(කාංචන කුමාර ආරියඅදාස )
පිදුරංගල ගල මත නැග නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
19 හැවිරිදි වියේ පසුවන ඔවුන් තිදෙනාම ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් වන අතර එම ඡායාරූපයට පෙනී සිටි සහ ඡායාරූප ලබාගත් තරුණයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නිවෙස්වලට ගොස් තිදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයන් තිදෙනාට අමතරව තවත් තරුණයන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ .තරුණයන් පස්දෙනා ම පසුගිය දිනක සීගිරිය පිදුරංගල පර්වතයට නැග තිබෙන බවත් එයින් තරුණයන් දෙදෙනෙකු දැඩි ලෙස මෙම තරුණයන් තිදෙනාට මෙසේ අසභ්‍ය ඡායාරූප නොගන්නා ලෙස අවවාද කළ බව පොලිසියට ප්‍රකාශ කොට තිබේ. එහෙත් මිතුරන්ගේ කීම නොඅසා මෙයාකාරයෙන් පින්තූර ලබා ගෙන ඇතැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිසිය කියයි.
ඒ අනුව පොලිස් භාරයට ගත් එම තරුණයන් දෙදෙනා ප්‍රකාශ සටහන් කොට සාක්ෂිකරුවන් ලෙස යොදා ගන්නා බවත් ඔවුන් ප්‍රරකාශ සටහන් කිරීමෙන් අනතුරුව මුදා හැරීමට නියමිත බව පොලිස් පරීක්ෂක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙසේ අඩනිරුවතින් ඡායාරූප ලබාගත් සහ ඡායාරූප වලට පෙනී සිටි තරුණයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී සඳහන් කර ඇත්තේ විදේශීය කාන්තාවක් සීගිරිය පිදුරංගල පව්වේ සිට මෙයාකාරයෙන් පින්තූරයක් ලබාගෙන එම පින්තූරය අභියෝගයට ලක්කරමින් මූණුපොතේ මුදාහැර තිබුණු බවය. එම අභියෝගයට මුහුණ දෙමින් තමන් ද ඒ ආකාරයෙන් ම එම ස්ථානයේ රැඳී සිටිමින් නිරුවත පෙන්වමින් ඡායාරූපයක් ලබාගෙන මූණුපොතට යොමු කළ බව ද සඳහන් කර තිබේ.
කෙසේවෙතත් අත්අඩංගුවට ගත් තිදෙනා 27 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සාක්ෂි සඳහා යොදා ගත් තරුණයන් දෙදෙනා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු මුදාහැරීමට කටයුතු කරන බව රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.... මෙවැනි අයට දැඩි අඩුවම් දිය යුතුයි..............
අපේ පොලිසිය හරි දක්ෂයි මේ වගේ භයානක පාතාල සාමාජිකයින්, මහ බැංකු හොරුන් අල්ලන්න.
අපේ රටේ අනාගත පරපුර වැටී ඇති කණගාටුදායක තත්වය මෙවැනි සිද්ධීන් වලින් පෙනේ... අතීතයේ මෙන් නොව අද විද්‍යුත් මාධ්‍යවල බහුලව දක්නට ඇත්තේ නරඹන්නන්ගේ බුද්ධිය මොට කරන හරසුන් මෙගා රැල්ලකි. අධ්‍යාපනය තුළද ඇති අසීමාන්තික අවිවේකී තරඟකාරී රැල්ල තුළ අතරමං වූ සමහර තරුණ තරුණියන් ඔවුන් තුල වූ වෛරී සිතුවිලි මුදාහැරීමටද මෙවැනි මුග්ධ ක්‍රියා කිරීමට පෙළඹේ...
හිරේදී ඉතින් දැන් පශ්චාත් භාගේ පරිස්සම් කරගන්න වෙනවා! මෙහෙමත් හරක්!!!
මේවා නං බොරු වැඩ. මේ කොල්ලෝ ටික ඔය ෆොටෝ එක ගත්තේ කොලු කමට ෆන් එකට. උන්ට කාටවත් අපහාස කරන්න උවමනාවක් නං තිබිලා නැතුව ඇති. ලංකාවේ හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගන්නවා. මේ කොල්ලෝ අත්අඩංගුවට ගන්න කාලේ වෙන වැදගත් වැඩකට යොමු කරන්න තිබුනා. එහෙමනං ඔය ඉස්සරහ සීගිරියේ ලලනාවෝ අඩනිරුවතින් ඇඳපු කාශ්‍යප රජ්ජුරුවන්ට කවුරුත් මොකුත්ම කිව්වේ නැහැ නේ.
