(නිමන්ති රණසිංහ)
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ කොමදෝරු සුමිත් රණසිංහ මහතා යන අය වගකිව යුතු යැයි විශ්‍රාමික රියර් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26)කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජීවනි බද්දේගල මහත්මිය හමුවේ සඳහන් කළේය.
එසේම මෙම සාක්කිකරු එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා යටතේ සේවය කළ ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇතැයි සඳහන් කර ඇත.
සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් ලබන 10 තෙක් තවදුරත් රක්ෂිත බන්ධණාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාව හොඳයි රටම බාරගන්න.
දැනට අවුරුදු 3 කටත් වඩා පරීක්ෂණ කරනවා කියලා, කාවහරි අත්අඩංගුවට ගන්නවා. මාස කීපයක් ඇතුලේ තියාගෙන ඉඳලා එළියට දමනවා. සමහරු සිද්ධිය වෙනකාලේ කොළඹ ඉඳලත් නැහැ. මෙහෙම නිකරුනේ ඇතුලේ හිටියම ඒ මනුස්සයට වූ හානියට දෙන වන්දිය මොකක්ද? ඒ වරද නිවැරදි කරන්න පුළුවන්ද? පත්තරේ නිදොස්කොට නිදහස් කළා කියලා පල වුණාට කුඩා ඔය සේරම බලන්නේ... මෙයාට වඩා වගකීමකින් මේ පරීක්ෂණ කරන්න බැරිද මම අහන්නේ? මේ නේවි සම්පත් කියන සැකකරුට රටින් පනින්න උදව් කළා කියපු නිලධාරියා විදේශ සංචාරය නිමකරලා රටට ඇවිල්ලත්, තවම අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක්වත් සිදු වුනේ නැහැ.
ඊටත් ඉහලින් හිටි අයත් මේවට වගකිව යුතු නැත්ද?
මෙවැනි ප්රවෘත්ති පල වීම නිසා තමයි රණවිරුවන් යුධ අපරාධ කරුවන් වෙන්නෙ. මෙවැනි දේවල් වලට ප්‍රචාරයක් දෙන්නෙ නැත්නම් මේව ඉබේම යට යනවා. රටක් විදියට අපි රණවිරුවන්ට සහාය විය යුතුයි.
සෙනරත් ඔයා නාවික හමුදාව ගැන දන්න දෙයක් නැහැ. අනික ශ්‍යාමාල් ප්‍රනාන්දු හැමදේම දන්නා නාවික හමුදාවේ හැමකෙනෙක්ම සලකන නිලධාරියෙක් එයා කියන දෙය ඇත්තයි.