(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ හෙරොයින් බෙදා හරිනු ලැබු වයස අවුරුදු 23 ක කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(26) මරණ දඬුවම නියම කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම ස`දහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුවන්ට ද`ඩුවම් නියම කරමින් ස`දහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළඹ ග‍්‍රැන්ඞ්පාස් මහවත්ත ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු වන රංග සුමිත් බණ්ඩාර නමැත්තාටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාරුණ්‍යයට ගිය කල. දෙමාපිය සෙනහස මදි වෙලා වගේ අයාලේ ගිහින් තියෙන්න. තරුණ තරුණියන් පරිස්සම් කරන්න ඕනේ කියන්නේ මේකට තමා. අවුරුදු 23 දී කුඩු ජාවාරම් කරුවෙක් වෙලා. ඒ පරිසරයේ හැටි කියලා අත හැරියොත් වෙන දේ මේක තමා. අන්තිම නරක පරිසර වල පවා හොද මිනිස්සු ඉදල තියෙනවා. දෙමාපියන් තමා දරුවන් ගැන මීට වැඩ උනන්දුවෙන් ඇහ ගහගෙන ඉන්න ඕනේ.