(මනෝජ් හර්ෂික, කාන්චන කුමාර ආරියදාස සහ මැදිරිගිරිය චාපා මධුභාෂිණී)
පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල පර්වතෙයේ සිට සීගිරිය දෙසට හැරී නිරුවත් ඡායාරූප ගෙන ඒවා මුලින්ම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ විදේශීය කතක් ඇතුළු තරුණ පිරිසක් විසිනැයි මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.
එම නිරුවත් ඡායාරූප මුහුණු පොතේ පළ වීමත් සමග ශ්‍රී ලාංකික තරුණ පිරිසක්ද ඒ ආකාරයෙන් නිරුවත් ඡායාරූප ගෙන අන්තර් ජාලයට මුදාහැර ඇති බවත් ඒ අතර කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍යයකුද සිටින බවත් හෙළිවූ බවද පොලිසිය සඳහන් කරයි.
මේ අතර අසභ්‍ය ලෙස හැසිරුණු බවට හඳුනාගෙන ඇති එක් පුද්ගලයකු තම මුහුණු පොත ඔස්සේ පණිවිඩයක් තබමින් මෙම සිද්ධිය නොදැනුවත්කම මත සිදු වූවක් බවත් සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධයෙකුගෙන්ම සමාව ඉල්ලා සිටින බවත් තමා අතින් සිදුවූයේ නොවිය යුත්තක් බවත් සඳහන් කර ඇත.
සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප සංසරණය වීමත් සමග ලාංකික තරුණ තරුණියන් රැසක්ද මෙම ස්ථානයට ගොස් ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සහ නිරුවතින් ඡායාරූප ගෙන ඓතිහාසික සීගිරිය බලකොටුව සහ පිදුරංගල පර්වතයට අපහාස වන අන්දමින් එම ඡායාරූප මුහුණු පොතේ පළ කර ඇති බවද හෙළිවී ඇත.
සීගිරි කාශ්‍යප රජතුමන් සීගිරිය රාජධානිය ගොඩනගද්දී එහි මහරහතන් වහන්සේලා 500 කට වැඩි පිරිසක් වැඩ සිටි බවත් රජමාලිගය ඉදිකිරීමේදී ඉන් නිකුත් වූ ශබ්දය රහතන්වහන්සේලාට බාධාවක් වූ නිසා සීගිරි ගලට උතුරු දෙසින් පිහිටි මෙම මහා පර්වතයේ විහාරස්ථානය ඉදිකර එය මහ රහතන් වහන්සේට පූජා කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
එයට විහාර මන්දිර, පිළිම හා සංඝාවාස ඇතුළු අංගවලින් සම්පූර්ණ විහාරයක් බවට පත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. විහාරයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් රනින් සාදවා නෙළුම් මලක් පූජා කළ බවත් එය මූලික කරගෙන රනින් පිදූ ගල පිදුරංගල වූ බවත් ඉතිහාසයේ දැක්වෙයි.
රාවණා රජ්ජුරුවන්ගේ දඬු මොණරය අහසට නැග්ගීමට පිදුරංගල ගල උපයෝගී කළ බවටද ජනප්‍රවාදයක් පවතී. පිදුරංගල පර්වතය දෙස බැලුවොත් ගුවන් යානයක් පියාසර කරවීමට සුදුසු ආනතියක් හා අංශක 45 ක බෑවුම් ස්ථානයක් වීමත් එක සාධකයක් විය හැකි බවටද මතයක් තිබේ.
පිදුරංගල පංචාවාසික විහාර සංකීර්ණයකි. පුද බිමෙහි ඇති නටඹුන් ඊට සාක්ෂි දරයි. එහි ගල් කණු 45 ක් සහිත මහල් කීපයක ගොඩනැගිල්ලක නටඹුන් දක්නට ඇති අතර සංඝ උපෝෂථාඝාරය බව කියවෙයි. මෙය මුගලන් කුමරුන් විසින් කරවා මහානාම භික්ෂූන් වහන්සේ වෙත පිදූ බවත් මහාවංශයේ කොටසක් රචනා කරන ලද්දේ මෙතැනදී බවත් ජනප්‍රවාදගතව පවතී.
පිදුරංගල පර්වත මුදුනෙහි නැගෙනහිර වන්නට ලෙන තුළ නිර්මාණය කර ඇති ඓතිහාසික සැතපෙන පිළිම වහන්සේ මෙම විහාස්ථානයේ ඇති වැදගත්ම අංගයකි. එම පිළිමය මැටි ගඩොල් හා හුණු මිශ්‍රිත විශේෂ බදාමයකින් කරවා ඇත. දිග අඩි 49 1/2 කි. මෙය ලොව ඇති පැරැණිම සහ විශාලතම පිළිම වහන්සේ ලෙස සැලකෙයි. මෙම පිළිම වහන්සේ සීගිරි කාශ්‍යප යුගයට අයත් බව පුරාවිද්‍යා විද්‍යාඥයන් වූ එච්.සී.පී. බෙල් සහ සෙනරත් පරණවිතානයන් සඳහන් කර ඇතැයි පොත්පත්වල සඳහන්වේ.
