(නාලක සංජීව දහනායක)
රටට ආවේණික ආර්ථික කළමණාකරන ක්‍රමවේදයක් නොමැතිවීම හා වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති නිසා රුපියල දිනෙන් දිනම බාල්දුවී ආර්ථික අර්බුධ නිර්මාණය වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව හිනස්සවන්න එපා
මේ ආණ්ඩුව කාලෙද රුපියල අවප්‍රමාණ වෙන්න පටන් ගත්තෙ.
ඔක්කොම එක බව ජනතාව දන්නවා.
එතකොට ඉන්දියාවේත් අනික් රටවල් වලටත් එහෙමමද වෙලා තියෙන්නේ? අපි ඔයාට වැඩිය ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. හැමදාම අපිව රවට්ටන්න බැහැ
කියලා තියෙන කතා නම් සහතික ඇත්ත.
ආර්ථිකේ ගැන දන්නා තරම තමයි. ඩොලරය ඉහල යන්නේ මුලික වශයෙන් ඇමරිකාවේ පොලී අනුපාතය ඉහල දැම්ම නිසා. එකට හේතුව චීනය යම් යම් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා සිදුවිය හැකි මුල්‍ය පසුබෑම් වලට මුහුණ දෙන්න. මීට අදාළ උප හේතුන්ද රාශියක් තියෙනවා. මේ ප්‍රශ්නේ යුරෝපේ ඉන්න අපිටත් තියෙනවා. රාජ්‍ය නායකයෙක් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ නොදන්නාකමටද?
මෙච්චර දේවල් දන්නා එකේ අර මාධ්‍ය සාකච්චාවේදී මොකද දන්නේ නැහැ අන්දුන් කුන්දුන් වුනේ? ඔය කතා කොයික උනත් ඇමරිකන් ඩොලරය ඉහල යාමට ප්‍රධාන හේතුව එරට විසින් බැංකු පොලිය ඉහල නැංවීමයි. ලෝක ආර්ථික බලවතා වීමට චීනය විසින් ආරම්භ කර ඇති "එක මාවතක්" ආර්ථික උපායමාර්ගික වැඩපිළිවෙලට එරෙහිව ට්‍රම්ප් විසින් ඉදිරිපත්කර ඇති විකල්පය එයයි. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කර අපනයනය ප්‍රවර්ධනය කිරීමෙන් තොරව මෙයට ස්ථීරසාර විසඳුමක් ලබාදිය නොහැකිය. වත්මන් රජය එවැනි දිගු කාලීන ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් සකස්කර තිබුණත් එය සෘජු ලෙස ක්‍රියාවට නැංවීමට නොහැකි වී ඇත. සමාජය තුළ ගලා ගෙනයන ප්රාග්ධනය කොටස් වෙළඳපොල තුළට අවශෝෂණය කරගැනීමට ක්‍රමවත් සහ විධිමත් වැඩපිළිවෙලක් සකස්කිරීම මගින් කිසියම් ප්‍රමාණයකට මෙය පාලනය කරගත හැකිවනු ඇත. එදා කීව ‘බලයට ආවහම කරන හැටි කියන්නම් ’ මේ ප්‍රශ්නයට උත්තරයක් නෙවේ. මෝඩ කතාවක් පමණකි.
මේක මහින්ද මහත්මයමද ලියලා තියෙන්නේ. අපි දැක්කා එතුමාගේ ආර්ථිකේ ගැන තියන හසල බුද්ධිය.
2015 දී පරාජය කල, රාජපක්ෂ ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති මැද විවිධ හේතු මත ගත් විශාල ණය කන්දරාව ඩොලර් වලින් ආපසු ගෙවීමට තිබෙන වග නොකියන්නේ මොකද? රුපියල බාල්දු වෙන්නේ නැත. ඩොලරය ඉහල යනවිට තරාදියේ තැටි දෙක මෙන් රුපියල හෝ අනෙකුත් මුදල් වල වටිනාකම පහල යන බව කියාදීමට රජයේ කවුරුවත් නැද්ද ?
ඕක තමයි අපිත් කියන්නේ නොහැකියාව කියන්නේ ඕකට. රට බාරගෙන අවුරුදු 4 ම රටට කිසිම ආදායම් ලැබෙන සංවර්ධනයක් නැහැ හැබැයි ඩොලර් කෝටි ගණන් වලින් කෙරෙන වියදම් කළා සහ කරනවා. ඉතින් ඩොලරය නගින එක අහන්න ඕනෙද.
කොයි කාලයේද ඔය පාලනය කොරන්න හදන්නේ? තව අවුරුදු 1යි තියෙන්නේ.
යුද්දෙකුත් නවත්වලා විශාල සංවර්දනයක් කරලා අවුරුදු 10 ටම රුපියල බාල්දු වුනේ රු 25 න්. දැන් කොහොමද
" අපි ඔයාට වැඩිය ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා." ඔන්න ඔතන තමයි ලෙඩේ. ආර්ථික විද්‍යාව පුළුවන් වුනාට ඉලක්කම් අඩු කරන්න එකතු කරන්න වැඩි කරන්න බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. අර 62 හිතා ගෙන හිටියෙත් අපි දන්නවා කියලා තමා. ඔබලාගේ ඔය දැනීමේ ප්‍රතිපල තමයි අපි මේ අද ගෙවන්නේ.
