( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය වීම් ගැන ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව සහ පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය එක්ව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට අද (25) දින සංදේශයක් බාර දී ඇත.
මෙම සංදේශය බාර දීමේ අවස්ථාවට ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව සහ පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ආචාර්ය නාලක ගොඩහේවාල ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාල මදුශාන් හරීන්ද්‍ර ල අරුණ වරුසහැන්නදිගේල නිමලා ලියනපටබැඳිගේ හා රොෂාන් වීරපුර යන මහත්වරුන් සහභාගී වූහ.
සංදේශය බාරදීමෙන් පසු මාධ්‍ය ඇමතූ ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා කියා සිටියේ ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් කමිටුවට බාරදෙන චෝදනාවකට පිළිතුරක් ලබා ගැනීමට මාස ගනනාවක් ගත වන අතර රජයේ අකාර්යක්ෂමතාවට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ ජනතාවට බවය.
වත්මන් රජය බලයට පත් වූ වහාම සිදුකල මහබැංකු බැඳුම්කර මගඩිය නිසා සිදුවූ රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පාඩුව අසීමිත ලෙස බදු වැඩි කිරීමි හරහා ජනතාවගෙන් අයකිරීමට රජය කටයුතු කරන බවද ඔහු කීය.
වත්මන් රජය බලයට ආ පසු හඳුන්වාදුන් . තොරතුරු දැනගැනීමේ පනත. අද පුස්සක් බවට පත්වී ඇති බව පෙන්වාදුන් මදුශාන් හරීන්ද්‍ර මහතා කියා සිටියේ තෙල් මිල සූත්‍රය රහසක් වශයෙන් තබාගැනීමෙන් ලංකාවේ ජනතාවගේ පාරිභෝගික අයිතීන් කඩවී ඇති බවයි.
ලංකාවේ පාරිභෝගික අයිතීන් කඩවීම් පිලිබඳ දැනුවත් කිරීම සඳහා ජිනීවාහී .එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට සංදේශයක් ඉදිරිපත් කර ඇති ප්‍රථම අවස්ථාවද මෙය වන බව ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ව්‍යාපාරයක් තියෙනවද? පාරිභෝගිකයන්ට වෙන අසාධාරණකම් ලියන්න ගියොත් මාසයක් විතර රස්සාවෙන් නිවාඩු ගන්න වෙනවා. ඒ තරමටම අසාධාරණකම්.
කවුරුහරි මෙම පැමිනිලි පාර්ශවයේ අය ඔවුන්ගේ පරිභෝජනය සඳහාවත් නිෂ්පාදනය කරන්නේ හා වවාගන්නේ මොනවාද බලන්න. කාටත් අවවාද කරන්නනම් පුලුවන්