(රංජන් කස්තුරි)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් අගරදගුරුතුමන් ජනප්රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දා ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර්
ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.
මානව හිමිකම් සුරැකීම අවශ්‍යවූයේ කතෝලික ආගම නොපිළිගන්නා සහ ඒ පිළිබඳව ප්‍රශ්න කළ පුද්ගලයන් එදා වධ හිංසාවලට භාජනවීම සහ කුරුස යුද්ධයේදී සමූලඝාතනයට ලක්වීම නිසා යැයි ද සමරවීර මහතා සඳහන් කර ඇත.
මානව හිමිකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියාදීමට බටහිර ජාතීන් උත්සාහ දරන බවය.
සාන්ත මතෙව් රෝමානු කතෝලික දෙව්මැදුරේ ඉකුත්දා පැවැති මංගල දේව මෙහෙයට එක්වෙමින් අගරදගුරුතුමන් එසේ සඳහන් කර තිබිණ.
මංගල සමරවීර ඇමැතිවරයා පිළිතුරු දී තිබුණේ අගරදගුරුතුමන්ගේ එම ප්‍රකාශයටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රටට ආදරේ නැති අයට අගරදගුරුතුමා බෞද්ධ නොවුනත් හොද පිළිතුරක් දීලා.
බටහිර ජාතීන්ට බනිනකොට මේයාට කේන්ති යන්නේ මොකද? අගරදගුරුතුමන්ට විශේෂයෙන් ජනප්‍රිය වෙන්න දෙයක් නැහැ. එතුමා කතාකරන්නේ ඇත්ත. බටහිර ජාතීන්ට ගැතිකම් කර උන්ගේ සංස්කෘතියේ ඇති කුණුගොඩවල් අපේ රටට ඇතුල්කරන්න හදන අයට අගරදගුරුතුමන්ව විවේචනය කරන්න නොදිය යුතුය. ශ්‍රිලංකාවේ කතෝලික ජනතාව සහ බෞද්ධ ජනතාව අතර මෙතුමා පාලමක් වැනිය. මම බෞද්ධයෙක්, එත් මම මෙතුමාට ගරුකරනවා. මොකද මෙතුමා තමා සැබෑ සංහිදියාවේ පියා.
මෙතුමාට අමතකවෙලා වගේ කුරුසයුද්දේ කරේ, දෙවන ලෝකයුද්දේ කරේ, රතු ඉන්දියානුවන් සමුලගාතනය කරේ , ආගම මුල්කරගන මිනිස්සු මැරුවේ ලංකාවේ නෙවි අද අපිට මානව හිමිකම් උගන්නන එන රටවල් කියලා.
මේ බරපතල ප්‍රකාශය බොදුනුවකු වන මා පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා.... ඇමතිතුමාට වඩා වැඩි කැක්කුමක් මෙරට බොදුණු සංස්කෘතිය ගැන උන්වහන්සේට පවතින එක ගැන අප ආඩම්බර විය යුතුය.
මුලු ලොකයේම තමන්ගෙ රටට විරුද්ධව කතා කරපු කරන එකම ඇමති මෙයා වෙන්න ඕනෙ.
අපි ඔක්කොම වරද්දාගෙන ඇති බව දැන්නම් හොඳටම පෙනෙනවා.
ඔයා මුලින් රුපියල ස්ථාවර කරගන්න...... එතුමාට බහුතරයක් ලාංකිකයන් ගරුකරන උතුමන් කෙනෙක් ...
ශ්‍රී ලංකාවේ කවුරුන් විසින් හෝ මානව හිමිකම් උල්ලංගනය කර ඇති බව කවුරුත් පිළිගත් මතයක් වන අවස්තාවක මෙතුමා යම් කණ්ඩායමක් වෙනුවෙන් සුදු හුණු ගෑමට ගොස් හොඳින් නාගෙන ඇත. මංගල ඇමති තුමාගේ පණිවුඩය කාලෝචිතයි.
මංගල ඇමතිතුමා එක්ක මම 100% එකගයි.
ගරැ අගරදගුරුතුමන් කියපු තකාව ඇත්ත.
පදනමක් නැති තුට්ටු දෙකේ අදහස් වලට අපි එච්චර කලබල වෙන්න ඔනෙ නැහැ.
මෙයා සේරම පටලගන්නවා. අගරදතුමාගේ වටිනාකම තේරෙන්නේ නැති හැටියක්. රන්ජිත් පිය තුමා අපේ රටට පහළ වුණු අති ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. එතුමා කියපු දේ සහතික ඇත්ත.
අගරදගුරු තුමා ජාති ආගම් බේදයකින් තොරව හැමෝගෙම අතීශය ගෞරවාදරයට පත් අයෙක්.එතුමා හැම විටම නිර්භයව අදහස් පළ කරන ශ්‍රේෂ්ඨ උතුමෙක්. එතුමා මෙහිදි පළ කළ අදහසත් එවැන්නක්..... මේකට වලිගෙ පාගා ගත්තේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.
