(ශිරාන් රණසිංහ)
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය.
වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා යැයි ද ඒ මහතා කියා සිටියේය.
වසර දෙකකට පසු ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ඇතුළු පිරිස් විපක්ෂයට එක් වූ බවත් දැනට ඇතිකරගෙන ඇති එකඟතා මත ශ්‍රී.ල.නි.ප සංවිධායකකම අහිමි වුවත් මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ සංවිධානයකට ලබා ගන්නා බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය වෙන කොහොට යන්නද. මේ අයට සංවිධායකකම දුන්නම මහින්දට මෙතෙක් උදව් කරපු අයට දෙන තනතුරු මොනවද
ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන දුකයි ලැජ්ජයි.
නැතුව නැතුව. කියන ඕනෑම දෙයක් අපි එකත්පසව ඉඳගෙන සාවදානයෙන් අසා සිටින්නෙමු.
මෙව්වා තමයි අල්ලස් කියන්නේ. රට හැදෙයි බලාගෙන ඉන්න
දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා කිව්වා වගේ මේගොල්ලෝ ඒකාබද්ධයේ නොවෙයි දෙනවා නම් දෙමළ ජාතික සංධානයේ හරි සමාජිකත්වය ගනිවී.
මේවා අර කවුරුවත් නම නොදන්නා පක්ෂයේ සංවිධායක ධූරද නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සංවිධායක ධූරද? එහෙමනම් මාරුවකින් ළඟදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමටද මේ කුරුමානම් අල්ලන්නේ?
මේ යන විදියට ආණ්ඩුව පෙරලලා වෙන ආණ්ඩුවක් පත් කලත් පරණ අයම තමයි එන්න යන්නේ. බලාගෙන ගියාම හොඳ වුනත් නරක වුනත් ඉන්න අයම දිගටම ඉන්න අරින එක හොඳයි වගේ.