තැලෙන යකඩේ තව උඩ පැන පැන තලන්නේ නැතුව තරුණ ජීවිතවලට නිසි මග පෙන්වන්න.. සමහරවිට මෙම සිද්ධියෙන් ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වෙන්න පුළුවන්.. මෙතැනදී කරපු වරද හරි කියනවා නෙමේ මම.. නමුත් තරුණ ජීවිත.. ඉතාමත් පරිස්සමට ගනුදෙනු කර මේ ප්‍රශ්නය හොඳින් විසඳන්න.. ඔවුන්ගේ ජීවිත අගාධයකට යොමු නොකර...
අායෙත් 1 වසරට දමන්න ඕනේ... මුල ඉඳලම ඉගෙන ගන්න.
රටේ ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුවට හොද පොටක්
කරපු වැඩේට වඩා මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුවට එල්ලෙන්න වැල් සප්ලයි කරාට...
කට්ටියම හිරේ යවන්ඩ.
මෙයාලට දිය යුතු ඉහළම දඬුවම ලබා දෙන්න ආයේ මේ වගේ දේවල් නොකරන්නම.
උස් තැන දැක හැකිළෙන්නේ, මිටි තැන දැක පුප්පන්නේ, නිවටුන් බව සිතමින්නේ,. උතුරේ බෞද්ධ පුරාවස්තු ඩෝසර් කරනවා, බෞද්ධ දර්ශනයට ගරහමින් පොත් ප්‍රකාශ කරනවා මේවා නොපෙනෙන පොලිසිය. නිරුවත පෙන්නපු දරුවන්ට නිතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරාවි. නව රැල්ලට යමින් නොමග ගිය මෙම දරුවෝ වරදක් කර ඇත්නම් සහ ඒය වරදක් ලෙස පිළිගන්නවානම් සමාව දියයුතුය. මේ සිද්දිය පාදක කරගෙන එම දරුවන්ගේ අනාගතය අදුරු නොකළ යුතුය.
ලංකාවට හොඳ ගුණගරුක ලාංකීය පිරිසක් ඕනෑ. එ වගේම මේ අයට නීතියෙන් දඬුවම් දෙන්න. පස්ස පෙන්නලා ලයික් ගන්න මානසිකත්වයට එහා ගිය තරුණ පැටව් ටිකක් අපිට ඕනෑවෙලා තියෙන්නේ... හැම ක්ෂේත්‍රයම පිරිහිලා තියෙන්නේ. එ්නිසා දවසින් දවස අගාධයට යන අපේ රටේ තරුණ පරපුර මීට වඩා වගකීමෙන් වැඩ කරන පිරිසක් විය යුතුයි. දේශපාලකයා මේක නැත්තටම නැතිකරලා දාන්න කලින් මේ රටේ වගකීමක් ඇති තරුණ කොටස් ඉස්සරහට ඇවිත් හොඳ හෙටක් සෑදිය යුතුයි.
උසාවියට ගෙනිහිල්ලා පස්ස පැත්තට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තියන්නේ නැතිව මේක ඔප්පු කරන්න බැහැ.
දැන් මේ ළමයි කඩකරලා තියෙන්නේ නිතිපොතේ මොන වගන්තිය යටතේ තියෙන නීතියද? මටපෙනෙන්නේ මෙයාල නීති හදනවා. වරදක් උනත් ඒකට නීතියක් සම්මත කරලා නැතිනම් එක වරදක් විදියට සලකලා දඬුව ම්දෙන්නේ හරි අත්අඩංගුවට ගන්නේ කොහොමද? ඒක මාර නිතියක්නේ?
කොලුකමටනේ. පලවෙනි වතාව නිසා අවවාද කරලා නිදහස් කරන්න. නැත්නම් මේක දුර දිග ගියොත් මෙයාලගේ මුළු ජීවිත කාලෙටම බලපාවි.
අද වෙලා තියෙන්නේ මොකක්ද කොලුකම, මොකක්ද කියන එක දන්නේ නැති වීම. කෙසේවෙතත් පොලිසිය මෙතරම් ඉක්මනින් මොවුන්ව අත්අඩංගුවට ගැනීම හොඳයි. මෙය, මෙවැනි දේ ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන අයට හොඳ පාඩමක් වේ යයි සිතමි.
රටක ඉතිහාසය, සංස්කෘතිය තම රටටම අනන්‍ය වූ දේවල්. 2000ට පෙර ළමා කාලය ගෙවපු අය පාසල් අධ්‍යාපනය තුලින් රටට ආදරයක් ගෞරවයක් ඇතිවෙන වදිහට ගොඩක් දුරට වැඩ කැරනවා මම දන්නා ආකාරයට... රටක් දියුණු වෙන්න ඕනෑ කියලා රටේ ඉතිහාසය අධ්‍යාපනයෙන් ඉවත් කළාම උදේ නැගිට්ට හැටියේ ඉඳලා රෑට නින්ද යනකල්ම ආදරේ ඉල්ලා අඬන FM කඩවලයි, හරයක් නැති මෙගා ටෙලිඩ්‍රාමා දේශපාලනයයි පෙන්වන රූප පෙට්ටි වලටයි රටේ ඉතිහාසයක් වැදගත් දෙයක් සමාජගත කරන්න වෙලාවක් කොහෙන්ද? හැමදේටම පෙර හරි අධ්‍යාපනයක් ඔළුවලට නොලැබෙන දේ... නියපොත්තෙන් කඩන්න තියනදේ පොරවෙන් කපනකල් බලන් ඉඳිමු.