අගරදගුරුතුමාට අමුතුවෙන් ජනප්‍රිය වෙන්න දෙයක් නැහැ. එතුමා අතිශයන්ම ජනප්‍රියයි රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙකු ලෙස. කොපමණ රජ බොජුන් දුන්නත් සුද්දගේ අතුරුපසට නොගත්තොත් නින්ද නොයන අදිරාජ්ය වාදී වහල්ලුන්ට එතුමාව දිරවන්නේ නැතුව ඇති
නම් පටලවාගෙන නෙවෙයි, අනාගෙන.
මෙයා පවත්වපු මම මානව හිමිකම් ගැන රැළියකට මම සහභාගි වුණා. කුරුඳු පොලුපාර තාම පිටේ තියෙනවා..
මේ ඇමතිතුමා මුදල් ඇමති වෙන්න තිබුනේ කුරුස යුද්ධ කාලේ. එයා ගැලපෙන්නේ ඒ යුගයටයි. පදනමක් නැති, අදාලත්වයක් නැති මෝඩ කතාවලින් මේතුමා තව තවත් මිනිසුන්ට දුරස් වෙනවා.
මානව හිමිකමයි දේශපාලනෙයි පටලවගෙන... මංගලලාට කඩේ යන අය අපේ රටේ තවත් ඉන්නවා..
මෙයා භයවෙලා අගරදගුරුතුමා ජනාධිපතිකමට තරඟ කරාවි කියලා.
අගරදගුරු තුමාගේ දේශනය මංගල ඇමති තුමා අහළ නෑ.
මෙතන පුද්ගලයා මත පදනම්ව හරි වැරැද්ද හොයන්න යන එකයි වෙලා තියෙන්නේ. කිතුදහම අදහන අය වැඩි හරියක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ඉන්නේ ඇයි? ඒ අය බටහිරින් ආවාද? නැත්නම් ඒ අයගේ මුතුන් මිත්තන් මොන ආගමේද? වතිකානුව පිහිටා ඇත්තේ බටහිර රටකද? එසේ නම් වතිකානුව හොඳ වීමටත් බටහිර නරක වෙන්නෙත් කෙසේද?
ඇත්තටම අපි රටක් වශයෙන් ඉන්නේ ඉතාමත් අභාග්‍ය සම්පන්න අවස්ථාවකයි... මොකද මෙහි පලකරලා තියෙන සමහර අදහස් බැලුවහම අපේ රටේ මිනිසුන්ගෙන් වැඩිහරියක් දෙනා මානසික ආතතියෙන් හෝ දරුණු මානසික ලෙඩකින් පෙලෙන බවයි පේනේනේ. කාදිනල්තුමා රටේ පවතින තත්වය ගැන අපක්ෂපාති විග්‍රහයක් කරන්නේ... අනේ පුලුවන්නම් මේකටත් ගොන් කොමෙන්ට්ස් ටිකක් දාන්න!!
මෙතුමාගේ මොලේ කොහොමත් ටිකක් කචල්... හීනෙන් දොඩවනවා. 2020 කිට්ටු නිසා තද වෙලා රටම පාවා දීලා රුපියලත් නැතිම කරලා දැන් අපිව උලාකනවා.
කිව්වොත් කියන්නේ මෝඩ කතාවක් තමයි ඉතින්....
අගරදගුරු අැත්ත කියනකොට සමනළයෙක් චූන් වෙළා... ඔබ වහන්සේගේ අදහස් අපට වටිනාකම කියලා නිමකරන්න බැහැ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙත්වා..
කිව්වොත් "මොංගල්" කතාවක් තමයි..
අගරදතුමාට අමුතුවෙන් ජනප්‍රිය වීමට දෙයක් නොමැත ඔබලා තමයි අවුරුදු 5 න් 5 ට ජනප්‍රිය විය යුත්තේ. දැනටමත් ඔබ අපි අතරේ ජනප්‍රිය වී හමාරය.
පුහුල් හොරා කරෙන් දැනේ... කියන්නේ මේවට තමයි.. මානව හිමිකම් කඩතුරාවට මුවාවෙලා බඩගෝස්තරය හොයාගන්න අයට තමයි මේවගේ අදහස්වලට තද වෙන්නේ...
ඇමතිතුමාගේ අනික් දේවල් නම් මට අදාළ නැහැ. එ්ත් මේ කියලා තියෙන දේ නම් පට්ට ඇත්ත. විවිධ වධ හිංසා පමණක් නොව ක්‍රිස්තියානි නොකරන අයගේ හිස පවා ගසා දැම්මා පෘතුගීසි කාරයින්... අතේ වඩන් ඉන්න දරුවාගේ...දෙමාපියන්ගේ... ඕවා දැන් ඒවා හැමෝටම අමතකයි.