පිළිම වහන්සේ නිමවා ඇත්තේ සීගිරි පර්වතයේ සිංහ පාදය ඇති ස්ථානයට හොඳින් දර්ශනය වන ආකාරයටය.
කාශ්‍යප රජතුමා සීගිරියේ සිට දිනකට දෙවතාවක් බුදුන් පිදූ බවද ජන වහරේ කියැවෙයි. එවැනි වූ පූජනීය ස්ථානයක මේ ආකාරයට නිරුවත් හැසිරීම් ඉතාමත් අශෝභන හා නින්දිත බව පිදුරංගල රාජමහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ පවසති.
1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනතට අනුව මෙම පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව සීගිරි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මෙහෙම ඉන්නේ ඇයි කියල මේ ළමයි දන්නෙ නැතුව ඇති. ඕක බටහිරින් ආපු රැල්ලක් කියනවනෙ.
මේ අය ඇත්තටම වැස්සටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද ?
බලන්නකෝ සමාව ඉල්ලන හැටි දන්නෙම නැති බබාලා වගේ මේ පිරිස් වලට ප්‍රසිද්ධියේ දඩුවම් ලබා දිය යුතුය, මෙවැනි දෑ ඉදිරියට නොවෙන්නම සමාව ඉල්ලුවම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නවා ඇති මෝඩ රැල
බොහෝ බටහිර රටවල අසබියන් අව්රුදුගනනාවක සිට කරන දේවල්... ඒ රටවලම ගොඩක් දෙනා පිළිකුල් කරන දේවල්. අපේ රටේ සමහරුන් උජාරුවට අලුත් පරපුරක් යැයි කියමින් (අසබියන්, බහුතරයක් තරුණ පරපුර නෙවෙයි) කරමින් සිටී. අපගේ එකම ඉල්ලීම මේ අයගෙන් ඔබත් ඒ රටකට යන්න. අපිට අපේ රට ඉතුරු කරන්න.... අපි පසග පිහිටලා වඳින මේ භුමිය.
සුද්දා කරන හැම දෙයක්ම කරලා ඊට පස්සේ සුද්දට බනිනවා. මහා ලොකු අපේකම කෝ ? හොද නරක ඉගෙනගත්ත කට්ටිය නෙවෙයිද අපේ ඉන්නේ ? පම්පෝරිය නම් ඉහටත් උඩින්. ඒ අය කරන හොද වැඩ එකක්වත් කරන්නේ නැහැ. ගිය සුමානේ TV එකේ පෙන්නුවා හලාවත පැත්තේ සුද්දෝ ජෝඩුවක් අපේ වෙරළ පිහදාල කුණු ඉවත් කරන එක. ඒවා අපේ අය බලන්නෙත් නැහැ. අනුකරණය කරන්නෙත් නැහැ . උන්ට ගරු කරන්නෙත් නැහැ.
අමනයන්ගේ වැඩේ ගැන කෙසේ වෙතත්. විහාරය ගැන ලියලා තියන ඓතිහාසික කතාව වටිනාකම ගෙන අසාවෙන් කියෙව්වා. ස්තුතියි ආර්ටිකල් එක හදපු කෙනාට. විහාරයේ ඓතිහාසික කරුණු හොයලා ගොනු කරලා මේක ලිව්වට.
අපේ දරුවන්ගේ සහා අපෙත් මානසික තත්වය මෙයින් හොදට පේනවා. පිටරට කව්රුහරි යමක් කලොත් අපිත් එය කරනවා හරි හෝ වැරදි දෙයක්ද කියලා හොයාබලන්නේ නැතිව.
විදේශීය කතක් ඇතුළු තරුණ පිරිසක් මේ කන්දෙන් පහලට පැන්නොත් මේ ගොල්ලත් පනිනවද?
මේ අයට නීතියෙන් දැඩි දඩුවම් දිය යුතුයි. අපේ උන්ට අපේ දේවල්වල අගයක් නැහැ. අනික හැමදේම කරන්නේ රැල්ලට. කරන තරමක් මෝඩකම් කරන්නේ. හොද දේයක් ජීවිතයට ගන්නේ නැහැ. තවත් පිරිසක් ඉන්නවා මොන දේ කලත් සාධාරණීකරන්න. අපි තාම ප්රාථ්මිකයි. හරියට නීතියක් නැති රටේ ජනතාවවත් අදර්ශමත්ව ජීවත් වෙන්නකෝ.