මේක හිරේ දාන්න, අත්අඩංගුවට තරම් දෙයක් නොවෙයි. මීට වඩා බරපතල අපරාධ කරපු අය යහතින් වැජඹෙනවා. කිසිම අත්අඩංගුවට ගැනීමක් නැහැ. අපේ අයත් මෙහෙම පොඩි දෙයක් අල්ලාගෙන දඟලනවා. දේශපාලකයින් කරන හොර වැඩ ගැන කිසිම කතාවක් නැහැ.
සුද්දියෙක් මේ වගේ වැඩක් කරා කියල අපේ රටේ සභ්‍යත්වයට නොගැලපෙන දෙයක් කිරීමට තරම් මේ අය ඊටත් වඩා දුරක් ගිහින් තිබෙනවා ! වයසේ වැරැද්ද, පළමු වර නිසා වරද පිළිගෙන පොලිසියෙන්, උසාවියෙන්, සීලාචාර සමාජයෙන් සමාව ගෙන සුදනන් වගේ සමාජයට යළි එකතුවෙන්න මේ අයට අවස්ථාවක් උදා නොවෙනු ඇත. සමාජය කොන් කරනු ඇත.
මේ අය වරදක් කර තිබෙනවා. කවුරු හරි හිතනවා නම් රටේ නීතිය අනුව වරදක් කර නැහැ කියලා උසාවිය ඉදිරියට ගිහිල්ලා පැමිණිල්ලට විරුද්ධව සාක්ෂි දීලා පුළුවන්කමක් තියනවා නම් මොවුන් නිදහස් කර පෙන්වන්න. ඒ වගේම කල වැරැද්ද අනුව දඬුවම් දිය යුතුයි. මෙයාලට සමාව දුන්නම වෙන්නේ බුකියේ මෝඩයෝ අතරේ මේ අය වීරයන් වෙන එක විතරයි. එහෙම වුණාම වෙන්නේ මෙවැනි නීතිවිරෝධි හා සමාජ විරෝධි ක්‍රියා රැල්ලක් සේ සමාජයේ මෙවැනි වයස් කාණ්ඩ තුල පැතිරීමේ ප්‍රවණතාවයක් ඇතිවීමට ඉඩකඩ නිර්මාණය වීමයි. තමන්ට ජනප්‍රිය වෙන්න වීරයෝ වෙන්න කළ හැකි බොහෝ දේ මේ සමාජය තුළ ඇතත් බාල අසීලාචාර ක්‍රම ඒ සඳහා භාවිතා කරන්නේ තමන්ගේ නොහැදියාව සහ නූගත්කමේ ප්‍රතිඵලයක් වශයෙනි..
මේ අය වරදක් කර තිබෙනවා, කවුරු හරි හිතනවා නම් රටේ නීතය අනුව වරදක් කර නැහැ කියලා උසාවිය ඉදිරියට ගිහිල්ලා පැමිණිල්ලට විරුද්ධව සාක්ෂි දීලා පුලුවන්කමක් තියනවා නම් මොවුන් නිදහස් කර පෙන්වන්න. ඒ වගේම කළ වැරැද්ද අනුව දඬුවම් දිය යුතුයි. මෙයාලට සමාව දුන්නම වෙන්නේ බුකියේ මෝඩයෝ අතරේ මේ අය වීරයන් වෙන එක විතරයි. එහෙම වුණාම වෙන්නේ මෙවැනි නීතිවිරෝධි හා සමාජ විරෝධි ක්‍රියා රැල්ළක් සේ සමාජයේ මෙවැනි වයස් කාණ්ඩ තුල පැතිරීමේ ප්‍රවණතාවයක් ඇතිවීමට ඉඩ කඩ නිර්මාණය වීමයි. තමන්ට ජනප්‍රිය වෙන්න වීරයෝ වෙන්න කළ හැකි බෝහොදේ මේ සමාජය තුළ ඇතත් බාල අශීලාචාර ක්‍රම ඒ සදහා භාවිතා කරන්නේ තමන්ගේ නොහැදියාව සහ නූගත්කමේ ප්‍රතිඵලයක් වශයෙනි.
