින් අඩු කුලේ ස්ත්‍රීන් උඩුකය නිරුවත්ව සිටි බව. මෙහෙම ගියොත් සීගිරි චිත්‍ර වුනත් නිරුවත් කියලා කලු තීන්ත ගෑමට උනන්දු වනු ඇත මේ පනතට අනුව.. නිරුවත වුනත් කලාත්මකව දැකීමට පුරුදු වෙන්න.. එතකොට සියලුම ප්‍රශ්න අවසන්. මේ වගේම මේ රටේ විනාශ වෙන පුරාවස්තු ආරක්ෂා කරන්න පොලිසිය උනන්දු වුනානම් ගොඩාක් හොදයි..
අඩ නිරුවත, නිරුවත, අසභ්‍ය ප්‍රකාශන යන ඒවා වෙන් කර හඳුනා ගන්නා නිර්ණායක කවරේද? ඉන්න රටක පාරේ නිර්වස්ත්‍රව යන්න උසාවියේදී පැමිණිල්ලේ කට්ටිය නිර්ණායක කියලා දේවි.