කියන්න 2008 දී ලෝක ආර්ථිකය කඩා වැටුන අවස්තාවක යුද්දෙත් කරන ගමන් ඩොලරය අවප්‍රමාණ වෙන්න නොදී රැක ගත්තේ කොහොමද කියලා. පැත්තකට වෙලා හිතන්න. යහපාලකයෝ කියන ඒවා තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න. රු 130 තිබූ ඩොලරය 170 දක්වා වැටුනේ ඩොලරය නැග්ග නිසාම නොවෙයි.
සිරිමල් කියනදේ හරි. නිෂ්පාදනයක් නැතිව අපනයන වැඩිකිරීමක් නොකර ආහාර ආදී සියලු දේම ආනයනය කරමින් අතපය හකුලුවාගෙන කකා බිබී පුටුවකට ලක්ෂ හයක් දොරකට කෝටියක් වැයකිරීම වැනි දේ කරමින් සිටියොත් රුපියල අවප්රමාණයවීම කිසිම ලෙසකින් නවත්වන්න බැහැ. 2000 වසරින් පසුව නිෂ්පාදන ආර්ථීකයක් සඳහා කලේ මොනවාද. අලුතින් අපනයනය කලේ මොනවාද.කිසිවක්ම නැහැනේ
පසුගිය කාලේ රුපියල විතරක් නෙමේ ජනතාවත් බාල්දු වුණා.
රුපියල පමණක් නොව බොහෝ මුදල් වර්ග ඩොලරයට සමානව අවප්‍රමාණය වී ඇත.
මෙයා මේකට අත්සන් කලා විතරයි..
එතකොට ඉන්දියාවෙ රුපියල 12 % කින් බාල්දුවෙලා තියෙන්නෙ ඒ ආණ්ඩුවේ නොහැකියාව නිසාද ?
2012 දි ඩොලරය 113 ඉඳල 131 දක්වා 11 % කින් බාල්දු වුනේ කාගෙ නොහැකියාව නිසාද ?
අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් මේ රටේ නිෂ්පාදනය කරන්න දේශපාලකයන් ඉඩ දෙන්නේ නැහැ. මේ දේවල් පිට රටෙන් ගෙන්න වෙනම මුදලාලිලා කොට්ටශයක් ඉන්නවා . දේශපාලන බලය අරගෙන. ඩොලර් එක කීයට ගියත් කාටවත් ගානක් නැහැ. මේවට දේශපාලකයන් ගන්න තීරණ වලට හිනා යනවා. තාමත් මේ රට මේ රටට අවශ්‍ය ආර්ථික ක්‍රමයකට අරගෙන නැහැ. අපි වෙනත් රටවල භාණ්ඩ වලට මාර්කට් එක හදල තියෙන්නේ. ඒ රටවලින් අපිට දීර්ග කාලීන ණය දෙනවා. ඒ රටවල දේශපාලකයන් තමන්ගේ මිනිස්සු ගැන හිතුවත් අපේ රටේ දේශපාලකයන් හිතන්නේ තමන් ගැන විතරයි. මාසෙන් මාසේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් අපි නිෂ්පාදනය කරලා පිටරටින් ආනයනික භාණ්ඩ ලිස්ට් එක දිනෙන් දින අඩු කරන්න ඕනේ. මේ ආණ්ඩුවේම ඉන්නවා ලංකාවේ කෘෂිකර්මය ට වඩා වෙන රටවලින් අහර නිෂ්පාදනය කර ගෙන්වීම ලාභයි කියන අය. ඔවුන්ට හිතන්න ශක්තියක් නැහැ රටේ මිනිස්සු මුදල් ලබාගන්න රැකියාවක් කරන්න ඕනේ නේද කියන එක. රජ කලේ මේවගේ දේශපාලකයන් හිටිය නම් අද අපිට වැවු කුබුරු දාගැබ් දකින්න ලැබෙන්නේ නැහැ.
මෙයා දන්න ආර්ථික. නිකම් බොළඳ විහිළු දෙන්න එපා.
2005 රට බාරගන්න කොට ඩොලර් එක රුපියල් 93යි... 2015 බලයෙන් පන්නන විට ඩොලරය 156යි. එහෙම වෙනකොට මෙයා මොනවද කළේ කියන්න මහත්තයෝ.. වාසියට බොරු කියන්න එපා.
වහල්ලු දන්නා ඩොලර්.... ලියන දේවල් වලින් පෙනෙනවා පාසල් ගියේ කීවෙනි පන්තියටද කියලා.
එක ඇමති කෙනෙක් පසුගිය කාලෙ ගම්මිරිස් ප්‍රති අපනයනය කලාම රටට ආර්ථික වාසි වෙනවා කියල ගම්මිරිස් පිටරටින් ගෙන්නුවා.ගොවියන් වගාව අත්හරින තැනට ආවා.රබර් වලටත් වෙන්නෙ ඒ ටිකමයි. තේවලට කසල එකතු කරල යවනවා ඉඩම් කැබලි කර පොල් වගාව විනාශ කරනවා කවුරුවත් මේ ගැන බලන්නේම නැහැ .මෙවැනිදේ නිසා ආපනයන ආදායම අඩුවෙනවා.රුපියල අවප්‍රමාණ වෙනවා.
එයානම් මැරිලා ඉපදිලා. අපිනම් තාම හොඳ සිහියෙන් ඉන්නවා.
අපි ඩොලරය පැත්තකින් තියලා ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියලට මොකද වුනේ කියලා බලමු. අද ස්ටර්ලින් පවුම රුපියල් 222 යි එහෙම වුනේ ඩොලරය ඉහල යාම නිසාමද? අගෝස්තු 26 දින රු 206.22 වූ පවුම සැප්තැම්බර් 30 වෙනකොට රු 222.65 නරක නැහැ නේද.