තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සමබ්නධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 29 දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් එම තීන්දුව ඉවත් කොට ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතව තිබුණද එය ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීම හේතුවෙන් එම විශේෂ අභියාචන පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම අභියාචන පෙත්සම් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්මවරුන් ඉදිරියේ කැඳවිණි.
කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් වන බවත් ,එබැවින් අදාළ දඬුවමින් තමන් මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ , පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් ඇත.
2013 අපේ‍්‍රල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේදී කොළමදී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක‍්‍රිෂාන්ත කොරළගේ නැමැත්තන් සමඟ එක්ව මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි මෙම සියලූම විත්තිකරුවන්ට එරෙහිව නීතිපති අධි චෝදනා නඟා තිබිණි. තවද මොහොමඞ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ ප‍්‍රදේශයේදී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිව ද , ඒ සඳහා ඔවුන් ආධාර අනුබල ලබා දෙන ලදැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014.04.17 වැනිදා නීතිපති අධිචෝදනා ගොනු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් එම තීන්දුව ඉවත් කොට ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා පෙත්සම් ගොනු කලහම .. ඔහුව නිදහස් කරන්නේ කිනම් නිර්ණායකයක් උඩද? මරණ දඩුවම නියම කරලා උසාවියෙන් තීන්දු කලහම අපහු තමන්ව නිදහස් කරන්න කියල පෙත්සම් දාල කොහොමද නිදහස් කරන්නේ උසාවියෙන්. එහෙම බැලුවොත් මරණ දඩුවම ලැබිලා සිරගත වෙලා ඉන්න අනික් සිරකරුවොත් ඔහොම පෙත්සම් දාල පුලුවන්ද තමන්ව නිදොස් කොට නිදහස් කරන්න කියන්න. මා වැරදි නම් හරි දේ කියා දෙන්න කෙනෙක් ඉන්නවද?
කෙනෙක්ට මරණ දඩුවම උසාවියෙන් තීන්දුවට පත් කරනවා කියන්නේ දෙන්න පුළුවන් ඉහලම දඩුවම සහ එම දඩුවම චුදිතයට නියම කරන්නේ ඔහු ඒ සා ගැලපෙන අපරාධයක් දණ්ඩ නීති සංග්‍රහය අනුව කර ඇති නිසාවෙනි. එසේ බැලූ කල එවැනි දරුණු ගනයේ අපරාධයක් කල කෙනෙක් අඩුම තරමේ මෝෂන් එකක් ඉල්ලුම් කිරීමත් විහිළුවක්. ගරු අධිකරණය මෙවෙනි අපරාධ කරුවෙක් නැවත සමාජයට මුදා හැරීම ගැන තවත් සිතා බැලිය යුතු කරුණකි.
අපේ රටේ පොලිසිය ගැන මෑතක හොද හෙලිදරුව්වක් උනානේ. මම හිතන්නේ ඒ ඇති පොලිසියේ සමහර නිලධාන්ගේ රාජකාරි වල අවංක බාවය මැනගන්න. ඕනේ තරම් අහිංසකයෝ හිරේ දානවා බොරු චෝදනා කරලා.