හෙට දින දළදා මාලිගාව හෝ තමුන් ඉගෙනුම ලැබූ පාසල ඉදිරිපිටදී මෙවන් දේ කිරීමට සමහරක් අය අභියෝග හැටියට බාර ගනීවි...
ආයෙත් සංස්කෘතික පොලිස්කාරයෝ ෆෝම් වෙලා. අපේ රටේ තරම් හරක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ. දැන් රෙදි උස්සගෙන එන්න එපා. හරි දේ හරි කියන්නත්, වැරදි දේ වැරදියි කියන්නත් අපිට අයිතියක් තියෙනවා. මේ වගේ හරක් වැඩත්, මේ වගේ හරක් තීන්දු තීරණ සහ ක්‍රියාකාරම් වලිනුත් වෙන්නේ රටත්, සංස්කෘතියත් හෑල්ලු වෙන එක... ලෝකේ කිසිම රටක් නිරුවත නීතිය මගින් යට කරලා නෑ. එ්කට හේතු තියෙනවා. 1800 අගභාගය වෙනකම් ලංකාවේ කුල කාන්තාවෝ හැර, වෙනත් කාන්තාවන් උඩුකය වසා ඇන්දේ නෑ. ඒ කියලා කාටවත් ඒක ප්‍රශ්නයක් වුනෙත් නෑ. ඒ කාලේ ඉඳලා මෑතක් වෙනකම්ම කුඹුරු කෙටුවේ, ගෙදර, වත්ත පිටියේ වැඩපොළ කලේ, අමුඩ ඇඳලා. ඒක කාටවත් ප්‍රශ්නයක් වුනෙත් නෑ. ළමයි හිටියේ නිරුවතින්. ඒ බව අන්තර්ජාලයෙන් සහ එදා හෙළදිව පොතෙන් බලාගන්න පුළුවන්... ඒත් අද එ්ක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බලන මිනිස්සු පිරිහිලා නිසා මිසක්, කරන මිනිස්සුන්ගේ වැරැද්ද නිසා නෙමෙයි. ගෑනියෙකුට පාරේ බැහැල යන්න බැරි රටක, වාහනයකින් පාරක යන්න බැරි රටක සදාචාරය ගැන කතා කරන්න කලින් තමන් හරියට හැදිලා ඉන්න එක තමයි වටින්නේ....
රටේ ලොකු හොරු සමග හෙළුවෙන්... මේක තවත් රඟපෑමක් වගේ.. බැඳුම්කරේ... අපේ රට මෝඩයින්ට අන්දන්න හරි ලේසියි.
දැනට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සෙල්ල පිටිසර පළාත්වල වැසිකිලි තිබුනේ නැහැ. ඒ කාලේ ඒ රාජකාරිය කරන්න කවුරුත් වගේ ගියේ කැලෑවට.`එළිබහින්න` යනවා කියලයි ඒකට කිව්වේ. අතපය හෝදගන්න යනවා කියලා හෝදගන්න ගියේ ගමේවැවට. අප්පච්චියේ මේ සුද්ධවන්තයෝ ඒ කාලේ හිටියා නම් .. සිංහලයා මලා තමයි!.
ආලින්දයේ තියෙන රූප පෙට්ටියයි, අතේ තියෙන හෑන්ඩ් ෆෝන් ගැජට්ටුවයිමගින් දරු පරපුර නොමග යන බව තවත් වතාවක් දෙන සාක්කියක් තමයි මේ...
ඔන්න! මඩුවලිගෙන් තලනවා නං හොඳ අවස්ථාවක්...
සමහර අය දාල තියෙන අදහස් බැලුවම මෙම වරද සාධාරණීය කරන්න උත්සහ ගන්නවා. කොලු කම, නොදන්නා කම වැනි දෑ පවසමින්. නමුත් මුල් වතාවේම තරවටුවක් නොකොළොත් තවත් බැරෑරුම් දේ වලට යොමු වෙන්න ඉඩ තියෙනවා. එනිසා මම නම් කියන්නේ දඩුවමක් දිය යුතුයි. නමුත් ඔවුන්ගේ ජීවිත ගොඩ ගන්න ගමන්. දැනට හම්බ වෙලා තියෙන දඩුවම ම ඇති ඔවුන්ට හැදෙන්න. දන්නා කියනා අයට ඔවුන් මුහුණ දෙන්නේ කොහොමද? මේකට සම්බන්ධ නැති සම වයසේ යහළුවෝ පවා දැන් ඔවුන්ව ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ දෙමාපියනුත් ඔවුන්ගේ සම්බන්ධකම් නවත්වන්න බල කරයි. එනිසා තරුණ ජීවිත අකාලයේ පරවෙන්න දෙන්න නැතුව රැක ගත යුතුයි.
ෂරියා නීතිය ඕනි කියලා හිතෙන්නේ මේවා සාධාරණ කරලා දාල තියන අදහස් දැක්කාම