පිට රටින් එන ඕනෙම කුණුගොඩක් හිස මුදුනින් බාර ගන්න අපේ අයියලට ........" නුඹ නාඩන් නුඹ නාඩන් උඹට මේවා හොඳ පාඩම් ................ හා කුම්බලා මාළු කෑවනම් දිරවපන් බළලෝ
ලෙඩ බෝවෙන්නේ ගොඩක් දුරට වාතය, ස්පර්ශය, ජලය වැනි දේවල් හරහා. කෙනෙක් නිරුවත්වීම තවත් කෙන්ක්ට බෝවෙනවා නම් එය වෙන්නේ ඇස්වලින් බැලීමෙන් පමණි. ඒ ඇස් දෙක අපිට හරි දෙයට හසුරවගන්න බැරිනම් අපි දකිනදේට බැනල ඇති වැඩේ කුමක්ද? මෙවැනි මෝඩ වැඩ සුද්දාගෙන් ලැබුන කියල උන්ගේ කරින් යවල අපේ අය ඇඟ බේරගන්න යෑම අපේ ජන්ම පුරුද්ද නේ. ජන්ම පුරුද්ද කියන්නේ ඕනෙම දෙයක නරක පැත්ත භාරගන්න අපි කොහොමත් රුසීයි.
ඇත්තටම මෙතන ලොකු වරදක් මේ කොල්ලෝ ටික කරලා තියෙන්නේ. එකට දඩුවම දෙන එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එ් වුණාට මේ කොල්ලෝ ටිකගේ ජීවිතේ එපා කරවන විදියේ නෙමෙයි. ඔය කලේ අපිත් පිස්සු වැඩ කරා ඒ වෙලේ ඕව හිතන්නේ නැහැ. මේ කරපු දේ මේ ටික හිතල මතලා කරපු දෙයක් නෙමෙයි. කොලු කමට කරපු දෙයක්.
මේ සියලු දෙනාටම වසර 5වත් බරපතල වැඩ සහිතව සිරදඬුවම් දෙන්න. පුජනීය ස්ථානවල අශෝභන ලෙස හැසිරෙමින් සහ නිරුවතින් ඡායාරූප ගන්න සහ පිළිම වහන්සේලාට අපහාස වන ලෙස ඡායාරූප ගන්න සියලුම දෙනාට මේ දඬුවම් ලබා දෙන්න. අවජාතක ලෙස මෙලොවට බිහිවූ මෙවන් අය බුදුපිළිම වහන්සේලාට අපහාස වන ලෙසින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිරිසන් වින්දනයක් ලබන බව දැන් පෙනෙන්නට තිබේ.
මේ අයට රජකාලේ දඬුවම් දෙන්න ඕනේ.. ආයෙ දැක්කෙත් නැහැ.
රටේ අධ්‍යාපන ක්රමයේ තිබෙන වැරද්දත් මේ වගේ සිදුවීම් වලට එක් හේතුවක්. රටේ ඉතිහාසය, ඒ ඉතිහාසයේ වටිනාකම, ඓතිහාසික වැදගත්කම්, අගය කල යුතු දේවල් ගැන දරුවන්ට හිතට වදින විදියට උගන්නන ඕනේ. තමන් කරන්නේ මොනවද කියන්නේ මොනවද, එය සමාජයට බලපාන්නේ කොහොමද කියලා දැන් ඉන්න දරුවන් දැනුවත් නැහැ. ආදර්ශයෙන් ඉගෙන ගන්න, වැඩිහිට්යෝ එහෙම ආදර්ශවත් වෙලත් නැහැ. මේකට දඬුවම් කිරීමම ප්‍රමාණවත් නැහැ. ආකල්පමය වෙනසක් කරන්නම වෙනවා.
"වැඩේ බෝකළේ පිටරට කතක්" එහෙම අනුන් කළා කියලා තමනුත් කරනවද ? තමන්ගේ රටට නපුරක් කල විට ඒක ඊටත් වඩා නරක විදිහට රටේ අයම කරනවා නම් රජ කාලේ වගේ උල තියන්න ඕනේ.
මේවා තමා අනුකරණයේ තියෙන විපාක. නමුත්, මෙවැනි දේ ඉදිරියට කරන්නට බලාපොරොත්තු වෙනඅයට අනතුරු ඇඟවීමක් ලෙස, මේ අයට යම් දඬුවමක් ලබාදිය යුතුමයි.
මලියදේව යනු රටේ ජනතාව පීඩිතව සිටි අවදියක..., එනම් මෙයට වසර 130 පමණ පෙර කොන්දක් ඇති නායකයින් බිහිකිරීමට ආරම්භ කල පාසලක්... මෙවැනි තත්වයකට මොවුන් පත්වී නම් ඒ ගැන මහනායක ඇතුළු බොදු ප්රභූවරු සොයා බැලිය යුතුයි.
උසාවි ගෙන යා යුත්තේද ඒ ආකාරයටමය
ප්‍රසිද්දියේ කලිසම ගලවලා පිටුපසට කස පාර 10 ගානේ දුන්නා නම් ලංකාවේ තවත් මේවා වෙන්නේ නෑ...